ජැට් හෝල්ඩින්ග්ස්, තාරුණ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

0

ශ‍්‍රී ලාංකාවේ ප‍්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප‍්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය. ප‍්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු කුසලතා පූර්ණ තරුණ තරුණියන් සහ ශ‍්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම වැඩසහන පවත්වනු ලබන අතර, එහිදී ඔවුන්ගේ දැනුම, ප‍්‍රායෝගිකත්වය සහ වෘත්තිමය නිපුණත්වය ගොඩනැඟීම සඳහා අවස්ථාවක් ලබාදෙනු ලැබේ.

ජැට් හෝල්ඩින්ග්ස් සමාගම තමන්ගේ ආයතනික උපායමාර්ගයේ වඩාත්ම තීරණාත්මක සාධකය ජනතාව බව හදුනාගෙන ඇති අතර, GIZ වෘත්තීය පුහුණුව සමඟ සම්බන්ධ වී තරුණ්‍යයේ වෘත්තීය දක්‍ෂතාවන් ඉහළ තලයකට ගෙන එමින්, වෘත්තීය ක්ෂේත‍්‍රයේ සහ සැබෑ ලෝකයේ ඔවුන් මුහුණ දෙන අභියෝගයන්ට සාර්ථකව ප‍්‍රතිචාර දැක්වීමේ හැකියාව ඔවුන් තුල ඇති කිරීමට කටයුතු කරයි. තවද දිගුකාලීන දැක්මකින් යුතු ජැට් හෝල්ඩින්ග්ස් ආයතනය, කාර්යාලය තුළ සහ ඉන් බාහිරවද ඉගෙනුම් පරිසරයක් පෝෂණය කිරීමේ කාර්යය විශ්වාස කරන්නකි.
රට පුරා, විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ වල සුදුසුකම් සහිත පුද්ගලයන් සහ ප‍්‍රවීණයන්ගේ හිඟකම, බොහෝ විට ව්‍යාපාර තරඟකාරිත්වය සීමා කරන අතර සංවර්ධනය සඳහා එය බාධාවක් වී තිබේ. එම නිසා මෙම වැඩසටහන හරහා තරුණ තරුණියන් ආයතනික වටිනාකම් මත පදනම්ව රටේ පෞද්ගලික අංශයේ ආයෝජනයක් ලෙස සමාජයට ආපසු දායාද කීරීම ජැට් හෝල්ඩින්ග්ස් හි අරමුණ යි.

මෙම ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව, යාපනය සහ මාතර යන ප‍්‍රදේශයන්හි අවම වශයෙන් සිසුන් 100 දෙනෙකු පුහුණු කර ඔවුන්ගේ වෘත්තීය හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීමට නියමිතයි. මෙම පෙළඹවීම තුළින් තරුණ තරුණියන් දිරිගැන්වීම, ප‍්‍රජාවන් සංවර්ධනය කිරීම සහ ඔවුනගේ ජීවිත නැවත ගොඩනැංවීම ජැට් හෝල්ඩින්ග්ස් හි අපේක්ෂාව වී තිබේ.

ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ, මෙම නිමක් නොමැති සහයෝගයත් සමගම විවිධ පෞරුෂයන් සහිත තරුණ තරුණියන්ට අධ්‍යයන සුදුසුකම් පිළිබඳව පසුතැවීමකින් තොරව, මෙම පුහුණුව ලබා ගැනීමට හැකි වීම විශේෂත්වයක් වේ. ප‍්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු තරුණ තරුණියන්ට සහ ශ‍්‍රවණාබාධිත තරුණ තරුණියන්ට මූලික අධ්‍යාපන කුසලතාවන්, අලූතින් ලබාගත් නිපුණතා සහ සැලසුම් නිර්මාණය කිරීමේ හැකියාවත්, බහු කාර්යයන් හා සන්නිවේදනය යන වෘත්තීය ක්ෂේත‍්‍ර පිළිබදව ඉගෙනීමේ වරප‍්‍රසාදයත් මේ හරහා ලැබේ. මාස 5 සිට 12 දක්වා සහතික කාලයක් සහිතව, GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය මඟින් සිසුන්ට ඔවුන්ගේ සමස්ත පුහුණුව නොමිලේ ලබා ගැනීමට සහ සංවර්ධනය කිරීමට මගපෙන්වනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *