කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් මාලාව ශක්තිමත් කරමින්, DIMO ‘Powerfully You’ වැඩසටහන හඳුන්වා දෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කාන්තා සවිබල ගැන්වීමේ නවතම ආයතනික වැඩසටහන වන ‘Powerfully You’ පසුගිය දා දියත් කෙරිණි. DIMO සමාගමේ කනිෂ්ඨ හා මධ්‍යම මට්ටමේ වෘත්තික කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් සමාගම මෙම වැඩසටහන ආයතනය තුළම නිර්මාණය කළ අතර, එය මෙහෙයවනු ලබන්නේ සම්මානලාභී උපදේශිකාවක් වන සෙනෙලා ජයසූරිය මහත්මිය විසිනි.

DIMO  විධායක අධ්‍යක්ෂිකා සහ සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිණී, දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පැවසුවේ, “මෙම වැඩසටහන කාන්තාවන්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමට, අවිනිශ්ෂිත පරිසරයන්ට සාර්ථකව මුහුණදීමට වගේ ම කාන්තාවන් තුළ කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම ප්‍රධාන වශයෙන් අරමුණු කරනවා. ඒ වගේ ම අප සමාගමේ වර්ධනයට වගේ ම  වෙළෙඳපොළ අභියෝග ජයගැනීමටත් අපගේ කාන්තා වෘත්තිකයින් බලගැන්වීම අත්‍යවශ්‍යයි.  DIMO තම සාමාජිකාවන්ගේ සැබෑ හැකියාවන් හොඳින් අවබෝධ කරගෙන තිබෙන නිසා ඔවුන්ගේ අවශ්‍යතාවන්ට විසඳුම් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වෙනවා.” යනුවෙනි.

2025 වසර වන විට ආයතනික වශයෙන් තීන්දු තීරණ ගැනීමේ දී කාන්තා නියෝජනය 10% සිට 40% දක්වා ඉහළ නැංවීමට DIMO අරමුණු කරන අතර, එය යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ‘Powerfully You’ වැඩසටහන ඉතා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරයි. පවතින තත්ත්වයන්ට අනුගත විය හැකි සේවිකාවන් බිහි කරන මෙම වැඩසටහන මඟින් ඔවුන් අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමේ හැකියාව සහිත, ආයතනික පරිසරයේ වෙනස් වීම් සාර්ථකව කළමනාකරණය කළ හැකි පිරිසක් බවට පත් කරයි.  එමෙන් ම  ‘Powerfully You’ වැඩසටහනේ තවත් ප්‍රධානතම අරමුණක් වන්නේ වෘත්තීය සංවර්ධනය සඳහා කැපවෙමින්, සිය පූර්ණ හැකියාවන් කරා ගමන් කරන කාන්තා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමයි.

මෙම වැඩසටහන 2022 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට 2023 වසරේ මාර්තු මාසය දක්වා මාස 6ක කාලයක් පැවැත්වීමට නියමිත අතර, එය සංවර්ධන වැඩමුළු හා අභ්‍යන්තර විමර්ශන සැසි ඇතුළත් වැඩසටහන් ගණනාවක් අනුගමනය කරන පරිදි සැළසුම් කර ඇත. එම වැඩමුළුවලට සමගාමීව උපදේශන වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිත අතර, එහි න්‍යායික ඉගැන්වීම් ප්‍රායෝගිකව භාවිත කිරීමේ අවස්ථාව ද සහභාගිවන්නන්ට ලබා දීම විශේෂිතය. එමෙන් ම එහි දී සමාගමේ ජ්‍යේෂ්ඨ වෘත්තිකයින්ගේ සහයෝගය මගපෙන්වීම සහිතව සිය වෘත්තීය ජීවිතයේ ඉදිරියට ම යාමට මෙම වැඩසහනට සහභාගි වන සාමාජිකාවන්ට  අවස්ථාව ලැබේ.

‘Powerfully You’ වැඩසටහන DIMO හි සමානාත්මතාව හා කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ තවත් එක් වැඩසටහනකි. එමෙන් ම සිය සාමාජිකාවන්ගේ  සිහින හා අභිලාෂයන්  බල  ගැන්වීමට  DIMO කැපවීම ද මෙම වැඩසටහන මගින් සංකේතවත් කෙරේ.

ඡායාරූය :

DIMO හි කළමනාකරණ නියෝජිතයින් හා ‘Powerful You’ වැඩසටහනට සහභාගී වූ පිරිස.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *