නවෝත්පාදනයන් වේදිකාවේ මුල්තැන හොබවයි :”The Scale-Up Shop” අයදුම්පත් විවෘත කිරීම දිනය නිවේදනය කරයි.

0

ශ්‍රී ලාංකීය නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොටගෙන දිවෙන ව්‍යාපෘතියේ මුලපිරීමක් ලෙස සකස් වූ “The Scale-Up Shop” එහි කිරීම වැඩසටහන් සඳහා අයදුම්පත් විවෘත කිරීම පිළිබඳව අප ඉතා සතුටින් දැනුම් දෙමු. මෙම වැඩසටහන යුරෝපා සංගමය (EU)  සහ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වූ ජර්මානු ෆෙඩරල් අමාත්‍යංශය (German Federal Ministry for Economic Cooperation and Development)-(BMZ)  සම – මුල්‍ය දායකත්වය දරමින් එකාබද්ධව සහ (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit GmbH) (GIZ),Ceylon Chamber of Commerce, Dilmah Tea සහ National Innovation Agency (NIA) සහයෝගීතාවෙන් ක්‍රියාත්මක කරන ලද ” කාබනික කෘෂිකර්ම අංශයේ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යසායන් සඳහා සහය” (Support to Small and Medium Enterprises in the Organic Agriculture Sector) වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාත්මක වේ.

“The Scale-Up Shop” ශ්‍රී ලාංකීය නවොත්පාදකයින්ට සහයෝගයෙන් කටයුතු කිරීමට, නව හවුල්කාරිත්වයන් ගොඩනඟා ගැනීමට සහ ගෝලීය වෙළෙඳපළ තුළ ලාංකීය පිය සටහන් පුළුල් කිරීමට පෙරළිකාර අවස්ථාවක් ලබා දීමට සැලසුම් කරයි. ඉලක්කගත පුහුණුව, උපදේශනය සහ අනාගත ආයෝජකයින්ට ප්‍රවේශය ලබා දීමෙන්, නවොත්පාදකයින් “ආයෝජනයට-සුදානම්” අදියර වෙත ගෙන ඒමට අවශ්‍ය කුසලතා සහ සහාය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙය ඔවුන්ගේ නවෝත්පාදනයන් නව තලයකට ගෙන යනු ඇත. ඔවුන්ගේ සුවිශේෂී බුද්ධිමය දේපල සඳහා අත්‍යවශ්‍ය අරමුදල් ආකර්ෂණය කර ගැනීම සහ වෙළඳපොළේ ඔවුන්ගේ අනාගත සාර්ථකත්වය සඳහා මෙමගින් වේදිකාව සකසනු ඇත.

අප ශ්‍රී ලාංකීය නවෝත්පාදකයින්ගේ හැකියාවන් මුදා හැරීම සහ නිෂ්පාදන සහ අපනයන අංශයේ ගෝලීය ප්‍රමුඛයන් ලෙස ඔවුන් ස්ථානගත කිරීම අරමුණු කරගනිමු. ඉලක්කගත සහය, උපදේශනය, සහ ආයෝජකයින් වෙත ප්‍රවේශය ලබා ගැනීම හරහා මෙම වැඩසටහන ව්‍යවසායකයින්ට ඔවුන්ගේ නවෝත්පාදනයන් නව තලයකට ගෙන යාමට ශක්තිය ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාව අනාගත නවෝත්පාදන වෙළපොළෙහි අති නවීන නිෂ්පාදන සඳහා වූ කේන්ද්‍රස්ථානයක් ලෙස හැඩගැස්වීමේදී කෙරෙන පරිවර්තනීය බලපෑම මෙම නවෝත්පාදකයින් හරහා වනු දැකීමෙහි සාක්ෂිකාරයන් වන්නට අප හුදෙක්ම බලාපොරොත්තු වෙමු.

මෙම වැඩසටහනේ ප්‍රතිථලයක් ලෙස අප සමඟ අත්වැල් බැඳගන්නා දක්ෂ නවෝත්පාදකයින්ට ඔවුන්ගේ සුවිශේෂී නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට, ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීමට සහ ඔවුන්ගේ බුද්ධිමය දේපළ සඳහා අත්‍යවශ්‍ය අරමුදල් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පසුබිම සකස් වූ උද්යෝගීකර වූ “ප්‍රදර්ශනය දිනයක් “Demo Day” මගින් මෙහි කූටප්‍රාප්තිය සනිටුහන් වේ. එලෙසින්ම මෙම දිනය වෙළෙඳපළ තුල නවෝත්පාදකයින්ගේ අනාගත සාර්ථකත්වය සඳහා වේදිකාව සකසන තීරණාත්මක මොහොතක් වනු ඇත.

නිෂ්පාදන නවෝත්පාදනය සහ වෙළෙඳපළ ප්‍රසාරණය කෙරෙහි අවධානය යොමු කරමින් නිෂ්පාදන සහ අපනයන අංශයේ සේවය කරන ව්‍යවසායකයින් හට මෙම වැඩසටහන සඳහා අයදුම් කිරීමට උනන්දු කෙරේ. ඉහළ වර්ධන විභවයක් පෙන්නුම් කරන තිරසාර සංවර්ධනයට දායකත්වයට මුලික අඩිතාලම තැබීම කෙරෙහි මෙම වැඩසටහන විශේෂයෙන් උනන්දු වෙයි.

“The Scale-Up Shop” වැඩසටහන සඳහා අයදුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා https://www.thescaleupshop.com/  වෙත පිවිසෙන්න. එසේම [email protected]  සඳහා අප හා සම්බන්ධ වන්න.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය – වර්ෂ 2023 ජූලි 23 වන දින පස්වරු 6.00 දක්වා පමණයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *