ඩීමෝ Life to Reef කොරල් රෝපණ හා සංරක්ෂණ ව්‍යාපෘතිය සාර්ථකව අවසන්

0

සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ), විසින් සිදු කරන රූමස්සල ලෝක ප්‍රසිද්ධ බොනස්විටා කොරල් පරය ආශ්‍රිතව කොරල් නැවත රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩසටහනෙහි තුන්වැනි අදියර පසුගිදා සාර්ථකව අවසන් විණි. තෙවැනි අදියර්දී  අක්කර 0.75 ක ප්‍රදේශයක කොරල් නැවත රෝපණය කෙරුණු අතර, ඩීමෝ සමූහය හරහා ඩීමෝහි අංශ ගණනාවක ස්වේච්ඡා සහභාගිත්වය ලබා ගනිමින්, බොනස්විටා කොරල් පරය ආශ්‍රිත ප්‍රදේශයේ අක්කර 3.25 ක් දක්වා කොරල් නැවත වගා කිරීම Life to reef වැඩසටහන මගින් මේ වන විට සිදු කර තිබේ.

1998 වසර වනතෙක් බොනස්විටා කොරල් පරය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ කොරල් පරයක් ලෙසත්, ඒ අවට සාගර ප්‍රදේශය හොඳින්ම සංරක්ෂණය කළ යුතු නිර්මල සාගර ප්‍රදේශයක් ලෙසත් හඳුනාගෙන තිබිණි. ඉන් කොරල් වැවී ඇති ප්‍රදේශය ප්‍රමාණයෙන් 1% ක් වුවත්, සාගර ජීවීන්ගෙන් 25% ක ප්‍රමාණයකට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර තිබිණි. 1998 හා 2016 ඇති වූ එල්-නිනෝ සංසිද්ධීන් නිසා, බොනස්විටා කොරල් පරයෙහි සජීවී කොරල් ආවරණය වැනසී ගොස් තිබිණි.

බොනස්විටා කොරල් පරයෙහි පෙර පැවති ජෛව විවිධත්වය යළි නිර්මාණය කිරීමේ අරමුණින්, වනජීවි හා සමුද්‍ර සම්පත් ආරක්ෂිතයෙහි (WORC) සහයෝගය ඇතිව, කොරල් සංරක්ෂණය කිරීමේ හා යළි රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ඩීමෝ, 2017 වසරේ ආරම්භ කර තිබේ. ඒ අනුව පසුගිය වසර දෙක පුරා, කොරල් වඩාත් හිඟ අක්කර 2 1/2 ක ප්‍රදේශයක අලුත් කොරල් රෝපණය කෙරිණි. තෙවැනි අදියර යටතේ රෝපණය කෙරුණු තවාන් දෙකෙහි අංකුර 120 ද ඇතුළත්ව, මේ දක්වා එක් වානේ රඳවනයක තවාන් තීර 04 ක් යටතේ කොරල් අංකුර 1500ක කොරල් රෝපණය කිරීම සිදු කර තිබේ.

“ Life to reef  ව්‍යාපෘතියෙහි අරමුණ තුළින් පෙන්නුම් කෙරෙන්නේ, ව්‍යාපාරික සීමාවන්ගෙන් බැහැරව ඩීමෝ වෙත පැවරී ඇති සාමූහික වගකීමයි. මේ පාරිසරික ආරක්ෂණ හා ජෛව විවිධත්ව සුරක්ෂණ වැඩසටහනෙහි ඇති අනෙක් සුවිශේෂී කාරණය තමයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කර ඇති පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම” ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.

2017 සෙ.මී 5 කට නොවැඩි උසින් යුතුව 2017 වසරේ රෝපණය කරන ලද කොරල් අංකුර මේ වන විට ශාඛා 25-30 දක්වා බෙදුණු, සෙ.මී 15 ක් තරම් උස කොරල් බවට වර්ධනය වී තිබේ. දෙචැනි අදියරේ කොරල් නැවත රෝපණය කිරීමේ වැඩසටහනෙන් අනතුරුව වනජීවි හා සමුද්‍ර සම්පත් ආරක්ෂිතය විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව, ඊට පෙර එම සමුද්‍ර ප්‍රදේශයේ සිටි වර්ග 70 ක ජීවින් අතරට, කොරල් පර ඇසුරෙහි ජීවත් වන තවත් සමුද්‍ර ජීවීන් වර්ග 200 ක් පිළිබඳව වාර්තා වී තිබේ. බොනස්විටා කොරල් පරය වර්ධනය වෙමින් පවතින බවට හොඳම උදාහරණය නම් කොරල් පර ආශ්‍රිතව ජීවත් වන Chaetodontidae යනුවෙන් හඳුන්වන සමනල මත්ස්‍යයින් එම ප්‍රදේශය තුළ නිරන්තරයෙන් දක්නට ලැබීමයි. මේ වන විට සමනල මත්ස්‍ය වර්ග 8 ක් බොනස්විටා කොරල් පරය ආශ්‍රිතව නිරීක්ෂණය කළ හැකි වන අතර, ඒන්ජල් ෆිෂ්, ස්ක්වයරල් ෆිෂ්, ලයන්ෆිෂ් හා කාඩිනල් ෆිෂ් ආදී අනෙකුත් වර්ගවල මත්ස්‍යයින්ද ඒ ආශ්‍රිතව නිරන්තරයෙන් දැකිය හැකි වේ. වර්තමානයේදී, බොනස්විටා කොරල් පරය ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග 25 කට ආසන්න කොරල් වාර්තා වී ඇති අතර, කොරල් නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය මගින් සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි වීම පිළිබඳව ඩීමෝ ඉමහත් ආඩම්බරයට පත් වෙයි.

CAMERA
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *