බේබි ෂෙරමි safety institute පිහිටවමින් ශ්‍රී ලංකාවේ ළදරු සත්කාරක නිෂ්පාදනවල සුරක්ෂිත බව වැඩි දියුණු කිරීම වෙනුවෙන් බේබි ෂෙරමි මුල පුරයි

0

ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය ළදරු සත්කාරක  සන්නාමය වන බේබි ෂෙරමි සිය නිෂ්පාදනවල ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නංවමින්, තත්ත්වයෙන්  වඩාත් උසස් ළදරු සත්කාරක නිෂ්පාදන පෙළක් ලබා දීමේ අරමුණින් බේබි ෂෙරමි Safety Institute  නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරුණි.  නවීනතම පර්යේෂණ සහ සංවර්ධන පහසුකම්වලින් සමන්විත මෙම ආයතනය රටේ සමස්ත ළදරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදු කෙරෙන සුවිශේෂී ආයෝජනයකි.  ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය මෙන් ම අංක එකේ ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි,  ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමේ පුරෝගාමියා ද වේ.  නිෂ්පාදන සුරක්ෂිතතාවයේ දිනෙන් දින වෙනස්වන හා විකාශනය වන ස්වභාවය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින බේබි ෂෙරමි සන්නාමය විසින් මෙම නව Safety Institute ආරම්භ කිරීම මගින්, මෙරට ළදරු සත්කාරක නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිත ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා සිය කැප වීම තහවුරු කිරීමට සමත් වූ බව පැවසිය හැකිය.

නව බේබි ෂෙරමි Safety Institute මගින් වඩාත් ආරක්ෂිත ළදරු සත්කාරක නිෂ්පාදන සැපයීම සඳහා  පියවර 8කින් යුත් ආරක්ෂණ ක්‍රියාවලියක් හඳුන්වා දෙයි. මෙම පියවර අටේ ආරක්ෂණ ක්‍රියාවලියට පාරිභෝගිකයින් සමඟ නිෂ්පාදන සම-නිර්මාණය කිරීම, අමුද්‍රව්‍ය  ප්‍රවේශමෙන් තෝරා ගැනීම, අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව තක්සේරු කිරීම, ඇසුරුම් ප්‍රමිතිය හා ආරක්ෂාව තහවුරු කිරීම ,නිෂ්පාදන ආරක්‍ෂිත බවට සායනිකව පරීක්ෂා කර තහවුරු කර ගැනීම, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආයු කාලය තක්සේරු කිරීම සහ අඛණ්ඩ වැඩි දියුණු කිරීම් හා ඇගයීමේ ක්‍රියාවලිය ආදිය අයත් වේ.

බේබි ෂෙරමි Safety Institute  ශ්‍රී ලංකාවේ ළදරුවන් වෙනුවෙන් ආරක්ෂිතම ළදරු සත්කාරක නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් ම කැප වූ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයකින් සමන්විත වේ.  සුරක්ෂිතබව සහතික කළ බේබි ෂෙරමි ළදරු නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින්, ළදරු සත්කාරක නිෂ්පාදන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන් ම නිෂ්පාදන සුරක්ෂිතතාව වෙනුවෙන් ඉහළ ප්‍රමිතීන් සැකසීම සඳහා ද බේබි ෂෙරමි Safety Institute ඇරඹීම ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකිය.

බේබි ෂෙරමි Safety Institute පිළිබඳව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි කළමනාකාර අධ්‍යක්ෂිකා සබ්‍රිනා ඒසුෆලි මහත්මිය පැවසුවේ, “බේබි ෂෙරමි ළදරු සත්කාරක නිෂ්පාදනවල ආරක්‍ෂිත ප්‍රමිතීන් ඉහළ නැංවීමට අපි නිරන්තරයෙන් කැපවෙනවා.  මෙම නව Safety Institute ආයතනය ආරම්භ කිරීමත් සමඟ ම, ආරක්‍ෂිත  ප්‍රමිතීන්ට අනුකූලව අපගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සහ ශ්‍රී ලංකාවේ ළදරුවන් සඳහා වඩාත් සුරක්ෂිත නිපැයුම් වෙළෙඳපොළ වෙත නිකුත්  කිරීමට ඇති අපගේ කැපවිම  තුළින් සමස්ත ළදරු සත්කාරක නිෂ්පාදන ක්‍ෂේත්‍රයට ඉතා හොඳ ආදර්ශයක් සැපයීමට අපට හැකි වනු ඇති බව අප විශ්වාස කරනවා.  දශක හයක් පුරා අපි ශ්‍රී ලාංකේය දෙමාපියන්ගේ ළදරු සත්කාරක නිෂ්පාදන අවශ්‍යතා සපුරාලමින් සිටිනවා. ඒ වගේ ම ඔවුන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය රැකගනිමින් ඔවුන්ගේ ළදරුවන් වෙනුවෙන් හොඳ ම දේ ලබා දීමට අපි හැකි උපරිමයෙන් කටයුතු කරනවා.” යනුවෙනි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි පර්‍යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ දිමුතු ජයසිංහ මහතා පැවසුවේ, ” බේබි ෂෙරමි Safety Institute ආයතනය  ළදරු සත්කාරක නිෂ්පාදන ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීම වෙනුවෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරක්. එම ආයතනය, ගෝලීය වශයෙන් හොඳ ම භාවිතයන් සහ ආරක්ෂණ ප්‍රමිතීන් සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත, ඒ වගේ ම විශ්වසනීය ළදරු නිෂ්පාදන හඳුන්වා දීමට අවශ්‍ය නවීන තාක්ෂණික හා අනෙකුත් පහසුකම්වලින් සමන්විතයි.” යනුවෙනි.

මෙම වසර මුල දී, බේබි ෂෙරමි විසින් සිය 60 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඊට සමගාමීව ශ්‍රී ලාංකේය ළදරුවන්ට ආරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ අරමුණින්  ‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කෙරිණි. බේබි ෂෙරමි Safety Institute එම අරමුණ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු තවත් සුවිශේෂී පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය.

බේබි ෂෙරමි යනු හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  සමාගමේ ප්‍රධානතම ළදරු සත්කාරක සන්නාමය වන අතර, එම සන්නාමය පුළුල් පරාසයක විහිදුණු ළදරු සත්කාරක නිෂ්පාදන පෙළකින් සමන්විතය.  මෙරට අංක 1 ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි සබන් සහ ක්‍රීම්වල සමට සුමුදු බව හා එහි සුරක්ෂිත බව සායනිකව තහවුරු කර ඇත. බේබි ෂෙරමි ළදරු සබන් නිෂ්පාදන SLS ප්‍රමිති සහතිකය ද හිමි කර ගෙන ඇත.  IFRA අනුකූල සුවඳ පමණක් භාවිත කරමින්, ගෝලීය හා දේශීය ආරක්ෂණ ප්‍රමිතීන් අනුගමනය කරමින් නිෂ්පාදනය කෙරෙන බේබි ෂෙරමි  ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් LMD සඟරාව මගින් 2020 හා 2021 වසරවලට අදාළව සිදුකරන ලද  සන්නාම ශ්‍රේණිගතකිරීම් හි ඉදිරියෙන් ම සිටින සන්නාමයකි. ඊට අමතරව බේබි ෂෙරමි  Brand Finance Lanka විසින් සිදුකරනු ලබන වාර්ෂික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි අඛණ්ඩව වසර 2ක්  ළදරු සත්කාරක නිෂ්පාදන අංශයේ වඩාත් ආදරය දිනූ සන්නාමය ලෙසින් ද නම් කෙරිණි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *