Binance ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම හමුව කොළඹ දී පවත්වයි

0

2022 නොවැම්බර් 03 වන දින Binance විසින් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කෙරුණු සිය ප්‍රථම හමුව පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, blockchain හා Web3 පිළිබඳව උනන්දුවක් දක්වන දේශීය ජනතාවට blockchain තාක්‍ෂණය පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙමින් ඔවුන්  සවිබල ගැන්වීම එහි දී අරමුණු කෙරිණි. ඊට අමතරව විවිධ ක්ෂේත්‍ර සමඟ  එම තාක්ෂණය ඒකාබද්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද එහි දී දැනුම බෙදා හදා ගැනීම සිදු විය.

කොළඹ දී පැවති Binance හමුව ජනතාවට crypto සහ blockchain තාක්ෂණික පරිසරය පද්ධතිය පිළිබඳව හඳුන්වා දීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරුණු අධ්‍යාපනික වැඩසටහනක් වූ අතර,  එම වැඩසටහනට blockchain තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන 150කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩසටහනේ දී දේශීය ‘Binance Angel’ ඒජන්තවරු විසින් සිය අත්දැකීම් බෙදාගැනීමේ සැසියක් පැවැත්වූ අතර, එහි දී දකුණු ආසියානු කලාපය තුළ blockchain තාක්ෂණය ආශ්‍රිත දැනුවත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන්  Binance දියත් කරන වැඩසටහන් පිළිබඳව ද දැනුවත් කෙරිණි.

දේශීය blockchain  කර්මාන්තයේ වර්ධනය පිළිබඳව ධනාත්මකව අදහස් පළ කරමින්  Binance හි ආසියානු හා නැගෙනහිර යුරෝපීය කලාපීය උපායමාර්ගික අධ්‍යක්ෂ රාජ් කරන් මහතා ප්‍රකාශ කළේ, ” ශ්‍රී ලංකාව තුළ  ක්‍රිප්ටෝ කර්මාන්තය පිළිබඳ ගොඩනැඟී තිබෙන මිථ්‍යාවන් දුරු කරමින් එම කර්මාන්තය සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වෙනවා. Blockchain සහ Web3 තාක්‍ෂණය සඳහා පරිසර පද්ධති නිර්මාණය කරන  Binance පිළිබඳ මේ රටේ ජනතාව දැනුවත්භාවය  අඩු බවක් පෙනෙන්නට තිබෙනවා.  ක්‍රිප්ටෝ යනු අපගේ සේවාවේ අත්‍යවශ්‍ය අංගයක්. එය අප දැඩි ලෙස අවධානය යොමු කරන තවත් සුවිශේෂී තාක්ෂණික නවෝත්පාදනයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ඒ නිසා ම අපි මෙම කර්මාන්තය පුළුල් කිරීම පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කැප වෙනවා.” යනුවෙනි.

Binance, දකුණු ආසියානු කලාපය තුළ දියත් කරන අධ්‍යාපනික වැඩසටහන් 300 කට අධික ප්‍රමාණයකට Blockchain තාක්‍ෂණය ආශ්‍රිත ගැටලු සඳහා විසඳුම් ලබා දීමට සහයෝගය ලබා දී ඇති අතර, එම කලාපයේ විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපනික ආයතන 50 කට අධික සංඛ්‍යාවක් හරහා blockchain තාක්ෂණය සහ web3 පරිවර්තනය පිළිබඳ දේශීය ශිෂ්‍ය ආයතන සවිබල ගැන්වීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමට අරමුණු කරයි.

Binance Academy හරහා Blockchain හා Cryptocurrency පිළිබඳව දැනගන්න https://academy.binance.com/en වෙත පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *