පැල්වත්ත සමාගම මෙරට සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙයි

0

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරිකරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි සන්නාමය වන පැල්වත්ත සමාගම ශ්‍රී ලංකා සුපවේදින්ගේ සංගමය සමඟ එක්ව මෙරට සූපවේදින් වෙනුවෙන් හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නව පියවරක් පසුගියදා සනිටුහන් කරන ලදී.
ශ්‍රී ලංකා සූපවේදින්ගේ සංගමය සමඟ සංවිධානය කරන ලද මෙම වැඩසටහන මීගමුව අමාගි ආරියා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී. විවිධ සූපවේදි ක්‍රියාකාරකම් හා වැඩසටහන් හරහා සූපවේදින්ගේ වෘත්තිමය කුසලතා වර්ධනයට අදාල විවිධ වැඩසටහන් මෙහි ක්‍රියාත්මක වු අතර මෙමඟින් මෙරට සූපවේදින්ට සිය දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට මහඟු අවස්ථාවක් උදාවීය.
පැල්වත්ත සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය.“ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ට උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම පැල්වත්ත සමාගමේ මුලික අරමුණයි. රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරන දේශීය සන්නාමයක් ලෙස රටට විනිමය රැගෙන එන සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම වෙනුවෙන් අපි අත්වැල් බැඳගත්තා. මෙරට වෙළෙඳපළට විවිධ නව්‍යත්වයෙන් හා රසයෙන් යුත් පැල්වත්ත නිෂ්පාදනයන් හඳුන්වාදීම වෙනුවෙන් අපගේ සූපවේදීන් සමඟ කටයුතු කර විදේශීය විනිමය ඉතිරි කරගැනීමට කටයුතු කරන බව අභිමානයෙන් දන්වා සිටිමු. ඒ වගේම පැල්වත්ත කිරි නිෂ්පාදන මෙන් කිරි ආශ්‍රීත නිෂ්පාදනයන් පවා පාරිභෝගිකයන්ගේ දෛනික ජිවන රටාවේ අතවශ්‍ය තෝරාගැනීමක් බවට පත්කිරීමට හැකිවී තිබෙනවා. පැල්වත්ත කිරි සමාගම විසින් මීගමුවේ පවත්වන ලද සූපවේදී උත්සවයට සූපවේදීන් 100 ක් සහභාගී වුණා.එමඟින් ඔවුන්ගේ වෘත්තීය සහ කුසලතා වර්ධනය කිරීම, පැල්වත්ත කිරි නිෂ්පාදන පිළිබඳ දැනුවත් කිරීම, සහ ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධන වැඩසටහනක් බවට පත්වීම මෙන්ම වටිනා ඉපැයීම් සඳහා උපකාරී වීය. පැල්වත්ත කිරි සමාගම දේශීයව නිෂ්පාදනය කරන ලද කිරි නිෂ්පාදන ඉහළ ගුණාත්මක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දේශීය මිල ගණන්වලට වඩා බෙහෙවින් අඩු මිලකට ලබා දෙන බැවින් එය පාරිභෝගිකයන්ට විශාල වාසියකි. එම නිසා ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එසේම වැඩසටහන් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පැල්වත්ත කිරි නිෂ්පාදන උපදේශක රන්ජන් කරුණානායක මහතාට අපගේ ප්‍රශංසාව පිරිනමනවා.”
“අපගේ පැල්වත්ත සමාගම 2006 දී ආරම්භ කරන ලද අතර කිරි සැකසීම, සත්ත්ව ආහාර සහ කිරි නිෂ්පාදන වීශේෂකරණය වු සමාගමක්. අද එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි සැකසුම් සහ කිරි නිෂ්පාදන සමාගමක් බවට පත්ව ඇත. අපි ISO 22000:2018 සහතික ලත් සමාගමකි. පැල්වත්ත කිරි සමාගම ඩෙන්මාර්ක තාක්ෂණය මත ක්‍රියාත්මක වන නවීනතම කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවලින් එකකි. පැල්වත්තේ නිෂ්පාදන පෙළේ ඇති ජනප්‍රිය නිෂ්පාදන අතර පැල්වත්ත ෆුල් ක්‍රීම් කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල් පෙන්වා දිය හැකිය.” පැල්වත්ත කිරි නිෂ්පාදන ආයතනයේ ආහාර සේවා කළමනාකරු රාසික් ඩෝල් මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *