පිම්මේ ගිය ලෝක රන් මිල පහළට. හෙට්ටිවීදියේ මිලත් බසී

0
gold-1633957281

පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍රයෙන් ඉහළ ගිය රන් මිලෙහි පහළ යාමක් අද දිනය තුළ දී වාර්තා වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යහ්නය වන විට ගෝලීය රන් අවුන්සයක මිල ඩොලර් 5,150 මට්ටම දක්වා පහළ ගොස් තිබුණි. ඒ ඊයේ (29) දිනයේ දී ඉතිහාසයේ පළමු වරට ගෝලීය රන් මිල ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් තිබුණු පසුබිමකය.

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් ද ඊයේ දිනයට සාපේක්ෂව අද (30) රු. 20,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 24” රන් පවුමක මිල රුපියල් 400,000ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (29) රුපියල් 386,400ක් ලෙස පැවති “කැරට් 22” රන් පවුමක මිල අද වනවිට රු. 368,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

උපුටා ගැනීම : අද දෙරණ

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *