යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් හෝටල් දීමනා සමගින් සංචාරයේ අසිරිය සිත් සේ අත්විඳින්න

0

යුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් හෝටල් දීමනා සමගින් ශ්‍රී ලංකාවේ අසිරිය සිත් සේ විඳගැනීමට යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇත.

අර්ථවත් නිවාඩුවක සතුට අත්විඳින අතරම ඉතුරුම් හිමිකර ගැනීමට කැමති කාටත් මෙම දීමනාවන් අතිශයින් වැදගත් වනු නිසැක ය. මේ යටතේ ත්‍රිකුණාමලය, හික්කඩුව, හබරණ සහ මහනුවර වැනි ස්ථාන වල පිහිටි Cinnamon Hotels and Resorts ජාලයට අයත් හෝටල් වලදී 30% සිට 40% දක්වා වට්ටම් හිමි වේ.

හෙට දවසට නිසි රැකවරණයක් සලසාගෙන අද දවස තෘප්තිමත් ලෙස ගතකිරීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් ජීවිත රක්ෂණ හිමියන්ට 2020 වසර සතුටින් හා සැහැල්ලූවෙන් ගතකිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙම දීමනාවන්ට සුදුසුකම් ලැබීම සඳහා 2020 මාර්තු 31 දිනට පෙර රක්ෂණ සැලසුමක් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වේ. එමෙන්ම මෙම දීමනාව වලංගු වන්නේ මාසිකව රු. 15,000 ට ඉහළ වාරික සහිත යුනියන් ඇෂුවරන්ස් ජීවිත රක්ෂණ සඳහා පමණි.

යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ සමග තමන්ට සහ තම පවුලේ අයට නිසැක රැකවරණයක් සහතික කරගන්නා අතරම zයුනියන් ලයිෆ්ස්ටයිල් බෝනස් සමගින් වසර පුරාම වට්ටම් සහ ඉතුරුම් හිමිකර ගැනීමට රක්ෂණ හිමියන්ට දැන් අවස්ථාව හිමිවී තිබේ.

යුනියන් ඇෂුවරන්ස් යනු මෙරට විශාලතම ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පිටුබලය හිමි එම සමාගමට දශක තුනකට අධික ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. යුනියන් ඇෂුවරන්ස් සමාගම මේ වනවිට ශ්‍රී ලාංකිකයන්ට මැනවින් ගැළපෙන විසඳුම් හා සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති අතර, සමාගමේ සුදුසුකම් සපිරූ හා අත්දැකීම් බහුල කාර්ය මණ්ඩලය එම විසඳුම් හා සේවාවන් ජනතාවට සමීප කරවීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

වැඩි විස්තර සඳහා 011 2 990 009 අමතන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *