මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය වර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය සිය ප්‍රසාදය පළ කරයි.

0

ශ්‍රී ලංකා රජයේ නිල පිළිගැනීම හිමි මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් මෑත කාලීනව ජාතික ආර්ථිකය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය මඟින් ඉටු කරන ලද මෙහෙවර අගය කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය පුද කරයි .ආර්ථිකය වර්ධනය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් සිදුකරන ආදායම් මාර්ගයක් වන මැණික් හා ස්වර්ණාභරණ අපනයන සහ ප්‍රතිඅපනයනය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දක්වන කැපවීම පිළිබඳව ද මෙහිදී එම සංගමය විසින් කෘතඥතා පූර්වකව සිහිපත් කරනු ලැබීය.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ මෙම අවධාරණය සහ කර්මාන්තයේ සංවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් රජයේ අවධානය යොමු කිරීම  සිය කර්මාන්ත ක්ෂේත්‍රයේ අනාගතය දීප්තිමත් සහ සවිමත් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් ලෙස SLGJA විසින් සලකන අතර  මෙම දායකත්වය පිළිබඳව සිය කෘතවේදීතාවය පළ කර සිටියි.

අපනයන ආදායම වර්ධනය කර ගැනීම පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ  මහතා විසින්  සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාළ බලධාරීන් සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වීමට  මැණික් හා ස්වර්ණාභරණ සංගමය  සිය කැමැත්ත පළ කර තිබේ. එමෙන්ම කර්මාන්තයේ සමෘද්ධිමත් බව තහවුරු  කිරීම සඳහා රජය විසින් දක්වා ඇති අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවා ඉටු කිරීමට ද සංගමයේ සාමාජිකයින් දැඩි උනන්දුවක් දක්වයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වර්ඩ් ඩීන් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මෙරට මැණික් හා ස්වර්ණාභරණ  කර්මාන්තයේ ප්‍රමුඛතම ආයතනය ලෙස අපගේ කර්මාන්තයේ වර්ධනයට , නවෝත්පාදනයට සහ ගෝලීය පිළිගැනීම සඳහා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමඟ ක්‍රියාකාරීව මෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අප සැමට එක් වී අපේ  රට සාර්ථකත්වයේ නව මාවතකට ගෙන යන පරිසරයක් නිර්මාණය කළ හැකියි “

සමෘද්ධිමත් මැණික් හා ස්වර්ණාභරණ අංශයක්  පිළිබඳව වන දැක්ම යටතේ ඉදිරි වසර 10 – 15 දක්වා කාලය තුළ කර්මාන්තයේ වර්ධනය සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කර තිබේ. ඉදිරි වසර සඳහා සිය ගමන් මාර්ගය හැඩගැස්වීමට කේන්ද්‍රගත උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කර්මාන්තය විසින් දරන කැපී පෙනෙන උත්සාහයන් SLGJA විසින් පෙන්වා දී තිබේ. එමෙන්ම  පවතින රෙගුලාසි හේතුවෙන් අනෙකුත් වෙළෙඳාම් විදේශගත වීමේ වත්මන් ප්‍රවණතාවය පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ  සංගමය ද දැඩි අවධානයෙන් පසුවන අතර මැණික් හා ස්වර්ණාභරණ අංශය එය අනුගමනය කිරීම වැළැක්වීම වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ මහතා දියත් කර ඇති ක්‍රියාකාරී වැඩපිළිවෙල ද SLGJA ඉතා ඉහළින් අගයයි.

අවම වශයෙන් ඩොලර් බිලියන 2ක අපනයන ආදායමක් ලබා ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාගේ අභිලාෂකාමී ඉලක්කය සපුරා ගැනීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උපරිම දායකත්වය ලබා දිය හැකි බව මෙම සංගමය විසින් දැඩිව විශ්වාස කරයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් සිය ක්‍රියාකාරී දායකත්වය නිසැක වශයෙන් ලබා දීමට ද SLGJA අපේක්ෂා කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *