2025 දෙසැම්බර් මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල වර්ධනයක්

0
The-construction-of-the-Cardiac-and-Critical-Care-Complex

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2025 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 67.1ක් දක්වා ඉහළ ගියේය.

මෙම මාසය මුල අයහපත් කාලගුණික තත්ත්වයන් ආශ්‍රිත බාධාවන් පැවතියද, බොහෝ සමාගම් ඉදිකිරීම් ක්‍රියාකාරකම්වල වර්ධනයක් වාර්තා කළහ.

දෙසැම්බර් මාසයේ දී නව ඇණවුම් දර්ශකය තවදුරටත් ඉහළ ගියේය.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු විසින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් ව්‍යාපෘති හා පෞද්ගලික අංශයේ නව ව්‍යාපෘතිවල වැඩිවීමක් වාර්තා කරන ලදී.

මෙම මාසය තුළ ස්ථාවර රැකියා තත්ත්වයන් පිළිබිඹු කරමින් සේවා නියුක්ති දර්ශකය කඩඉම් මට්ටමේ පැවතුණි.

තවද, තොග මිලදී ගැනීම් දර්ශකයේ වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය දෙසැම්බර් මාසයේ දී ද ඉහළ ගියේය.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *