ලංකා විදුලිබල මණ්ඩලයේ, බලශක්ති උත්පාදන පුළුල් කිරීමේ දිගු කාලීන සැලැස්මට අනුව 2039 වන විට විදුලි උත්පාදනයෙන් 70 %ක් පොසිල ඉන්ධන මගින්

0

ඉහළ පිරිවැයක් වැයවන ගල් අඟුරු සහ LNG බලයෙන් ක්‍රියාත්මක වන විදුලිය සඳහා ප්‍රමුඛතාවය දෙමින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් (CEB)  සැලසුම් කර ඇති දිගුකාලීන විදුලිය උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මෙහි මෙම නව සංශෝධනයට අනුව, 2039 වසර වන විට, පොසිල ඉන්ධන මගින් උත්පාදනය කෙරෙන විදුලි ප්‍රතිශතය 70% ක්  වනු ඇති බවට, නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි. ඒ අනුව 2039 වසර වෙද්දී, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ විදුලි අපේක්ෂාවන් සපුරාලීම පිණිස ගල් අඟුරු, ගෑස් හා ඉන්ධන මගින් වන විදුලි උත්පාදනය තවදුරටත් වර්ධනය වේ. එම වාර්තාවට අනුව, 2020 වෙද්දී 60% ක් වන පොසිල ඉන්ධන මගින් උත්පාදනය කෙරෙන විදුලි ප්‍රතිශතය, 2039 වසර වන විට 70 % දක්වා වර්ධනය වීමට නියමිතය. 

“සුළං සහ සූර්ය බලශක්තිය මගින් අතිරේක විදුලි උත්පාදනයට සැලසුම් කර ඇතත්, සූර්ය හා සුළං බලශක්ති මූලාශ්‍ර ශ්‍රී ලංකාව සතුව පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය දැන සිටින කරුණක් වුවත්, මෙම සැලැස්මට අනුව, විදුලි උත්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රය වනු ඇත්තේ,‍ ආනයනික පොසිල ඉන්ධනයි. මෙම සැලැස්මට  අනුව, 2020 වන විට 60% ක් වන පොසිල ඉන්ධන මගින් උත්පාදනය වන විදුලි ප්‍රතිශතය, 2039 වසර  වන විට ගල් අඟුරු, ගෑස් හා ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරමින් 70% ක් දක්වා වර්ධනය කෙරෙනු ඇති.” යනුවෙන්, එක්සත් ජනපදය පදනම් කර ගත් බලශක්ති ආර්ථික හා මුල්‍ය විශ්ලේෂණ ආයතනය (IEEFA)  විසින් අනතුරු අඟවා තිබේ.

එමෙන්ම එම කාරණය, විදුලි උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය (මහා පරිමාණ ජල විදුලි උත්පාදනය ඇතුළත්ව) මගින් ලබා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද ඉල්ලීමට සපුරා පටහැනි ය.

ඉකුත් වසරේ මැයි මස 24 වන දා, ලංකා විදුලි බල මණ්ඩලය විසින් දීර්ඝ කාලීන විදුලි උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම 2020-2039 (LCLTGEP 2020-39)  වෙනුවෙන් සකස් කළ කෙටුම්පත, අනුමැතිය පිණිස මෙරට උපයෝගිතා අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) වෙත ඉදිරිපත් කරන ලදී. කෙසේ වෙතත්, පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල උත්පාදනය 50 % දක්වා ඉහළ නැංවීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙන්ම, ආර්ථික පිරිවැය හා අවම පිරිවැය තාක්‍ෂණය යනාදිය සැලකිල්ලට ගැනීමට එය අපොහොසත් වී ඇති බැවින් ඊට සංශෝධනය සිදු කරන ලෙස කොමිසම, ලංකා විදුලි බල මණ්ඩලය වෙතින් ඉල්ලීම් කර තිබේ. 

එම සැලැස්ම වර්තමාන තත්වයෙන් ක්‍රියාවේ යොදවන්නේ නම්, සමස්ත පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ දායකත්වයෙන් (මහා පරිමාණ ජල විදුලි උත්පාදනය ඇතුළුව) 2023 වසර වන විට ඉහළම ප්‍රතිශතයක් වාර්තා කළ හැකි වුවත්, ඊළඟට එම ප්‍රතිශතය ක්‍රමයෙන් පහත බැසීමට ඉඩ කඩ පවතී. ඒ අතර, 2030 දශකයේ අග වන විට ගල් අඟුරු මත පදනම් වූ විදුලිය අඛණ්ඩවම ජාතික විදුලිබල සැපයුමට එක් කිරීම සැලකිල්ලට ගෙන තිබේ. බලශක්ති ආර්ථික හා මුල්‍ය විශ්ලේෂණ ආයතනය (IEEFA) පෙන්වා දෙන්නේ, ආනයනික පොසිල ඉන්ධන මත විශ්වාසය තැබීම වෙනුවට, පුනර්ජනනීය බල ශක්තිය හා grid බලශක්ති ආයෝජන පිළිබඳ අවධානය යොමු කිරීම රටට වාසිදායක බවයි.

“ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර හා grid ආයෝජන පිළිබඳව යළි අවධානය යොමු කිරීමත් ඉතා හොඳින් සිදු කරනවා. සුළං හා සූර්ය බලාගාර ඉතාමත් ලාභදායකයි. පවතින අධික විදුලි ඉල්ලුමට විසඳුමක් වශයෙන්  හා අධික ධාරිතාවන්ගෙන් මිදීම සඳහා  ඉතාමත් කඩිනමින්  ආදේශක අදියරවලින් ඉදි කිරීමත් කළ හැකියි. පුනර්ජනනීය බලශක්තිය මත වැඩි විශ්වාසයක් තැබීමට නම් බැටරි සහ පොම්ප කරන ලද ජල ගබඩා පහසුකම් වැනි තාක්ෂණයන් අවශ්‍යයි. මෙම තාක්ෂණයන් විදුලි උත්පාදනය සම්බන්ධ දීර්ඝ කාලීන සැලසුම්වලදී සැලකිල්ලට ගෙන තිබීමේ ගෞරවය ලංකා විදුලිබල මණ්ඩලය වෙත හිමි වෙනවා. අඩු වියදම් බලශක්ති ප්‍රභවයන් වන සුළං සහ සූර්ය බලශක්ති මගින් විදුලිය උත්පාදනය කිරීමේ ධාරිතාවය වැඩිවන විට,‍ ඉන්දීයානු grid බලශක්ති ක්‍රමවේදය හා අන්තර් සම්බන්ධතාවය සවිමත් වනු ඇති.” එමගින් විදුලිබල මණ්ඩලය වෙත හා ප්‍රතිපත්ති සම්පාදකයින් වෙත අවධාරණය කර තිබේ.

බලශක්ති ආර්ථික හා මුල්‍ය විශ්ලේෂණ ආයතනය (IEEFA) රජය වෙත අවධාරණය කරන්නේ, යම් යම් පාර්ශවයන් විසින් කරනු ලබන නොමග යැවීම්වලට හසු නොවී, රටෙහි සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර සුදුසු කාර්යයන් සිදු කරන ලෙසයි.

“පොසිල ඉන්ධන බලශක්ති ධාරිතාව ඉක්මවා බලශක්තිය උත්පාදනය  කරන අනෙකුත් ආසියානු රටවල් සිදුකරන වැරදිවලින් පාඩම් ඉගෙන, ලාභදායක පුනර්ජනනීය බලශක්තිය මූලාශ්‍ර පිළිබඳ අවධානය යොමු කිරීමේ වර්ධනය වන ගෝලීය ප්‍රවණතාවන් හඳුනා ගැනීමත් සැලසුමට ඇතුළත් විය යුතුයි.” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *