”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් පැල්වත්ත සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරයි!

0

2022 අප්‍රේල්. කොළඹ, ශ්‍රී ලංකාව: කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් ජාතියේ පළමු තේරීම, වන පැල්වත්ත සමාගම ”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟය සමගින් සිය සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන ලදී. 2022 අප්‍රේල් 10 සිට අප්‍රේල් 20 දක්වා පැවති මෙම තරඟය සඳහා දිවයින පුරා විසිරි සිටින පැල්වත්ත නිශ්පාදන අගයන පාරිභෝගිකයින් රැසක් පැල්වත්ත කිරි නිෂ්පාදන භාවිතයෙන් ඔවුන්ගේ අවුරුදු උදාව තේමා කොටගෙන  සකස් කරන ලද අතුරුපස සහ ආහාර ඉදිරිපත් කළහ.
 සහභාගිවන්නන් තම ආහාරවල ඡායාරූප පැල්වත්ත ෆෙස්බුක් පිටුවෙහි ”හරි දේ එක්ක අලුත් වෙන්න” තරඟ අංශය හරහා ඉදිරිපත් කර ඇත. සහභාගිවන්නන් කිසියම් ඉදිරිපත් කිරීමක් කිරීමට පෙර තරඟය සඳහා සුදුසුකම් ලැබීම සදහා පැල්වත්ත ෆෙස්බුක් පිටුවට like කිරීම අවශ්‍ය විය. මෙම තරඟයේ සිත්ගන්නා කරුණ නම්, සහභාගිවන්නන් පැල්වත්ත කිරි නිෂ්පාදනවලින් සාදන ලද ඔවුන්ගේ කෑමවල ඡායාරූපයක් ඉදිරිපත් කරන විට ඔවුන්ගේ වට්ටෝරු ද අනෙකා අතර බෙදා ගැනීමට දිරිමත් කිරීමයි. මෙහි අරමුණ වූයේ නිර්මාණශීලී වීමට පාරිභෝගිකයන් පොළඹවා ගැනීම පමණක් නොව විශේෂයෙන් පැල්වත්ත කිරි නිෂ්පාදන සමඟ භාවිතා කළ හැකි විවිධ වට්ටෝරු පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමයි.
සැබවින්ම ශ්‍රී ලාංකේය සන්නාමයක් වන පැල්වත්ත සිය කිරි නිෂ්පාදන ක්‍රියාවලියේ කොටසක් වශයෙන් පමණක් නොව එහි නිෂ්පාදන භාවිතය පිළිබදව ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. මෙම අවස්ථාවට අදහස් දක්වමින් පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේ “වගකීම්සහගත සන්නාමයක් ලෙස අපි ගුණාත්මක භාවයෙන් හොඳම දේ සැපයීමේ සීමාවෙන් ඔබ්බට යාම පමණක් නොව අපගේ නිෂ්පාදන භාවිතයට ගන්නා පාරිභෝගිකයින් ඒ පිළිබඳ  තෘප්තිමත් වන බවට සහතික වීමත් අපේක්ෂා කරන්නෙමු. එබැවින් “හරිදේ එක්ක අලුත් වෙන්න” වැඩසටහන වැනි ව්‍යාපෘති හරහා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තෙමා කොටගත් කිරි ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් වන වට්ටෝරු ඔවුන්ගේ දැනුම් පරාසයන් සක්‍රීය කරයි.
 ඔහු වැඩිදුරටත් නව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔහුගේ සුබ පැතුම් එක් කළේ “පසුගිය වසර කිහිපය එතරම් පහසු වූ වසරවල් නොවු බව දන්වමිනි. කෙසේ වෙතත්, පැල්වත්ත සමාගම අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සඳහා දුෂ්කර කාලවලදී ධනාත්මකව කටයුතු කිරීමටත් ඔවූන් තුල සිනහවක් ඇති කිරීම සඳහාත් ඉහත ආකාරයේ විශේෂාංග සංවිධානය කරමින් එහි වගකීම දිගටම පවත්වාගෙන යනු ඇත. ඒ සමඟින් පැලවත්ත සමාගමේ සියලු දෙනා වෙනුවෙන් මම, අපගේ ගොවිපළවල් අපගේ කර්මාන්තශාලා සහ හවුල්කරුවන් වෙත, සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! යි ප්‍රාර්ථනා කිරීමට කැමැත්තෙමි” යන්න සදහන් කර සිටියේය.
ඉහත කරුණුවලට අනුකූලව, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සකස් කරන ලද සාම්ප්‍රදායික ආහාරවල පින්තූර දුසිම් ගණනින් සහභාගිවන්නන් විසින් ඉදිරිපත් කරන ලදී. පොල් ටොෆි, කිරි ටොෆි, කැවුම්, කොකිස් සහ තවත් රසවත් කෑම වර්ග කිහිපයක් සමගින් ඉතා නිර්මාණශීලී ලෙස පිළියෙළ කර ඇති ආකාරය දැකගත හැකි වීය. එය වර්ණවත් අදහස් දැක්වීමේ අංශයක් පමණක් නොව, සහභාගිවන්නන් වට්ටෝරු බෙදා ගැනීමට සහ එකිනෙකාට උදව් කිරීමට වඩා සතුටක් දැක්වූ එකමුතුකමේ හැඟීමක් ද ලබා දුන් ස්ථානයකි. පහත ජයග්‍රාහකයින් සමඟ තරඟය 2022 අප්‍රේල් 20 දිනෙන් අවසන් විය. ටානියා දුනුවිල, කුමුදිනී ඇලපාත, දුෂාන්ති ලක්මි, සුබෝදා ජයමිණි, එම්. ඒ. ප්‍රියංගනී, තිළිණි අචලා පීරිස්, රමිලා උදේශ්, සරණි ප්‍රනාන්දු , අරෝෂා එන්. නෙත්මා
පැල්වත්ත නිෂ්පාදන භාවිතයෙන් සෑම කෙනෙකුටම නිවසේදී මෙම කෑම වර්ග රස විඳිය හැකි වන පරිදි සහභාගිවන්නන් විසින් සකස් කර ඇති විවිධ කෑම වර්ග සහ ඒවායේ වට්ටෝරු ගවේෂණය කිරීමට ”හරි දේ එක්ක අලුත් වෙන්න” #HaridheEkkaAluthWenna, hashtag වෙත පිවිසෙන ලෙස පැල්වත්ත සැමට උණුසුම් ලෙස ආරාධනා කරයි. මෙසේ සකස් කරන ලද සියළුම කෑම වර්ග පැල්වත්ත කිරි නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ ඵලදායීතාවය පිළිබඳ සැබෑ සාක්ෂියකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *