ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම දේවාලය 21ක් වන වරටත් ආලෝකමත් කරයි

0

ශාකසාර පුද්ගලික සනීපාරක්ෂක නිෂ්පාදනයේ වෙළඳ පොළ ප්‍රමුඛයා වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය ස්ථාන දෙකක් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහ කතරගම  දේවාලය 2022 ඇසළ මංගල්‍යය වෙනුවෙන් ආලෝකවත් කරනු ලබයි. “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” යන තේමාව යටතේ සිදු කරන මෙම අලෝක පූජාව මෙවර සිදු කරනු ලබනුයේ 21 ක් වන වරටයි.

ශ්‍රී ලාංකික සමාගමක් ලෙසින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජාවන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක් බව කඳානේ, ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය මෙම ආලෝක පූජා වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියාය.

ස්වදේශී විසින් මෙරට ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීමේ ප්‍රයෝජනය සියලු වන්දනාකරුවන්ට ලැබෙන අතර, ශ්‍රී ලාංකික උරුමයන් සුරැකීම පිළිබඳව මතු පරපුර වෙත පූර්වාදර්ශයන් ද සපයන බව ඇය තවදුරටත් පවසා සිටියාය. ආලෝක පූජාවෙන් පසුව ශ්‍රී ලාංකික සම්ප්‍රදායයන් සහ ඉතිහාසය පිළිඹිබු කරන වර්ණවත් සංස්කෘතික පෙරහැර ද පැවැත්විණි.

බුදු රජාණන් වහන්සේගේ තුන්වන ලංකාගමනයේ දී ධර්ම දේශනය සඳහා කතරගම කිහිරි උයනට වැඩම කිරීම සිහිවනු පිණිස  මහානාග රජු විසින් කිරි වෙහෙර තැන වූ බව මහා වංශයේ දැක් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තැබූ භාරයක් ඉටු කිරීමක් ලෙසින් දුටු ගැමුණු රජු විසින් කතරගම දේවාලය ඉදි කරන ලදි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව විවිධ ජන වර්ගවලට අයත් විවිධ ජාතීන් හා ආගම්වල ජනයා විසින් කතරගම දෙවිඳුන් වන්දනාමාන කරනු ලබයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණිය විසින් අතීත මහිමය නැවත ගෙන ඒමෙහිලා  2013 වසරේ දී, ඓතිහාසික දඹදෙණි රජමහා  විහාරයේ  ‘ශ්‍රී දළදා මාළිගාව’ සහ පෞරාණික බිතු සිතුවම්   අලුත්වැඩියා කරන ලදි. අමරි විජයවර්ධන මැතිණිය, 1927 දී කැලණිය රජමහ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ, හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ මිණිබිරියයි.

දෙවුන්දර ශ්‍රී විශ්නු දේවාලය, අලුත්නුවර දැඩිමුණ්ඩ  දේවාලය, මහනුවර ශ්‍රී විශ්නු මහ දේවාලය, සබරගමු මහ සමන් දේවාලය, රිදීගම රිදී විහාරය, ලංකාතිලක රජමහ විහාරය, දැරණියගල සමන් දේවාලය, අම්මඩුව කුඩා කතරගම දේවාලය, සංඛපාලි රජමහ විහාරය, කොළඹගම රජමහ විහාරය,  දඹදෙණිය රජ මහා විහාරය සහ කෑරගල රජමහ විහාරය යන ආගමික සිද්ධස්ථානයන් හී වාර්ෂික ආලෝක පූජාවන් වෙත ස්වදේශී කොහොඹ සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙයි.

100%ක් දේශීය කර්මාන්තායතනයක් ලෙස ස්වදේශී, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත.  ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති  ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි.  සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” ඔස්සේ දිවයින පුරා ආගමික සිද්ධස්ථාන ආලෝකමත් කිරීම, ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය – කොහොඹ පැළ වගා කිරීමේ ව්‍යාපෘති, ආගමික ස්ථාන, පාසල් සහ ශ්‍රී ලංකාවේ  වියළි කලාපයේ ජනතාව වෙත ජල ටැංකි පරිත්‍යාගය, ගැබිණි මව්වරුන් වෙත කොහොඹ බේබි ළදරු සනීපාරක්ෂණ නිෂ්පාදන ප්‍රදානය වැනි සත්කාරයන් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අප අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් හමුවේ තබන්නට අපි කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලාංකේය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පර්යේෂණයන්ට ලක් කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100% ශාකසාර නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ, රාණි සඳුන්,  ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි. මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතාවන් මෙන් ම පාරිභෝගික‍යා සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. සමාගම සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍ය හා පාරිසරික බලපෑම සලකා බලා ඇති අතර, එයට ප්‍රමුඛත්වය දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපොළ ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය, 1941 වසරේ ආරම්භ කරන ලද ISO 9001 – 2015 සහතික ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී  කොහොඹ, රාණි සඳුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ්ප්ලස්, ලක් බා(ර්), බ්ලැක් ඊගල් ප(ර්)ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුළත් වේ.

එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාම වන, ස්වදේශී කොහොඹ ශාකසාර සන්නාමය හා රුව වඩන සදුන්  වන රාණි සදුන් නිෂ්පාදනය හා විකිණීම සිදු කරයි

END-

Photo Caption:

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය, කිරි වෙහෙර රජමහ විහාරයේ විහාරස්ථානාධිපති, ගරු පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිළමේ  ඩිශාන්  වික්‍රමරත්න ගුණසේකර ඇතුළු ස්වදේශී කළමණාකාර නිළධාරීන්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *