DIMO, ISO 45001:2018 සහතිකකරණයෙන් පිදුම් ලබයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO ISO 45001:2018 සහතිකකරණයෙන් පසුගිය දා පිදුම් ලැබිය.මෙම සහතිකකරණය හරහා DIMO  උසස් ප්‍රමිතීන් සහිත  ආරක්ෂාකාරී වෘත්තීය පරිසරයක් සහ සේවක සෞඛ්‍ය   ආරක්ෂාව  සදහා කැපවන  සමාගමක් ලෙස  තවදුරටත් සහතික කරයි.

මෙම වැදගත් අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. “අපගේ ව්‍යාපාරයේ වටිනාම සම්පත වන අපගේ සේවක මණ්ඩලයේ ශාරීරික සහ මානසික යහපැවැත්ම වර්ධනය කිරීම අපගේ ප්‍රමුඛ අරමුණක්. මෙම අරමුණ වෙත ගමන් කරන මාර්ගයේදී, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතියක් (OHSMS) ක්‍රියාත්මක කිරීමට අප ගන්නා ලද උපායමාර්ගික තීරණය අපගේ සේවක මණ්ඩලයේ යහපැවැත්ම අඛණ්ඩව වැඩිදියුණු කිරීම සහතික කරනු ලබනවා. තවද මෙම පද්ධතිය, වෘත්තීමය ක්‍රියාකාරකම් තුලදී සේවක ආරක්ෂාව තව දුරටත් තහවුරු කිරීමට උපකාරී වන බව කිව යුතුයි. DIMO අප සෑම විටම කැපවී සිටින්නේ අප කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සිහින සහ අභිලාෂයන් බලගන්වමින්, ඔවුන්ට ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව රැකියාවේ නිරත වීමට අවශ්‍ය වටපිටාව සැමවිටම සකස් කරදීමටයි. මෙම සහතිකකරණය ලබාගැනීම, අපගේ සේවක මණ්ඩලය වෙනුවෙන් අපගේ කැපවීම සුරක්ෂිත කරනු ලබනවා.”

ISO 45001:2018 සහතිකකරණය, සාමගමට මුහුණ දීමට සිදු විය හැකි උපද්‍රව සහ අවදානම් හඳුනා ගැනීමට සහ එම උපද්‍රවයන් ඇතිවීමේ සම්භාවිතාව අවම කරමින්  සමාගමක ඇති හැකියාවන් වර්ධනය කරයි. මෙම සහතිකකරණය ලබා ගැනීම තුළින් ක්ෂත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස DIMO හි විශිෂ්ටත්වය තව දුරටත් ඉහළට ඔසවා තබන අතර, DIMO පිළිබඳ පාරිභෝගික විශ්වාසය ද වර්ධනය කරයි.

DIMO හි තත්ත්ව කළමනාකරණ පද්ධතිය 2001 වර්ෂයේ සිට ISO සහතිකකරණය ලබා ඇති අතර, වර්තමානය වන විට ISO 9001:2015 සහතිකකරණයෙන් පිදුම් ලබා ඇත. තවද, 2005 වර්ෂයේ දී ISO සහතිකය ලබා ගත් පාරිසරික කළමනාකරණ පද්ධතිය වර්තමානයේ ISO 14001:2015 සහතිකය ලබා ඇත. OHSMS 2021 වර්ෂයේදී දී ක්‍රියාත්මක කරන ලද අතර, සිය සේවක මණ්ඩලය සඳහා විශිෂ්ට සේවා පරිසරයක් නිර්මාණය කිරීමට DIMO හි කැපවීම මේ තුළින් තවදුරටත් සහතික කෙරේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *