සෙලින්කෝ කැන්සර් සෙන්ටර්හි අභ්‍යන්තරය නවීකරණය වෙයි

0

කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි සෙලින්කෝ කැන්සර් සෙන්ටර් වෙත පැමිණෙන පිරිසට වඩාත් සුව පහසු බවින් යුක්ත වූ සෞන්දර්යාත්මක පරිසරයක් ලබා දීමේ අරමුණින් සිදු කරන ලද නවීකරණය පසුගියදා නිම විය. මධ්‍යස්ථානයේ ඇතුල්වීමේ ප්‍රදේශය, අමුත්තන් පිළිගැනීමේ ප්‍රදේශය, අමුත්තන් රැඳී සිටින ස්ථාන, විකිරණ ප්‍රතිකාර හා CT Simulator රූප ලබා ගැනීම සඳහා රැඳී සිටින ප්‍රදේශය යන අංශ මෙසේ නවීකරණය වී ඇත.

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ පළමු ස්වාධීන විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලෙස 2007 සැප්තැම්බර් මාසයේ දී විවෘත කළ සෙලින්කෝ කැන්සර් සෙන්ටර්, විකිරණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන අති නවීන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් මෙන් ම ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා ම වෙන්වූ, මෑතකදී ස්ථාපිත කරන ලද නවතම කෘතිම බුද්ධියේ සහයෙන් ක්‍රියාත්මක කරවීමේ හැකියාව සහිත ජර්මනියේ Siemens හි සිව්-මාන ක්‍ CT Simulator රූප ලබා ගැනීමේ යන්ත්‍රයකින් ද සමන්විත වේ.

සේයාරුවෙන් දැක්වෙන්නේ සීමාසහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් (CHSL) හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සමඟින් සමාගමේ අධ්‍යක්ෂකවරුන් සෙලින්කෝ කැන්සර් සෙන්ටර් නැවත විවෘත කරන අවස්ථාව සහ නවීකරණය කරන ලද අමුත්තන් පිළිගැනීමේ ප්‍රදේශයයි.

උපුටා ගැනීම :- අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *