Ocean Lanka 25 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට පාත්‍ර වෙයි

0

ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගම පසුගියදා 25 වැනි වරටත්  සංවිධානය කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී කැපී පෙනෙන ජයග්‍රහණයන්ට පාත්‍ර විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී සිය සමාරම්භක සහභාගීත්වය සනිටුහන් කරමින්  Ocean Lanka, අපනයන කර්මාන්තය සඳහා සිය කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක්විය. අපනයන විශිෂ්ටත්වය සඳහා ලැබෙන ඉහළම ජාතික පිළිගැනීම ලෙස හඳුන්වන මෙම සම්මාන, කර්මාන්ත ප්‍රමිතීන් සැකසීමට සහ ගෝලීය වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට Ocean Lanka හි කැපවීම විදහා දක්වයි.

1981 දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ආරම්භ කරන ලද ජනාධිපති අපනයන සම්මාන උළෙල මේ දක්වා 24 වතාවක් පවත්වා ඇති අතර මෙවර පැවැත්වුණු 25 වැනි උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අදාළ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, සම්මානලාභීන් සහ අපනයනකරුවන් ඇතුළු ආරාධිතයන් 1500කගේ පමණ සහභාගිත්වයෙන් සිදුවිය.

“ජනාධිපති අපනයන සම්මාන 2021/22” හි  Knitted Fabric කාණ්ඩයේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබීමටත් “ජනාධිපති අපනයන සම්මාන 2022/23” හි Knitted Fabric කාණ්ඩයේ කුසලතා සම්මානය හිමිකර ගැනීමටත් Ocean Lanka සමත්විය. ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යමින් රෙදිපිළි අංශයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් සඳහා Ocean Lanka හි කැපවීම මෙම පිළිගැනීම් මඟින් වඩ වඩාත් පිළිබිඹු කරයි.

මෙම ජයග්‍රහණයන් පිළිබඳව Ocean Lanka පෞද්ගලික සමාගමෙහි  කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස්  දැක්වීය. “අඛණ්ඩව වසර දෙකක් මෙම කීර්තිමත් සම්මාන ලබා ගැනීමට ලැබීම අපට සැබවින්ම ගෞරවයක්. මෙම ජයග්‍රහණ සමස්ත Ocean Lanka කණ්ඩායමේ වෙහෙස මහන්සිය, කැපවීම සහ ඔවුන් සතු නව්‍යභාවය පිළිබඳව කදිම සාක්‍ෂියක්. මින් ඉදිරියටත් කර්මාන්තයේ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් දැක්වීමට අප කැපවී සිටිනවා.”

රෙදිපිළි කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය සඳහා සිය නොසැලෙන කැපවීම ප්‍රදර්ශනය කරමින් නවෝත්පාදනයන් බිහි කරමින් සිය අපනයන ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීම Ocean Lanka හි අපේක්‍ෂාවයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *