දුර්ලභ මැණික් නිර්මාණවල අද්විතීය සුන්දරත්වය FACETS Sri Lanka 2024 හි දී ප්‍රදර්ශනය කෙරේ

0

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර සහයෝගීතාවයෙන් පැවැත්වෙන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka  ප්‍රදර්ශනය 2024 වසරේ ජනවාරි 6 සිට 8 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ හි දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂ ප්‍රදර්ශන කුටි කිහිපයක් ද සංවිධානය කිරීමට නියමිත අතර  මෙම අවස්ථාව  ශ්‍රී ලංකාවේ  මැණික් හා ස්වර්ණාභරණවල අද්විතීය චමත්කාරය ප්‍රකට කරන සුවිශේෂී සැමරීමක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙහිදී සංවිධානය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදර්ශන කුටි අතරින් වටිනාකමින් ඉහළ දුර්ලභ මැණික් නිර්මාණ එකතුවකින් සමන්විත ප්‍රදර්ශන  කුටිය  වෙත නිසැක වශයෙන්ම නරඹන්නන්ගේ වැඩි ආකර්ෂණයක් හිමි වනු ඇත. ශ්‍රී ලාංකේය නිල් මැණික් ඇතුළු විවිධ වර්ණයන්ගෙන් යුත් සුවිශේෂී මැණික්වල විචිත්‍රත්වය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන්ම මෙම ප්‍රදර්ශන කුටිය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබේ.

අපේ රටේ රළු මැණික්  සහ කපා ඔප දැමූ මැණික් යන දෙයාකාරයෙන්ම මැණික් ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වන අතර ලොව වටිනාම මැණික් එකම අවකාශයක් තුළදී  දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙහිදී නරඹන්නන් වෙත ලබාදීමට අපේක්ෂා කරයි.

දුර්ලභ මැණික් නිර්මාණ ප්‍රදර්ශන කුටියෙහි  සභාපති සහ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගම් මණ්ඩලයේ සභාපති ෂසීන් ෆාරුක්  මහතා සිය අදහස් මෙසේ ප්‍රකාශ කළේය.  ” දුර්ලභ මැණික් නිර්මාණ ප්‍රදර්ශන කුටිය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ ගැන මෙතෙක් අත්නොවිඳි නැවුම්  අත්දැකීමක් පිරිනමමින්  මැණික් හා ස්වර්ණාභරණ පිළිබඳව නරඹන්නන් වෙත නැවත නිර්වචනයක් ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු  වෙනවා .ශ්‍රී ලාංකේය නිල් මැණික් , රළු මැණික්වල ස්වරූපයෙන් මෙන්ම විශිෂ්ට ලෙස කපා ඔප දැමූ ආකාරයෙන් ලෝකයට ඉදිරිපත් කිරීමට ලැබීම ගෞරවයක්.”

මෙහිදී අදහස්  දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගම් මණ්ඩලයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත සිල්වා මහතා මෙසේ පැවසුවේය.  “FACETS Sri Lanka 2024 සඳහා මෙම විශිෂ්ට මැණික් නිර්මාණවලින් සමන්විත ප්‍රදර්ශන කුටිය එක් කිරීම අපගේ මැණික් කර්මාන්තයේ සුවිශේෂීත්වය පිළිබඳ කදිම සාක්ෂියක් ලෙස ඉතිහාස ගත වේ යැයි අපි සිතනවා. මේ තුළින් ශ්‍රී ලංකාවේ නිල් මැණික්වල අද්විතීය සුන්දරත්වය ලොවටම පෙන්වීමට අපිට හැකියාව උදාවෙනවා “

දේශීය මැණික් ස්වභාවික ලෙස සහ නිමවූ, දිදුලන ආකාරයෙන්ද දැක බලා ගැනීමේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සුවිශේෂී අවස්ථාව දුර්ලභ මැණික් නිර්මාණ කුටිය වෙත පැමිණෙන අමුත්තන් වෙත හිමි වන අතර නිල් මැණික් ඒවායේ දෘශ්‍ය ආකර්ෂණය වැඩි දියුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ප්‍රදර්ශන කුටි තුළ  ඒවා තැන්පත් කර තබනු ඇත.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගම් මණ්ඩලයේ  අධ්‍යක්ෂ පුන්සිරි තෙන්නකෝන් මහතා මෙසේ සිය අදහස්  බෙදා ගත්තේය: ” දුර්ලභ  මැණික් නිර්මාණ ප්‍රදර්ශන කුටිය  ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ උරුමය පිළිබඳ සාක්ෂියක් මෙන්ම එය සහභාගි වන සියලු දෙනාගේ සිත් ඇද ගන්නා ආකර්ෂණීය ස්ථානයක් වෙනවා. එහිදී නිල් මැණික්වල මුල් ස්වාභාවික ස්වරූපයේ සිට  ඔප දැමූ පරිපූර්ණත්වය දක්වා සම්පූර්ණ වර්ණාවලියෙන් නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා.”

දුර්ලභ මැණික් නිර්මාණ ප්‍රදර්ශන කුටිය FACETS Sri Lanka 2024 හි දී මැණික්වලට ඇලූම් කරන සියලුම පුද්ගලයින්ට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මෙම දුර්ලභ මැණික් නිර්මාණ ප්‍රදර්ශන කුටිය සීමිත නරඹන්නන් ප්‍රමාණයකට පමණක් විවෘත වන අතර ඒ සඳහා  ප්‍රවේශපත්‍ර FACETS Sri Lanka 2024 හි දී ජනවාරි 5 වැනිදා සිට  සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ  Atrium Lobby හිදී ලබා ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *