ලංකාසෝයි වෙතින් තවත් නව්‍ය නිෂ්පාදන දෙකක්: මිරිස් මාළු හා අලකරිය

0

කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා පාරිභෝගිකයෝ ඉතා කැමැත්තෙන් යුතුව එම නිෂ්පාදන මිලදී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලංකාසෝයි අල කරිය, මෙරට සෝයා නිෂ්පාදනවලට හුරු පාරිභෝගිකයින් හට, කිසිදා අත් නොවිඳි අලුත් රසයක අත් දැකීමක් පිරි නමමින්, කිරට සැකසූ අල ව්‍යංජනයක රසින් ඔවුන් අතට පත් වෙයි. මිරිස් සැරට කැමති පාරිභෝගිකයින් වෙනුවෙන් වෙළෙඳ පොළට නිකුත් කළ, සාම්ප්‍රදායික මිරිස් මාළු රසයෙන් යුතු ලංකාසෝයි මිරිස් මාළු කරිය, හුරුපුරුදු මිරිස් මාළු ව්‍යංජනයක රසය නොඅඩුව විඳ ගැනීමේ අවස්ථාව සලසයි. මෙම නිෂ්පාදන ද්විත්වයම වෙළෙඳ පොළට නිකුත් කෙරෙන්නේ අනර්ඝතම ශ්‍රී ලාංකේය කුළුබඩු යොදා කර සාදන ලද තුනපහ මිශ්‍රණ පැකට්ටුවද සමගය.

එම නිෂ්පාදන ද්විත්වයද ඇතුළත්ව, සී. බී. එල්. අනුබද්ධ කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම වෙළෙඳ පොළට නිකුත් කරන ලංකාසෝයි, මේ වන විට ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ප්‍රිය කරන රස රැසකින් සමන්විතව ඔවුන් අතට පත් වෙයි. විවිධ ජන කොටස්වල මෙන්ම, ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ආවේණික රසයන් හඳුනා ගනිමින් ඊට සමාන රසයෙන් යුතු නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කිරීම නිසා, ලංකාසෝයි නිරතුරුවම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ පැසසුමටද පාත්‍ර වෙයි. 

මස් මාලු ආහාරයට නොගන්නා පිරිස වෙනුවෙන් මේ දක්වා බිහි වුණු හොඳම ආදේශකය ලෙස ටෙක්ස්චර්ඩ් සෝයා ප්‍රෝටීන හෙවත් සෝයා මීට් සැලකේ. පාරිභෝගිකයින්ට පහසුවෙන් දැරිය හැකි මිලකට ලංකාසෝයි නිෂ්පාදන වෙළෙඳ පොළෙහි තිබීම නිසා සෑම ලංකාසෝයි නිෂ්පාදනයක්ම, දිවයින පුරා එකසේ අලෙවි වෙයි. කලින් කලට පාරිභෝගිකයින් හට විවිධ රසයන් ඉදිරිපත් කරමින්, ලංකාසෝයි තිස් වසරකට අධික කාලයක් ශ්‍රී ලාංකීය සෝයා වෙළෙඳ පොළ තුළ අද්විතීය ස්ථානයක් අත්කර ගෙන සිටියි.

 “විවිධ ආහාර නිෂ්පාදන වෙළෙඳ පොළේ තිබුණත්, සෑම සමාජ කොට්ඨාසයකම, සෑම සමාජ තලයක් වෙතම ළඟා විය හැකි ආහාර නිෂ්පාදන අතළොස්සක් පමණයි තියෙන්නෙ. ඒ අතරින් ලංකාසෝයි ඉදිරියෙන්ම තිබෙනවා” CBL Food Cluster හි සාමාන්‍යාධිකාරී අලෙවි, ජයංග පෙරේරා සඳහන් කරයි.  

ශ්‍රී ලංකාවේ සෝයා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියා මෙන්ම දැවැන්තයාද වන ලංකාසෝයි, ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS) හිමි කර ගත් ප්‍රථම සමාගම බවට ද පත් ව තිබේ. ඉහළ ගුණාත්මක බව රැකගනිමින් නිෂ්පාදන ක්‍රියාවලියකට අනුගත වීම නිසාම, සිය නාමය රට තුළ ස්ථාපිත කර ගනිමින්, ISO 9001:2015, ISO 22000:2005, GMP, HACCP තත්ත්ව හා ආහාර සුරක්ෂිතතා පද්ධති සහතිකකරණයන් ද හිමි කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ නාමය ලෙසින් වන SLIM සම්මානය, ජාතික ඵලදායිතා සම්මානය හා CNCI කර්මාන්ත විශිෂ්ටතා සම්මානය ආදිය ලංකාසෝයි හිමි කරගත් සම්මාන අතර සුවිශේෂී වෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *