පාසල් සිසු සිසුවියන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ‘ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය’ යළි අරඹයි

0

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් වෙතින් ගෙන එන, මෙරට  වඩාත් විශ්වාසදායක මුඛ සත්කාරක සන්නාමයක් වන ක්ලෝගාර්ඩ් විසින්, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම ප්‍රවර්ධනය කිරීම සඳහා දීපව්‍යප්ත ප්‍රචාරණ වැඩසටහනක් ලෙස  සිය ජංගම දන්ත වෛද්‍ය සායනය දියත් කළ අතර, එම ජංගම දන්ත වෛද්‍ය සායනය මගින් පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීමේ සැසියක් මෙන් ම ඔවුන්ගේ දන්ත පරීක්ෂාවක් නොමිලේ සිදු කෙරිණි.

ක්ලෝගාඩ්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම  ජංගම දන්ත වෛද්‍ය සායනය සංවිධානය කළ අතර, අති සාර්ථක ලෙස මාස 2ක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු  එම වැඩසටහන මගින් දිවයින පුරා දරු දැරියන්  11,000 කට අධික සංඛ්‍යාවක් ආවරණය කෙරිණි. එමෙන් ම මෙම මාස දෙක තුළ දරු දැරියන් 6,500 කට අධික සංඛ්‍යාවක් නොමිලේ දන්ත පරීක්ෂාව සිදු කරගත්හ.  ක්ලෝගාඩ් ජංගම දන්ත සායනය තුන්වන මාසයේ දී ත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සීමිත මුඛ සෞඛ්‍ය පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශවල පාසල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන අතරතුර දී දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රියාකාරකම් ද ක්‍රියාත්මක කෙරුණු අතර, දන්ත වෛද්‍ය පරීක්‍ෂණය අවසානයේ දී දරු දැරියන්ට සිත් ඇදගන්නා සුළු ත්‍යාග ද ප්‍රදානය කෙරිණි. එහි දී ක්ලෝගාඩ් සුරතලා වන ‘චූටි ලේනා’ සායනයට සහභාගි වූ දරු දැරියන් දිරිගැන්වීම ද සුවිශේෂී අත්දැකීමක් විය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සමාගමේ අලෙවි  සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා ප්‍රකාශ කළේ, “ අපගේ ජංගම දන්ත වෛද්‍ය සායනය නැවත ආරම්භ කරමින්  මෙම ප්‍රචාරණ වැඩසටහන දියත් කිරීමට හැකිවීම ඇත්තට ම සතුටට කරුණක්.  මේ වන විට, මෙම සායනය හරහා විශාල දරු දැරියන් පිරිසක් වෙත ළඟා වීමට අපට හැකි වූ නිසා එය අතිසාර්ථක වැඩසටහනක් වුණු බව පැවසිය යුතු ම යි. මෙම වැඩසටහනේ මීළඟ අදියරේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ මීටත් වඩා පුළුල් ලෙස ආවරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ක්ලෝගාඩ් යනු ශ්‍රී ලංකාවේ වඩාත් ම විශ්වාසදායක මුඛ සත්කාර සන්නාමය වන අතර, ශ්‍රී ලාංකේය ජාතිය දත් කුහරවලින් තොර ජාතියක් බවට පත් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස රට පුරා තවත් මෙවැනි ජංගම දන්ත වෛද්‍ය සායන අඛණ්ඩව පැවැත්වීමට ක්ලෝගාඩ් අරමුණු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *