හච්, ත්‍රෛ භාෂා සෙල්ෆ් කෙයාර් ඇප් සමග ඉහළම ඩිජිටල් අත්දැකීමක්

0

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක 4G ජාල ආවරණයෙන් හා එටිසලාට් හවුල්කාරිත්වයෙන් යුතුව පිදෙන 2G/3G ජාල ආවරණයත් සමග පාරිභෝගිකයින් වෙත අසම සම සේවාවක් පිරි නමන හච්, සිය නවතම සෙල්ෆ් කෙයාර් ඇප් (යෙදවුම) නිකුත් කරමින්, මේ වන විට 078 හා 072 යන හච් අංක භාවිත කරන සිය පාරිභෝගිකයින් හට සම්පූර්ණ ඩිජිටල් අත්දැකීමක් හිමි කර දී තිබේ.  

හච් පාරිභෝගිකයින් වෙනුවෙන් පිරි නමන වටිනා සේවාවන් අතර, එක් යෙදවුමකින් සියලු අත්‍යවශ්‍ය සේවාවන් 400 කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසන ක්ෂේත්‍රයේ එකම ත්‍රෛ භාෂා යෙදවුම වශයෙන්, සෙල්ෆ් කෙයාර් ඇප් ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳව හච් ආඩම්බරයට පත් වෙයි.

“මෙම යෙදවුම මගින් අපගේ පාරිභෝගිකයින් හට පිරි නැමෙන ප්‍රධානම වාසි හැටියට එහි සරල බව හා විනිවිද පෙනෙන බව වගේම, එය භාවිතා කිරීමට දත්ත වැය නොවීම සඳහන් කරන්න පුළුවන්. මෙම යෙදවුම නිර්මාණය කිරීමේදී, එමගින් සේවාවන් ලබා ගැනීමේ පහසුව, ඩේටා වැය වීමේ විනිවිද භාවය, ඉතිරි මුදල් ප්‍රමාණය දැන ගැනීම, ආදී කරුණුවලට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඊට අමතරව, බොත්තමක් ඔබන ප්‍රමාදයෙන් තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය කරන අපගේ කාර්ය බහුල පාරිභෝගිකයින්ගේ එම අවශ්‍යතාවය මෙම යෙදවුම මගින් අවම පියවර කිහිපයකින් හා සැහැල්ලු සේවාවකින් ඉටු කර දෙනවා. හච් සෙල්ෆ් කෙයාර් ඇප් මගින් දැන් අපගේ පාරිභෝගිකයින්ට තමන්ගේ ප්‍රියතම හච් නිෂ්පාදන සමග පහසුවෙන් සම්බන්ධ වීමට පුළුවන්” හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පුද්ගලික) සමාගමේ දත්ත, වී.ඒ.එස් හා ඩිජිටල් සහකාර සාමාන්‍යාධිකාරී යාර්තව් මාතියපරනම් සඳහන් කරයි.  

හච් සෙල්ෆ් කෙයාර් ඇප් මේ වන විට Apple App Store හා Google Play Store හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. යෙදවුම ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කර ගැනීමෙන් අනතුරුව, තම දුරකතන අංකය ඇතුළත් කිරීමේ හා රසහ්‍ය අංකය ඇතුළත් කීරීමේ පියවර දෙකකින් පසු, පහසුවෙන් ඊට ලියාපදිංචි වීමේ හැකියාවද පවතී.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *