කාන්තාවන් 5000ගේ සහභාගීත්වයෙන් යුතුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට මීගමුව රොටරි සමාජය සූදානමින්

0

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 අද දිනට යෙදී තිබේ. ලොව පුරා කාන්තාවන්ගේ අයිතීන් සුරැකෙන හා ඒ සම්බන්ධයෙන් විශේෂ කථිකාවක් සිදුවන දිනයක් ලෙස ද කාන්තා දිනය හැදින්විය හැකිය.ශ‍්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුල මේ වන විට කාන්තා නියෝජනය වර්ධනය වී ඇති අතර වෘත්තියවේදීන් ලෙස වර්තමාන කාන්තාව පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පවුලේ කොඳු නාරටිය බවට පත්ව ඇත.

මේ වසරේ ලෝක කාන්තා දිනය නිමිත්තෙන්  කාන්තාවගේ ඉදිරි උන්නතිය සඳහා සමතුලිත අවස්ථා උදා කිරීම සහ රැකියාවන්හි නිරත කාන්තාවන් ඇගයීම විෂය කොටගත් “කාන්තා සවිය” තේමාව යටතේ සැමරුම් උත්සවයක් පවැත්වෙන බව මීගමුව රොටරි සමාජය දැනුම් දෙයි.  රැකියාවන්හි නිරත සහ නිරත නොවන කාන්තාවන් 5000ගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වෙන මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන මීගමුව රොටරි සමාජය ශ්‍රී ලංකාවට විශාල මෙහෙවරක් සිදු කරන වසර 83ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුකම්කම් කියන සමාජයකි.

ඔවුන් විසින් මාර්තු 8 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය අති  උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා මිගමුව ඇවෙන්රා හෝටල් පරිශ්‍රයේදී වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. පසුගියදා විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජූරි ( Caroline Jurie ) මහත්මිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහ හරහා උපයන සියලුම මුදල් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වන අරමුදලකට බැර කරනු ලැබීම සුවිශේෂී කරුණකි.  මෙම උළෙලේදී කැරොලින් ජූරි මහත්මිය ඇතුළු තවත් සමාජයේ ප්‍රසිද්ධ කාන්තා චරිත ත්‍රිත්වයක් විසින් කාන්තාවන් අධ්‍යාපන, සමාජීය, දේශපාලනමය සහ මානසික වශයෙන් සවිබල ගැන්වීම පිළිබඳ විශේෂ සාකච්චාවක්ද පැවැත්වීමට නියමිතය.  තවද මෙම වැඩසටහන සඳහා මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ, ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික් හිටපු ආණ්ඩුකාර ගෞරි රාජන්, ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා අතර සිටින නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වේ.

කිසියම් රටක් කාන්තාවට සම තත්ත්වය ලබාදී ඇය රාජ්‍ය පාලනය දක්වා ඔසවා තැබීම වූකලී සමාජ සංවර්ධනයේ ඉහළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එම තත්වය  කර ශ්‍රී ලංකාව ළඟා කර වීමට ” කාන්තා සවිය” යන සුවිශේෂී තේමාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහන දේශීය කාන්තාවන් සමාජය තුල මෙන්ම රැකියාව බලගැන්වීම, ඔවුන්ගේ කාර්යභාරයේ වටිනාකම හඳුනා ගැනීම සහ ඇගයීම උදෙසා සංවිධානය කරයි. 

මෙම වැඩසටහන තුලදී සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය නගා සිටුවීම සඳහා ද අත්වැලක් සපයමින් විවිධ සුළු ව්‍යාපාරයන්හි නිරතවන කාන්තාවන්ට ඔවුන්ගේ භාණ්ඩ හා සේවා පැමිණෙන පිරිසට ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීමට අවස්ථාවන්ද ලබා දී ඇත.  රාත්‍රිය වන තුරුම මෙම භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ඒ අතරතුර විශේෂ තේ පැන් සංග්‍රහයක් සමඟින් කාන්තා සවිය යන තේමාව යටතේ විශේෂ දේශනා මාලාවක් පැවැත්වීමට නියමිතය.  මාර්තු 8 දිනය පුරාම පැවැත්වෙන මෙම සුවිශේෂී වැඩසටහන උදෑසන 9 සිට රාත්‍රිය දක්වාම පැවැත්වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *