ජනශක්ති ලයිෆ් ‘2021 Emerging Asia’ රක්ෂණ සම්මාන උළෙල විජයග්‍රහණය කරයි

0

ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 3 වැනි ICC නැගී එන ආසියානු රක්ෂණ සම්මාන (2021) උළෙලේ දී  ‘රක්ෂණ සේවා ව්‍යප්තිය සඳහා අනුගමනය කළ හොඳ ම උපායමාර්ග’ සඳහා වන සම්මානය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම විසින් දිනා ගන්නා ලදී.

ඉන්දියාවේ කල්කටාහි දී පැවැත්වුණු මෙම සම්මාන උළෙල ඉන්දීය වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ අතර, එහි දී ඉන්දියානු රක්ෂණ ආයතනය, ඉන්දීය ජීවිත රක්ෂණ කවුන්සිලය, ඉන්දීය සාමාන්‍ය රක්ෂණ සභාව, ජාතික රක්ෂණ ඇකඩමිය සහ PWC යන ආයතන  ආසියානු කලාපයේ රක්ෂණ කර්මාන්තය නඟාසිටුවීමට ක්‍රියාකරන රක්ෂණ සමාගම් තෝරාගැනීමේ ක්‍රියාවලියේ සමාලෝචකයින් ලෙස කටයුතු කරන ලදී.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය. ” අප සමාගම ලබාගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය තුළින් අපගේ ව්‍යාපාරික උපාය මාර්ගවල විශිෂ්ටත්වය පිළිබිඹු වෙනවා. ඒ වගේ ම සාමාජයීය හා ආර්ථික වශයෙන් අභියෝගාත්මක පසුගිය වකවානුවක පවා මේ රටේ තරඟකාරී රක්ෂණ වෙළෙඳපොළ තුළ අපගේ ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගැනීමට අපට හැකි වුණු බව මේ සම්මානය තහවුරු කරනවා. ඊට අමතරව මෙමගින් අපගේ සමාගමේ වර්තමාන ආයතනික ශක්තිමත් බව සහ අනාගත ස්ථාවරත්වය ගැන ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ පණිවුඩයක් ලබා දෙන බවත් මම විශ්වාස කරනවා. මෙම සම්මානය අපගේ අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක්. ඒ නිසා ම පසුගිය අභියෝගාත්මක කාලවකවානුවල දී පවා ආයතනයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැප වුණු අතිදක්ෂ අපගේ සමස්ත කාර්‍යමණ්ඩලයට  මගේ සුභාසිංශන එක් කිරීමට මෙය මම අවස්ථාවක් කරගන්නවා.”

‘ජනතාවගේ ජීවිත නගා සිටුවමින්, ඔවුන්ගේ සිහින බලගැන්වීම’  යන ආයතනික අරමුණ පෙරදැරි කර ගනිමින් ක්‍රියාත්මක වන විශ්වාසවන්ත සමාගමක් වන ජනශක්ති ලයිෆ්, සෑම විට ම සිය ගනුදෙනුකරුවන් වෙත මූලිකත්වය ලබා දෙමින්, ආචාරධර්මයන්ට අනුකූලව සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වන ආයතනයක් බව පැවසිය යුතු ම කරුණකි. එමෙන් ම සිය ගනුදෙනුකරුවන්ගේ සියලු ම රක්ෂණ අවශ්‍යතා සඳහා සරිලන රක්‍ෂණ විසඳුම් හා සේවාවන් රැසක් ජනශක්ති ලයිෆ් සමාගම සතු වන බව ද සිහිපත් කළ යුතු ම ය. සිය ආයතනික අරමුණු තවත් පුළුල් කරමින් තම සේවක මණ්ඩලයේ සිහින හා අපේක්ෂාවන් වර්ධනය කරගැනීමට සහයෝගය ලබා දීමට මෙන් ම ඒ සඳහා සරිලන සේවා පරිසරයක් නිර්මාණය කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම කටයුතු කරන බව ද සඳහන් කළ යුතුමය.

ජනශක්ති රක්ෂණ සමාගම Brand Finance ආයතනය මගින්  ශ්‍රී ලංකාවේ ශක්තිමත් ම සන්නාම 100 අතරට නම් කර ඇති ආයතනයකි. 2022 වසරේ දී ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්,  වේගයෙන් ම වර්ධනය වන ශ්‍රී ලාංකේය සන්නාම 10 (TOP 10) අතරින් එකක් ලෙස ශ්‍රේණිගත වීමට සමත් වූ ජනශක්ති ලයිෆ්,  A+ ශ්‍රේණිගත කිරීම හා සන්නාම ප්‍රබලතා දර්ශකයේ (BSI) ලකුණු 569 ක ආකර්ෂණීය සන්නාම අගය වර්ධනයක් වාර්තා කරමින්, TOP 10 සන්නාම අතරට එක් වූ එක ම රක්ෂණ සන්නාමය ද වේ. ඊට අමතරව ජනශක්ති රක්ෂණ සමාගම 2022 වසර තුළ වෙළෙඳපොළේ ඇති සියලු ම ජීවිත රක්ෂණ සමාගම්වල මුළු සන්නාම වටිනාකමට සාපේක්ෂව  22% ක කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත. මෙම සන්නාම වටිනාකම් වර්ධනය සඳහා 2021 වසර තුළ දී ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ වෙළෙඳපොළ තුළ පවතින තරඟකාරිත්වය අභිබවමින්,  අඛණ්ඩව රුපියල් බිලියන දෙකක ශක්තිමත් වෙළෙඳපොළ කොටස් වර්ධනයක් අත්කර ගැනීමට සමත් වීම ද බෙහෙවින් බලපෑ බව පැවසිය යුතුමය.

සිය සිංහ බලකායේ කාර්යශූරත්වය සහ කැපවීම සමගින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල MDRT ජයග්‍රාහකයින් 100 කට අධික සංඛ්‍යාවක් බිහි කිරීමට ජනශක්ති රක්ෂණ සමාගම 2021 වර්ෂයේදී සමත් විය. එමෙන් ම සිය සේවකයින් සවිබල ගන්වමින් ධනාත්මක වටිනාකම් සහිත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම ( Great Place To Work – GPTW) වෙනුවෙන් ජනශක්ති රක්ෂණ සමාගමේ කැපවීම අගයමින් ශ්‍රී ලංකාවේ විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද එම සමාගම නම් කොට ඇත.  වසර 27ක කාලයක් පුරා, ජනශක්ති රක්ෂණ සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ඉදිරියට ම ගමන් කරන සමාගමක් වන බවත්, දිවයින ම ආවරණය වන පරිදි පිහිටා ඇති 75 කට අධික ජනශක්ති ශාඛා ජාලය සෑම තරාතිරමක ම පුද්ගලයන්ට එහි අද්විතීය රක්ෂණ විසඳුම් වෙත ප්‍රවේශ වීමමේ හැකියාව ලබා දෙන බවත් සිහිපත් කළ යුතුමය.

ඡායාරූප විස්තරය

ජනශක්ති ඉන්ෂුවරන්ස් පී. එල්. සී.  හි අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *