නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය ඩීමෝ මුල්වරට වෙළෙඳ පොළට නිකුත් කරයි

0

Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් කරමින් පවතී. මුල්ම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන කලම්බු ලොජිස්ටික්ස් වෙත පසුගියදා භාර දෙන ලදී.

මෙම අවස්ථාවට කලම්බු ලොජිස්ටික්ස් හි සමූහ උපදේශක, විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි පී. ගාල්ලගේ, කලම්බු පොර්ට් සර්විස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත සොයිසා, ඩීමෝ හි සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ, ඩීමෝ හි සමූහ විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ අසංග රණසිංහ, ඩීමෝ හි Mercedes-Benz ප්‍රධානී රජීව් පණ්ඩිතගේ හා ඩීමෝ හි (Mercedes-Benz වෙළෙඳ වාහන අංශයේ)  ව්‍යාපාර ඒකක කළමණාකරු ශමල් ප්‍රනාන්දු යන මහත්වරු සහභාගී වූහ.

නවතම  Sprinter සින්ගල් කැබ් රථය, Mercedes-Benz වෙළෙඳ වාහන අතරින් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ සාර්ථක වාහන මාදිලියක් වෙයි. 190bhp දක්වා ඇති ලිටර් 2.2 ද්විත්ව ටර්බෝ එන්ජිම හා වේග 7 ස්වයංක්‍රීය ගියර් පද්ධතිය සමගින් Sprinter රථය, උපරිම බලය, අවම මෙහෙයුම් පිරිවැය, වැඩිදියුණු කළ ආරක්ෂිත විශේෂාංග, රියදුරන් හා මගීන් සඳහා වැඩි දියුණු කළ සුවපහසුව ආදිය සංකලනය කරමින් නිපදවා තිබේ.  මෙම Sprinter සින්ගල් කැබ් රථය,‍් භාණ්ඩ ප්‍රවාහන අංශවල,‍් ඉදිකිරීම් අංශවල මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වඩාත් උචිත වේ.

“මෙම Sprinter සින්ගල් කැබ් රථය,  මූලික වශයෙන් කොළඹ වරාය ආශ්‍රිත අපගේ මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගනු ලබනවා. මෙම Mercedes-Benz රථය ඩීමෝ හරහා මිලදී ගැනීම නිසා, වසර ගණනක් කිසිදු අවහිරයකින් තොරව, ධාවනය කිරීමේ හැකියාව පවතින බව අපට විශ්වාසයි. දැනටමත් කාර් හා ලොරි රථ ඇතුළුව, Mercedes-Benz වාහන ගණනාවක් අපට තිබෙනවා. සනාථ කළ හැකියාවන් සමග පාරිභෝගිකයින් හට උසස්තම සේවාවක් ලබා දීම පිළිබඳ  ඩීමෝ නිරතුරුවම සහතික වෙනවා. අපි වසර ගණනාවක් පුරා ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන නිසා, ඩීමෝ අද වන විට, එක්තරා ආකාරයකින් අපගේ හවුල්කාර සමාගමක් වගෙයි. ඒ වගේම, තවත් Sprinter රථ ඇතුළුව, අනෙකුත් වාහනද ඩීමෝ වෙතින් මිලදී ගැනීමට අපි දැනටමත් සැලසුම් කර තිබෙනවා. සමස්තයක් විදිහට, මෙම Sprinter රථය අපට සුවිශේෂ ආයෝජනයක්. ඒ වගේම ඉදිරියේදිත් ඩීමෝ සමග සමීපව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” කලම්බු ලොජිස්ටික්ස් හි සමූහ උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගී පී. ගාල්ලගේ සඳහන් කළේය.

“Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය බොහෝ ව්‍යාපාරයන්හි ප්‍රගතියට දායක වන කාර්යක්ෂම හා විශ්වාසවන්ත ප්‍රවාහන විසඳුමක් හැටියට හඳුනාගෙන තිබෙනවා. අපගේ පාරිභෝගිකයින් තවදුරටත් දිරි ගන්වමින් ඉතා සිත් ගන්නාසුලු මිලකට අප මෙම රථය හඳුන්වා දී තිබෙනවා.” යනුවෙන් අදහස් දක්වමින් ඩීමෝ හි Mercedes-Benz ප්‍රධානී රජීව් පන්ඩිතගේ පැවසීය.

වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පවතින වාහන සන්නාම හා සසඳද්දී Mercedes-Benz වෙළෙඳ වාහන, ගෙවන මුදලට ඉහළම වටිනාකමක් දෙන, අධි බරක් පැටවිය හැකි සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අතින් වඩාත් හොඳ මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයේදී අන්තර්ගතයේ ඉහළම සුරක්ෂිතතාව සහතික කෙරෙන වාහන වශයෙන් ලොව පුරා ප්‍රකට වී තිබේ. අද වන විට, මහා පරිමාණ ව්‍යාපෘතීන් හා වේගයෙන් ව්‍යාප්ත වන මාර්ග ජාලය නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය ඉතා සීඝ්‍රයන් වෙනස් වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුකූලව ව්‍යාපාර පවත්වාගෙන යාමටත්, නවතම ප්‍රවාහන විසඳුම්වලින් ව්‍යාපාර සන්නද්ධ කිරීමේ හැකියාවත් රටක් වශයෙන් අත්‍යවශ්‍ය වේ. Mercedes-Benz එම අවශ්‍යතාව සපුරාලීමේ හැකියාව සතු සන්නාමයකි. ඩීමෝ වෙතින් මෙම නවතම Sprinter රථයෙහි ගැනුම්කරුවන් හට, 15,000 km සේවා වාර සමගින් වසර 5 ක සුවිශේෂී වගකීමේ සහතිකයක් පිරි නැමෙන අතර, එය වෙළෙඳ පොළට නිකුත් කර ඇත්තේ, රුපියල් මිලියන 6.9 ක පහසු හඳුන්වා දීමේ මිලකට ය. විශාල ප්‍රමාණයේ භාණ්ඩ මෙන්ම, අධික බරින් යුතු භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා සුවිශාල විවෘත ඉඩකඩක් මෙම Sprinter සින්ගල් කැබ් රථයෙහි පවතී. 9.2 m² බර පැටවීමේ ඉඩකඩ, හතරැස් හැඩයේ ඉහළම නිමාවෙන් යුතු ඇලුමිනියම් බිත්තිවලින් සමන්විත වේ. එමගින් බර පැටවීමේ ශක්තිමත් මතුපිටක්  පවත්වා ගැනීමේ ඉඩකඩ සකස් කෙරෙයි.

නවතම Sprinter සින්ගල් කැබ් රථය දිග ප්‍රමාණය අනුව කම්පැක්ට්, ස්ටෑන්ඩට් ඇන්ඩ් ලෝන්ග්, ස්ටෑන්ඩඩ් කැබ් හෝ ඩබල් කැබ් ආදී වශයෙන්ද, භාණ්ඩ පැටවීමේ ඉඩකඩ 9.2 m2 දක්වා වන සිත් ඇද ගන්නා වෙනස්කම් සමගින්දී පාරිභෝගිකයින් හට පිරි නැමේ. 3000kg, 3500kg, 4100kg හා 5000kg වැනි අනුමත උපරිම බරක් කාණ්ඩයක් යටතේ මෙන්ම, ෆ්රන්ට්, රෙයාර් හෝ ෆෝවීල් වශයෙන්ද, මිලදී ගැනීමට හැකියාව පවතී.

Sprinter සින්ගල් කැබ් රථයේ වෙනස් කාණ්ඩ හා ඒවායේ සුවිශේෂාංග හේතුවෙන් ප්‍රවාහනයේ ස්වභාවය අනුව චැසිය හා විවෘත අවකාශය භාවිතා කිරීමට හැකියාව ලැබේ. විවෘත අවකාශයේ භාණ්ඩ පැටවීමේ ඉඩකඩ  වාහනයේ දිග අනුව උපරිම මට්ටම කරා ළඟා විය හැකිය. එහෙත් සැලකිය යුතු බරක් ප්‍රවාහනයේදී, 5500kg බර කාණ්ඩයේ වාහනයක් සුදුසු වේ. ස්ටෑන්ඩඩ් කැබින් හි පුද්ගලයින් තිදෙනකු සඳහා ඉඩකඩ පවතින අතර, ඩබල් කැබ් රථය තුළ පුද්ගලයින් 07 දෙනකුගෙන් පමණ සමන්විත කුඩා කණ්ඩායමකට වුවත් ප්‍රමාණවත් ඉඩකඩක් පවතී. සෑම ක්ෂේත්‍රයකම විශේෂ අවශ්‍යතා වෙනුවෙන්, ඉහළම තත්ත්වයේ වාහන බොඩි විසඳුම්ද ඒ සමග පවතී.

Sprinter සින්ගල් කැබ් රථයේ වඩාත් විශේෂිත කාරණයක් නම් එහි සුරක්ෂිත භාවයයි. එහි සැකැස්ම හා නිෂ්පාදනය සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය හේතුවෙන්, විශේෂයෙන් එහි ස්ථාවර බඳ ඉතාමත් සවිමත් ය. රිය ධාවන සහය පද්ධතිය රියදුරාගේ සුවපහසුව වැඩි කරන අතර, එමගින් රිය මෙහෙයවීමේ කාර්යක්ෂමතාව වැඩි කරයි.  අධි සුළං ප්‍රවාහ මැඩලීමේ සහය, ක්‍රියාකාරී තිරිංග සහය, මං තීරු වෙනස් වීම හඳුනා ගැනීමේ සහය ආදී සුවිශේෂාංග රැසක් එහි ඇතුළත් කර තිබේ. ඉහළ ක්‍රියාකාරිත්වයෙන් යුතු LED හෙඩ්ලයිට්, රාත්‍රී කාලයේ රිය ධාවනයේදී, මාර්ගය විශාල දීප්තියකින් ඒකාලෝක කරමින් පැහැදිලිව පෙන්නුම් කරයි.

ඡායාරූප විස්තරය – කලම්බු ලොජිස්ටික්ස් හි සමූහ උපදේශක, විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගී පී. ගාල්ලගේ හා කලම්බු පෝර්ට් සර්විසස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත සොයිසා යන මහත්වරුන් ඩීමෝ සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රන්ජිත් පණ්ඩිතගේ මහතා අතින් යතුර භාර ගත් අවස්ථාව. ඩීමෝහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ, ඩීමෝ හි Mercedes-Benz ප්‍රධානී රජීව් පණ්ඩිතගේ හා ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ අසංග රණසිංහ යන මහත්වරුද එම අවස්ථාවට සහභාගි වූහ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *