S-lon ප්ලාස්ටික් ජලනළ පරීක්ෂණ රසායනාගාරය, ISO 17025 සහතිකකරණය හිමිකර ගනියි

0

S-lon ලංකා පුද්ගලික සමාගම විසින්, ඔවුන්ගේ යාන්ත්‍රික තත්ත්ව සහතික රසායනාගාරය (Mechanical Quality Assurance Laboratory) තුළ සිදුකරන පරීක්ෂණ සඳහා, ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) විසින් ලබාදෙන ISO 17025 සහතිකකරණය හිමිකර ගෙන ඇත. ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය රඳවා ගනිමින්, ජාත්‍යාන්තර මට්ටමේ රසායනාගාර හැකියාවන් ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, ජලනළ  පර්යේෂණ සඳහා මෙවන් ආකාරයේ පිළිගැනීමක් හිමිකර ගත් ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම රසායනාගාරය මෙය වීම සුවිශේෂී වේ.   

මෙම පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, S.C වීරසේකර මහතා මෙලෙස පවසා සිටියි. “වසර 65ක් පුරාවට අපගේ වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පිරිනමමින් ඔවුන්ගේ හදවත් දිනාගන්නට අපට හැකි වුණා. මෙම ගමන් මඟ තුළ ඔවුන් අප කෙරෙහි තැබූ ඉහළ විශ්වාසය අප බෙහෙවින් අගය කර සිටිනවා.  විශේෂයෙන්ම, අප සන්නාමය කෙරෙහි පාරිභෝගික විශ්වාසය වර්ධනය වීමට, අපගේ භාණ්ඩ වල ගුණාත්මකබාවය මෙන්ම අසමසම පාරිභෝගික සේවය විශාල දායකත්වයක් ලබා දුන්නා යැයි කිව හැකියි. අපගේ පවුලේ අය හෝ හිතවතුන් හට පරිභෝජන කළ නොහැකි තත්වයේ කිසිදු  භාණ්ඩයක්  වෙළඳ පොළට හඳුන්වා නොදීමේ ව්‍යාපාර ආචාර ධර්මයන්ට අනුකුළව, ඉහළම තත්වයේ නිෂ්පාදන සෑම විටම වෙළඳ පොළට හඳුන්වා දීමට අප  ක්‍රියා කරනවා. “

“අප ලබා ගත් මෙම ඉහළ පිළිගැනීම පිටුපස ඇති ප්‍රධාන බලවේගය වනුයේ, අවුරුදු 65ක කාලයක් පුරාවට අප පවත්වාගෙන ගිය ඉහළ ගුණාත්මකබවයි. මෙම පිළිගැනීම හරහා, අපගේ නිෂ්පාදන වල තත්ත්වයන් තව දුරටත් උසස් කිරීමට පමණක් නොව, අපගේ සැපයුම්කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන්හි තත්ත්වයන් උසස් කිරිමටත්, ඒ හරහා සමස්ත ක්ෂේත්‍රයේම ගුණාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීමටත් අවස්ථාවක් හිමි වෙනවා.

 ISO 17025:2017 සහතිකකරණය යනු, රසායනාගාර වල හැකියාවන් සහ ස්ථාවර මෙහෙයුම් ක්‍රියාකාරිත්වය අගයමින් ලබාදෙන ජාත්‍යන්තර ප්‍රමිතියකි.  මෙම සහතිකකරණය ලබාගැනීමෙන් පසු,  S-lon ලංකා පුද්ගලික සමාගම විසින් සිය පරීක්ෂණාගාර සේවාවන් ක්ෂේත්‍රයේ අනෙකුත් සැපයුම්කරුවන් ඇතුලු බාහිර පාර්ශවයන් වෙත විවෘත කරමින්, ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල, අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් උසස් තත්ත්වයේ නිෂ්පාදන පිරිනැමීමට අවස්තාව ලබා දී ඇත.

දේශීය සැපයුම්කරුවන්ට තම නිෂ්පාදන අපනයනය කිරීමේ හැකියාව ඉහළ මට්ටමකට ගෙන ඒමට අවස්ථාව ලබා දෙන S-lon හි මෙම පරීක්ෂණ පහසුකම්, ලාංකේය නාමය ගෝලීය තලයකට රැගෙන යාම සඳහා දිරිමත් කරයි. මෙම අපනයන සංවර්ධන ක්‍රියාවලිය, දේශීය ආර්ථිකය නැවත පණගැන්වීමේ කාර්යය සඳහා වන විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා විශාල දායකත්වයක් සපයනු නොඅනුමානයි.

මෙම පරීක්ෂණ අවශ්‍යතා පිළිබඳ විමසීම් 037-4 699 100 ඇමතීම හරහා S-lon ලංකා පුද්ගලික සමාගමෙහි තත්ත්ව සහතික දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකිය. දේශීය හා විදේශීය වෙළඳ පොළ වෙත ඉහළම තත්වයේ නිෂ්පාදන හා සේවා සපයමින්, ජලනල නිෂ්පාදකයින්, කොන්ත්‍රාත්කරුවන් වැනි පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පාර්ශවයන්ට සිය පරීක්ෂණ සේවා ලබා දීමට S-lon ලංකා පුද්ගලික සමාගම ඉදිරියේදී ක්‍රියා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *