යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් වෙතින් නිරෝගී දිවියකට අත්වැලක්

0

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ජීවිත රක්ෂණ හිමියන්ට වඩාත් නිරෝගී ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීමේ පියවරක් වශයෙන් යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ වැඩසටහන යටතේ ඔවුන්ට තෝරාගත් සෞඛ්‍ය සේවාවන් සඳහා ආකර්ෂණීය වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට නවලෝක ප‍්‍රිමියර් වෙල්නස් සෙන්ටර් වෙතින් සහ එරික් රාජපක්ෂ  හා  විෂන් කෙයාර් දෘෂ්ටි විශේෂඥයන් වෙතින් විශේෂ වට්ටම් හිමිවනු ඇත.

නවලෝක ප‍්‍රිමියර් වෙල්නස් සෙන්ටර් හිදී වඩාත් නිරෝගී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වන සේවාවන් රාශියක් සඳහා වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. විෂන් කෙයාර් හිදී රක්ෂණ හිමියන්ට ඇස් කන්නාඩි අවු කන්නාඩි සහ ශ‍්‍රවණාධාර සඳහා 10%ක වට්ටමක් හිමිවන අතර එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයන් වෙතින් ඇස් කන්නාඩි සහ අවු කන්නාඩි සඳහා 15% ක් දක්වා වට්ටම් හිමි වේ.

තම පවුලේ අයට නිසි රැකවරණයක් ලැබීම ඔස්සේ ලැබෙන සිතේ සැහැල්ලූව සමගින්ම නව වසරේ වඩාත් නිරෝගී ජීවිතයක් ගතකිරීම සඳහා රක්ෂණ හිමියන්ට අත්වැලක් වීම යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් වැඩසටහනේ ඉලක්කය වී ඇත.

මෙම දීමනාවන්ට සුදුසුකම් ලැබීම සඳහා 2020 මාර්තු 31 දිනට පෙර රක්ෂණ සැලසුමක් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වේ. එමෙන්ම මෙම දීමනාව වලංගු වන්නේ මාසිකව රු. 15,000 ට ඉහළ වාරික සහිත යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සඳහා පමණි.

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමග තමන්ට සහ තම පවුලේ අයට නිසැක රැුකවරණයක් සහතික කරගන්නා අතරම යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස්’ සමගින් වසර පුරාම වට්ටම් සහ ඉතුරුම් හිමිකර ගැනීමට රක්ෂණ හිමියන්ට දැන් අවස්ථාව හිමිවී තිබේ.

යුනියන් ඇෂුවරන්ස් යනු මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පිටුබලය හිමි එම සමාගමට දශක තුනකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට ශ‍්‍රී ලාංකිකයන්ට මැනවින් ගැළපෙන විසඳුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, සමාගමේ සුදුසුකම් සපිරූ හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය එම විසඳුම් හා සේවාවන් ජනතාවට සමීප කරවීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

වැඩි විස්තර සඳහා 011 2 990 009 අමතන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *