RESET Microsoft 365 LMS සමඟින් ඩිජිටල් වෙනසක් උදෙසා Trainocate Lanka විසින් Alethea ජාත්‍යන්තර පාසල සමඟ හවුල්කාරිත්වයකට

0

ප්‍රමුඛ පෙළේ ඉගෙනුම් ප්‍රවර්ධන සැපයුම්කරුවෙකු වන Trainocate Lanka විසින් රටේ පැරණිතම පෞද්ගලික පාසල් වලින් එකක් වන Alethea සමඟ හවුල්කාරිත්වයකට එළඹෙන ලදී.  නවතම Microsoft RESET පහසුකම සැපයීම මෙහි අරමුණ වූ අතර ශ්‍රී ලාංකික පාසලක් තුල මෙම RESET වැඩසටහන සිදු කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වේ. Alethea 1928 දී ආරම්භ කරන ලද අතර එයට අධ්‍යාපන ක්ෂේත්‍රය තුල වසර 90 කට වඩා වැඩි ඉතිහාසයක් පවතී. සිසුන්ට මෙම RESET වැඩසටහන හඳුන්වා දීම තුලින් තොරතුරු තාක්ෂණ පිලිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සිදු කෙරේ.

Alethea හි කළමනාකාර අධ්‍යක්ෂිකා/ සම්බන්ධීකරණ විදුහල්පතිනි අනිට්‍රා පෙරේරා මහත්මිය මෙම වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය “අපගේ විෂය නිර්දේශයට RESET හඳුන්වාදීම පාසල තුල ඩිජිටල් වෙනසක් ඇති කිරීමට හේතු වෙනවා. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වන්නේ අපගේ සිසුන් අනාගත ඩිජිටල් ලෝකයට සුදානම් බව හඳුනා ගැනීමයි. එයින් අප ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමද සිදු වෙනවා”

Remote End User Self Enablement Training හෝ RESET මගින් සිසුන්ට තාක්‍ෂණික දැනුම ලබා දෙන වීඩියෝ පට නැරඹීම තුලින් තනිවම අධ්‍යයන කාර්යයේ යෙදීමට අවස්ථාව උදා වේ. Microsoft වැනි නිෂ්පාදන සිසුන්ගේ සහ වෘත්තිකයන්ගේ දෛනික ජීවිතයේ වැදගත්  කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර RESET මඟින් ඒවා  ක්‍රියා කරන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දේ. වත්මන් විෂය නිර්දේශයට අනුකූල මොඩියුල නිර්මාණයට ගුරුවරුන් හට RESET විසින් සහය සපයයි. RESET භාවිතා කරමින්, ගුරුවරුන්ට සිසුන්, පන්ති සහ අංශ දුරස්ථව කළමනාකරණය කළ හැකිය. අතිරේකව, RESET විසින් සිසුන්ගේ කාර්ය සාධනය විශ්ලේෂණය කිරීමට උපකාර වන සමීක්ෂණ, ප්‍රශ්නාවලි, විභාග සහ තවත් විශේෂාංග ද සපයනු ලබයි.

එළිදැක්වීමේ උත්සවය 2022 අප්‍රේල් 8 වන දින  Microsoft SEANM හි ප්‍රධාන හවුල්කාර නිලධාරී Anh Pham මහතාගේ ප්‍රධානත්වයෙන් Alethea ජාත්‍යන්තර පාසලේදී පැවැත්විණි. “Future Ready Skills for Higher Education” තේමාව යටතේ සිය අදහස් දැක්වූ එම මහතා මෙසේ පවසා සිටියේය “Alethea හරහා ශ්‍රී ලාංකික සිසුන්ට RESET LMS හඳුන්වා දීම සම්බන්ධයෙන් SEANM කලාපයේ අපගේ ප්‍රධාන හවුල්කරුවෙකු වන Trainocate ආයතනයට මම මේ අවස්ථාවේ මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. එමගින් ඔවුන් ඊළඟ පරම්පරාවේ ශ්‍රී ලාංකීය වෘත්තිකයන්ට මහඟු අත්වැලක් සපයනවා”.

ලොව පුරා ආයතන විශාල ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන Microsoft 365 යොදාගනිමින් මූලික මට්ටමේ සිට පුහුණුව ලබා දීම තුලින් RESET වැඩසටහන තොරතුරු තාක්‍ෂණික අධ්‍යාපනය තුල පවතින හිඩැස පුරවනු ලබයි. මෙම වැඩසටහන මගින් සිසුන්ගේ ඵලදායිතාව සහ ඔවුන්ට ඔවුන් කෙරෙහි ඇති විශ්වාසය වැඩිදියුණු කිරීම සිදු වන අතර එමගින් අනාගතයේදී දක්‍ෂ සහ කාර්යක්‍ෂම ශ්‍රම බලකායක් ගොඩනැගීමට මග පාදයි. 

“ දිගු කලක පටන් අපට  Alethea සමඟ ඉතා යහපත්  හවුල්කාරිත්වයක් පවතින අතර RESET වැඩසටහන ක්‍රියාත්මක කිරීම එයට සාක්ෂියක්. අපි විශ්වාස කරනවා මෙම වැඩසටහන  ගුරුවරුන්ට සහ සිසුන්ට, ඩිජිටල් අනාගතයක් කරා යන ඔවුන්ගේ ගමනට අත්වැලක් වේවි කියලා. පාසලේ සහ සිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා අපගේ සේවා මගින් සහය වීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා” Trainocate හි ප්‍රධාන විධායක නිළධාරී සෆරුල්ලා හෂීම් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.

RESET විසින් සිසුන්ට ඉතා කුඩා කාලයේ සිටම කර්මාන්ත ලෝකයට  සූදානම් වීමට අවස්ථාවක් ලබා දේ. මෙම වැඩසටහන ඕනෑම ස්ථානයක සිට භාවිතා කල හැකි අතර 6 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය දක්වා ශ්‍රේණියෙන් ශ්‍රේණියට ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව Microsoft හි ගෝලීය, ප්‍රමුඛ ඉගෙනුම් සහකරු වන Trainocate විසින්  Microsoft Fundamentals 365 පුහුණුවද සපයනු ලබයි. මෙම වැඩසටහන ගුරු සිසු දෙපාර්ශයටම වැදගත් වන අතර Alethea හි අධ්‍යාපන ගුණාත්මකභාවය ඉහල නැංවීමටද උපකාර වේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *