මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් සංවිධානය කරන ලද  “DIMO කෙයා  කෑම්ප් ”  ට්‍රැක්ටර් රථ සේවා කඳවුර සාර්ථකව නිමා වේ

0

මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක්වෙමින් DIMO Agribusinesses දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ  සංවිධානය කරන ලද “DIMO කෙයා  කෑම්ප්” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා විශාල ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින්  සාර්ථකව අවසන් විය.

ඕනෑම කන්නයකට පෙර කෘෂි යන්ත්‍රෝපකරණ නිසි නඩත්තු සේවා සඳහා යොමු කිරීම තුළින් කාර්යක්ෂමව වගා කටයුතු කිරීමේ හැකියාව ගොවි ප්‍රජාවට ලැබෙන අතර ඒ සඳහා ගොවි ජනතාවට සහයෝගය ලබා දීමේ අරමුණින් DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO Agribusinesses මෙම වැඩසටහන දියත් කරන ලදී. Mahindra සහ Swaraj  ට්‍රැක්ටර් රථ මෙන්ම Claas වැනි ලොව සුපතල කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙමින්, එම යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා ලබා දීමේ පළපුරුද්ද සහ නිපුණත්වය තුළින් උසස් තත්ත්වයේ සේවාවක් මහ කන්නය සඳහා සුදානම් වන සියලුම ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා ලබාදීම “DIMO කෙයා කෑම්ප්“ වැඩසටහනේ මූලික අරමුණයි. ඕනෑම ට්‍රැක්ටර් රථයක් නොමිලේ පරික්ෂා කරගනිමින් සේවා ලබාගැනීමේ හැකියාව සහ අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබාදීම මෙහි සුවිශේෂී අංගයක් ලෙස දැක්විය හැක.

“DIMO කෙයා කෑම්ප්“ වැඩසටහන දින 12ක් මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර වැනි  කෘෂිකාර්මික දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ අතර මෙම සෑම දිස්ත්‍රික්කයකම චෙන්කලාඩි, උහන, සෙවණපිටිය, ගල්නෑව, ඉබ්බාගමුව සහ ගලෙන්බිදුණුවැව යන නගර කේන්ද්‍රකරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. මේ වැඩසටහන් සඳහා විවිධ වෙළඳනාම සහිත ට්‍රැක්ටර් රථ හිමියන් විශාල පිරිසක් සහභාගී වී සිය ට්‍රැක්ටර් රථ සේවා නොමිලේ සිදු කරගත් අතර ඒ තුළින් ජාත්‍යන්තර තත්ත්වයේ  සේවා අත්දැකීමක් ලබාගැනීමට ඔවුන්ට හැකිවිය.

DIMO හි අලෙවියෙන් පසු සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා පැවසුවේ “DIMO සමාගම කෘෂිකර්මාන්තයේ සියලුම අංශ තුළ සිය මෙහෙයුම් දියත් කරමින් ලාංකීය ගොවි ප්‍රජාවගේ  සිහින සහ අභිලාෂයන් බලගන්වන සමාගමක් ලෙස “DIMO කෙයා කෑම්ප්” වැඩසටහන මහ කන්නයට සැරසෙන  ගොවි ප්‍රජාව  අපගේ සේවා නිපුණත්වයෙන්  ශක්තිමත් කිරීමට ගත් එක් උත්සහයක්. මෙවැනි වැඩසටහන් හරහා ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය සඳහා යොමුකර ඵලදායිතාවය වැඩිකරදීම අපගේ මූලික අරමුණයි.

කෘෂි යන්ත්‍රෝපකරණ පමණක් නොව ලොව ප්‍රමුඛ පෙළේ සන්නාම වල බලමෙවලම්, ටයර් සහ මෝටර් රථ අමතර කොටස්  DIMO මෙරටට හඳුන්වා දෙන අතර DIMO Lumin සන්නාමය යටතේ උසස් තත්වයේ ආලෝකකරණ උපාංගද DIMO ආයතනය මෙරට පාරිභෝගිකයන්ට පිරිනමයි. “DIMO කෙයා කෑම්ප්” වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට එම නිෂ්පාදන අත්දැකීමටත් විශේෂ වට්ටම් යටතේ  මිලදී ගැනීමටත්  මෙහිදී අවස්ථාව හිමි විය. තවද නොමිලේ ඇස් පරික්ෂා කරගැනීමට විශේෂ අක්ෂි සායනයක් ද මෙහිදී සංවිධානය කර තිබුණි. එසේම “DIMO කෙයා කෑම්ප්” වැඩසටහන වඩාත්

විනෝදජනක අත්දැකීමක් බවට පත්කරමින් DIMO ආයතනය FM දෙරණ ගුවන් විදුලිය සමඟ එක්ව විනෝදාත්මක ක්‍රීඩා සහ විශේෂ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කරන ලදී.

“DIMO කෙයා කෑම්ප්“ ශ්‍රී ලංකාව තුළ පැවැත් වූ ප්‍රථම සියලුම ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා විවෘත වූ  සේවා වැඩසටහනක්  ලෙස ඉතිහාසගත වන අතර ගොවි ප්‍රජාවගේ ඉහළ ප්‍රතිචාර මත  DIMO Agribusinesses මෙම වැඩසටහන වාර්ෂිකව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *