Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර ප්‍රමුඛයා Nova 7i සමඟින් අසීමිත විනෝදාස්වාදයක්

0

අසීමිත විනෝදාස්වාදය සමඟින් පරිශීලකයාට තාක්ෂණික පහසුකම් සහ විශේෂාංග රැසකින් සමන්විත ස්මාර්ට් දුරකථන අත්දැකීමක් හිමි කර දෙන Nova 7i, Huawei Nova පරපුරේ තවත් එක විශිෂ්ඨ හඳුන්වා දීමකි.  ඉතා පැහැදිළි හා ගුණාත්මක බවින් ඉහළ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සමගින් එන Nova 7i හරහා ජංගම දුරකථන ඡායාරූපකරණයේ විශිෂ්ඨයින් වීමේ අභිප්‍රායෙන් සිටින ඕනෑම අයෙකුට සිය ඡායාරූපකරණ දක්ෂතා විදහා පෑමට අවස්ථාව හිමි වේ. 

විශිෂ්ඨ ඡායාරූප ලබා ගැනීමේ හැකියාවට අමතරව කිසිඳු බාධාවකින් තොරව දුරකථන ක්‍රීඩා හි නිරත විය හැකි වීම, වඩාත් පැහැදිළි ලෙස සංගීතයට හෝ ශබ්ද සඳහා සවන් දීමේ හැකියාව, ඉහළ ගුණාත්මක බවින් යුත් වීඩියෝ ගත කිරීම් සිදු කිරීම ඇතුළු විශේෂාංග රැසක  අත්දැකීම හිමි කර ගැනීමේ අවස්ථාව Nova 7i හරහා පරිශීලකයාට හිමි වේ.

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.  උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ.  ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව හිමි වේ. 

තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දේ.

Kirin 810 පරිපථයක් මගින් බල ගන්වා ඇති  Nova 7i ,  8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ. 

Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර Nova 7i  ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 7i  භාවිත කරන්නන්ට ඉඩ සැලසේ.

Nova 7i හි වීදුරු වක්‍ර දාර අලංකාර නිමාවක් දුරකතනයට  එක් කර ඇති අතර පහසු පරිශීලක අත්දැකීමක් හිමි කර දීමට සමත් වී ඇත. පික්සල් 1080 x 2310 resolution සහ 83.5% screen to body ratio සමඟින් එන Huawei Nova 7i හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත. අඟල් 6.4 ක් තරම් වූ full HD  තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇත.

Huawei Nova 7i, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස් , දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර , Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.   

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *