දීවා ෆ්‍රෙෂ්, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම 3-in-1 රෙදි සෝදන විසඳුම

0

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ප්‍රමුඛතම සන්නාමයක් වන දීවා, අද්විතීය රෙදි සේදුම් විසදුම් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් අතට ලබා දීමට වසර ගණනාවක් පුරාවට කැපවී සිටියි. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාගේ හද ගැස්ම හදුනන දීවා, නවීන තාක්‍ෂණය යොදා ගෙන  නිෂ්පාදන කටයුතු සිදු කරනු ලබන අතර දීවා ෆ්‍රෙෂ් 3-in-1 හෙවත් දීවා ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය යනු එක් පිරිනැමීමකින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ තුනක් ලබා දෙමින් වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන පෙළකි.

දීවා ෆ්‍රෙෂ් 3-in-1වල ඇති  පර්ෆියුම් මැජික් මගින් දිගු කල් පවතින සුවඳක් ලබාදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සමගින් ඇඳුම් වඩාත් හොදින් පිරිසිදු කර එහි ඇති ඔප්ටිකල්  බ්‍රයිට්නර්ස් ඇදුම්වලට දීප්තියක් ලබා දෙයි. සුවද වර්ග කිහිපයකින් සමන්විත  දීවා ෆ්‍රෙෂ් 3-in-1, රෝස, පර්පල් ලෝටස් හා ලැවෙන්ඩර්, අරලිය, ජැස්මින් සහ සේපාලිකා යන ප්‍රභේදයන්ගෙන් වෙළදපොළට සපයා ඇත.

දීවා, අද වන විට පාරිභෝගිකයන්ගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් නිර්මාණය අඛණ්ඩව සිදු කරන අතර,  3-in-1, ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය පිරි නැමීම තුළින් ඒ බව තහවුරු කරයි. දීවා, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආදරය දිනාගත් සන්නාමයක් පමණක් නොව ජනතාවගේ රෙදි සේදීමේ අවශ්‍යතා මැනවින් අවබෝධ කර ගැනීම පිළිබඳව ද සාක්ෂි දරයි. දීවා ෆ්‍රෙෂ් 3-in-1 දිවයින පුරා පිහිටි අලෙවිසැල්වලින් සහ හේමාස් E-store වෙතින් අන්තර්ජාලය හරහා මිල දී ගත හැකිය. (https://hemasestore.com/brand/diva/)

END

Hemas Consumer පිළිබඳ

Hemas Consumer Brands ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත. ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන් Hemas Consumer Brands ශ්‍රී ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *