Mid-range මාදිලියේ Smartphones අතර ප්‍රමුඛයා Huawei Y7P

0

ජංගම දුරකතන තාක්ෂණයේ නවොත්පදකයින් වන Huawei සමාගම විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දෙන ලද  නවතම   Huawei Y7P ස්මාර්ට් දුරකථනය සඳහා ඉහළ පාරිභෝගික ඉල්ලුමක් පවතී.  විශිෂ්ට ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සහිත කැමරා පද්ධතියකින්, වැඩි දත්ත සහ ගොනු ප්‍රමාණයක් රඳවා ගත හැකි ආකාරයේ ඉහළ මතක ධාරිතාවයකින් සහ ආකර්ෂණීය නිමාවකින් එන  Huawei Y7P, ඉතා අඩු මුදලකට මිලදී ගැනීමේ හැකියාව සියලු ශ්‍රී ලාංකීය පරිභෝගිකකින්ට දැන් හිමි වී ඇත. 

ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප ලබා ගැනීම පහසු කිරීම සඳහා Intelligent rear කැමරා ත්‍රිත්වයකින්, 48MP ප්‍රධාන කැමරාවකින්, 8MP Ultra Wide Angle කැමරාවකින් සහ 2MP depth කැමරාවකින් Y7P සමන්විතවේ. තවද Y7Pහි සුවියේෂී AI intelligent scene recognition තාක්ෂණය හරහා ස්වයංක්‍රීයව කාණ්ඩ 21ක් පුරා 500කට අධික දර්ශන ප්‍රමාණයක් තත්කාලීනව  හඳුනා ගැනීයේ පහසුකම සපයයි. Nano-texture තාක්ෂණය හරහා වැඩි දියුණු කරන ලද 2.5D දුරකතනයේ පසුපස නිමාව සමඟින් එන Huawei Y7P අලංකාර Aurora Blue සහ  Midnight Black වර්ණ ද්විත්වයෙන් වෙළද පොළට පැමිණේ. AI stabilization තාක්ෂණය සහ තප්පර 6ක exposure කාලයක් ඒකාබද්ධ කර ඇති Y7P හි handheld night mode හරහා ඉතා අඩු ආලෝක තත්වයන් තුලදී ඉතා පැහැදිළිව  ඡායාරූප ලබා ගැනීමේ පහසුව සපයයි.

වඩාත් පුළුල් තිරයක අත්දැකීම පරිශීලකයාට ළඟා කරලීම සඳහා 90.15% screen-to-body ratio සහිත  අඟල් 6.39 තරම් වූ Punch FullView තිරයකින් Y7P යුක්ත වේ. තවද නවතම blind hole තාක්ෂණය මඟින් දුරකතනයේ ඉදිරිපස කැමරාව, එහි තිරයට යටින් පිහිටා ඇති අතර, ඒ හරහා කිසිඳු බාධාවකින් තොරව තිරය පරිහරණය කිරීමේ පහසුව පරිශීලකයාට හිමි වේ.  4GB RAM සහ  64 GB ROM සමඟින් එන Huawei Y7P එහි ඇති විශාල මතක ධාරිතාවය හේතුවෙන් වෙළඳපොල තුල දැඩි ආකර්ෂණයකට ලක් වනු බව කිව හැකි අතර, මේ හේතුවෙන් පරිශීලකයින්ට කිසිඳු බාධාවකින් තොරව applications කිහිපයක් වුවත් එක වර ක්‍රියාත්මක කිරීමේ හැකියාව හිමි වේ. EMUI 9.1 මඟින් Y7P බලගන්වා ඇති හෙයින් අවම බල වැයවීමක් සහ වේගවත් ක්‍රියාකාරීත්වයක්ද සනාථ කරයි.

Huawei Y7P හි විශේෂත්වය වනුයේ Apps ලබා ගැනීම සඳහා Huawei AppGallery එක අන්තර්ගත වීමයි.  Huawei ID එක භාවිතා කිරීමෙන් පරිශීලකයින්ට ඉතා පහසුවෙන් සහ ආරක්ෂාකාරීව ඡායාරූප, වීඩියෝ, කැලැන්ඩර් සහ වැදගත් සටහන් යනාදිය Cloud Storage හි තැම්පත් කිරීමට අවස්ථාව හිමි වේ. තවද Huawei AppGallery හරහා තමන්ට අවශ්‍ය පරිදි ආරක්ෂිතව Apps ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පවතී. 

වැඩි වෙලාවක් ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් සඳහාම 4000mAh අධි බලැති බැටරියකින් සමන්විත Y7P හි ඉහළ  බල කාර්යක්ෂමතාවයක් පවතී.  ඒ හරහා කිසිදු බාධාවකින් තොරව නොනවත්වා පැය 22කට අධික කාලයක් වීඩියෝ නැරඹීමේ පහසුව, පැය 111ක කාලයක් පුරාවට සංගීතය සඳහා සවන් දීමේ පහසුව හෝ  පැය 20කට අධික කාලයක් අන්තර්ජාලයේ සැරිසැරීමේ පහසුව ලබා දේ. තවද පැය  2.5ක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුලදී දුරකථනය සම්පුර්ණයෙන්ම charge කර ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.  මෙවැනි අද්විතීය විශේෂාංග රැසක් සමඟින් එන Huawei Y7P හි සුවිශේෂී මිල වනුයේ  රුපියල් 31,999.00 කි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *