HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

0

Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමකි. HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි.

විවිධාංගීකරණය වූ Global Fortune 500 සමූහ ව්‍යාපාරය වන CK Hutchison Holdings , HUTCH සමාගමේ මව් සමාගමයි.  Call-link මෙහෙයුම 1997 දී අත්පත් කරගත් HUTCH සමාගම මෙරට විශාලතම අංගසම්පූර්ණ 4G බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළුව සියලුමපරම්පරාවන්ට ගැළපෙන තාක්‍ෂණයක් හඳුන්වා දීමටද සමත් වී ඇත.

2018 වසරේ දී Etisalat විදුලි සංදේශ සමූහයේ ශ්‍රී ලංකා අනුබද්ධිත සමාගමසමඟ ඒකාබද්ධ වීමෙන් පසුව, HUTCH  4G ජාලය වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 95% කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කිරීමට සමත් වී ඇති අතර, එමසමාගම මේ වන විට 5G සේවාවන් හඳුන්වා දීමට ද සූදානමින්සිටී.

 වසර 25 කට වැඩි කාලයක් මෙරටතුළආයෝජනය කරමින්,බදු හා විදුලි සංදේශ ගාස්තු හරහා මෙරට ආර්ථිකය නැංවීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇති  HUTCH සිය සේවා සැපයීමේදී සෘජුහා වක්‍රරැකියා අවස්ථා 75,000 කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට ද සමත් වී ඇත.

ඩිජිටල් බෙදීම, ග්‍රාමීය සබඳතා, දැරිය හැකි මිලකට සන්නිවේදනපහසුකම් මෙන් ම ඉහළ ප්‍රමිතියකින් යුතු අන්තර්ජාල හා ඇමතුම් අත්දැකීම් ඇතුළුව මෙරට ජනතාවගේ සියලුම සන්නිවේදන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙනHUTCH සමාගම අද්විතීය නවෝත්පාදන හා නව සංකල්ප තුළින්  ඉදිරියටම ගොස් ඇති බව පැවසිය යුතු ම ය.

 HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතාඑම සමාගමේ 25 වැනි සංවත්සරයසමරමින් ප්‍රකාශ කළේ, අපි ශ්‍රී ලාංකික ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, දිනෙන් දින වර්ධනය කරා ගමන් කරන සමාගමක්.  වගකිවයුතු බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සේවා සපයන්නා ලෙස, HUTCH අනාගතයේදී ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් රට පුරා දැරිය හැකි මිලකට,ගුණාත්මක බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සබඳතාවක් සැපයීමසඳහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මම විශ්වාස කරනවා.යනුවෙනි.

 නඩරාසා මහතා වැඩිදුරටත් පැවසුවේ, HUTCH සන්නාමය ගොඩනඟමින්, අපගේ සේවා පොරොන්දුයථාර්ථයක් බවට පත් කිරීමට  දායක වූ සියලුම HUTCH  සාමාජිකයින්ට මම ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.  පසුගිය වසර 25 තුළ අපගේ ජයග්‍රහණ දෙස නිහතමානීව ආපසු හැරී බලන විට, ශ්‍රී ලංකාවේ නව වර්ධන අවස්ථා සවිබල ගන්වමින් කාලෝචිත හා ආර්ථිකමය තාක්ෂණික දියුණුවක් කරා ගමන් කිරීම වෙනුවෙන් HUTCH ඉදිරියටත් කැපවන බවට මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා.යනුවෙනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණයේ කොටසක් ලෙස, HUTCH විසින් සිය දිගුකාලීන වටිනා පාරිභෝගිකයින්හා කාර්ය මණ්ඩලසාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පසුගියදා සුවිශේෂී උත්සවයක් සංවිධානය කළ අතර, එහිදී සිය සාර්ථක ගමනට ශක්තියක් වූ  සියලුම ව්‍යාපාරික හවුල්කරුවන් වෙත කෘතඥතාව පළ කෙරිණි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *