‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය සමඟින් ඇන්ටන් සිය සේවකයන් සවිබල ගන්වයි

0

100% ක් දේශීය නිෂ්පාදන සන්නාමයක් සහ දශක හයකට අධික කාලයක් පුරාවට ගෘහාශ්‍රිත නිෂ්පාදන හා විසඳුම් වෙළඳ පොළ ප්‍රමුඛයෙකු වන Anton, ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතියේ මීළඟ අදියර පසුගියදා දියත් කළේය. රට මුහුණ දී ඇති වත්මන් ආර්ථික තත්වයට ධනාත්මකව මුහුණ දීමට සවියක් වෙමින් Anton සිය සේවකයින්ට වියළි ආහාර සලාක බෙදා දුන්නේ ඔවුන් සවිබල ගැන්වීමට සහ අඛණ්ඩ අභියෝග ජය ගැනීමට ඔවුන් පෙළඹවීමේ අරමුණ ඇතිවයි. වසර ගණනාවක් පුරා සිය සේවකයින් සවිබල ගැන්වීමට Anton විසින් දියත් කල ව්‍යාපෘති අතුරින් මෙය සුවිශේෂී ස්ථානයක් ගනී.

‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Anton ආයතනයේ සේවකයකු වන, කේ.ටී.ඩී. විජේසේකර මහතා පැවසුවේ මෙවැන්නකි. “මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ සමාගම නිරන්තරයෙන් අපට අවශ්‍ය සහය සහ මඟපෙන්වීම ලබා දීම ගැන මම කෘතඥ වෙනවා. සෑමවිටම අපට දිරියක් සහ සවියක් වන Anton පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම අප ලද වරප්‍රසාදයක්. වර්තමානයේ රටේ පවතින තත්වයට සාර්ථකව මුහුණ දීමට අප ආයතනයෙන් ලැබෙන සහය කියා නිමකළ නොහැකියි.”

Anton විසින් 2017 වසරේදී ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර, සේවකයින් සවිබල ගැන්වීම සහ ඔවුන් ආයතනයේ සතු වටිනාම සම්පත බව තහවුරු කිරීම මෑතකාලීන ව්‍යාපෘතියේ අරමුණ විය. සිය සේවකයින්ගේ යහපැවැත්ම නංවාලීමේ අවශ්‍යතාවය අවබෝධ කරගත් Anton සමාගම, ඔවුන්ට සහාය වීම සඳහා ක්‍රියාත්මක කරන ලද බොහෝ මුලපිරීම් වලින් එකක් ලෙස මෙම වියළි ආහාර සලාක ලබාදීම හැඳින්විය හැකිය.

මේ පිළිබඳ අදහස් දක්වමින් Anton හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ළහිරු ජයසිංහ මහතා මෙලෙස පවසා සිටියි. “’හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය අපි අපගේ සේවකයන්ගේ යහපත වෙනුවෙන් දියත් කරන ලද ව්‍යාපෘති වලින් එකක්. ඔවුන්ට අවශ්‍ය වියළි සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම මඟින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීම අපගේ අරමුණයි. මෙවැනි දුෂ්කර කාලයකදී, අප සියලු දෙනා මුහුණ දෙන අභියෝග සාර්ථකව ජය ගැනීමට අපි එකිනෙකාට උපකාර කරගත යුතුයි.”

ආරම්භයේ සිටම Anton සමාගමේ සාර්ථකත්වයට ශක්තියක් වුයේ සිය සේවකයන් බව Anton තරයේ විශ්වාස කරයි. එමනිසා සිය සේවකයින් සවිබල ගැන්වීමටත් ඔවුන්ට පැමිණෙන අභියෝග සාර්ථකව ජයගැනීමට අවශ්‍ය සහය ලබාදීමටත් ‘හිතවත්කමට මුල්තැන’ ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති රැසක් Anton මෙලෙස දියත් කර ඇත.

අවසානයි

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *