2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේ දී යුනිලිවර් කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්කර ගනියි.

0

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සාමාජිකයන්, 2022 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී රන් සම්මාන 3කින්, රිදී සම්මානයකින් සහ ලෝකඩ සම්මාන 2කින් යුත් සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද SLIM ජාතික විකුණුම් සම්මාන උළෙල, විකුණුම් අංශයෙන් ශ්‍රී ලංකාවේ වඩාත් සුවිශේෂී ජාතික සම්මාන උළෙල ලෙස සැලකේ. මෙවරත් එම උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර විකුණුම් ක්ෂේත්‍රයේ සුවිශේෂී දක්ෂතා දක්වන්නන්ට ඔවුන්ගේ උත්සාහයන් සහ ජයග්‍රහණ වෙනුවෙන් ජාතික මට්ටමින් පිළිගැනීමකට ලක් කිරීම එහිදී සිදු කරන ලදී.

මෙහිදී හසිතිකා හේරත් – ගිණුම් කළමනාකාරිනි – TSL හෝල්ඩිංග්ස්, FMCG පාරිභෝගික කාණ්ඩයේ Territory Manager GOLD සම්මානයෙන්ද තරිඳු අගස්ති කොකුහැන්නදි – ගිණුම් කළමණාකරු – පියුරිට් – පාරිභෝගික කල් පවතින භාණ්ඩ කාණ්ඩයේ Territory Manager GOLD සම්මානයෙන්ද ලසන් කරුණාරත්න – ගිණුම් කළමණාකරු සහ Omni Lead – නවීන වෙළදාම, නවීන වෙළෙඳ  කාණ්ඩයේ Territory Manager GOLD සම්මානයෙන්ද කුෂිනි ජයසූරිය – සහකාර කළමනාකාරිනී, පාරිභෝගික සංවර්ධන පරිපාලනය, අනෙකුත් විකුණුම් ආධාරක කාර්යමණ්ඩල (සහාය කළමනාකරු) කාණ්ඩයේ රිදී සම්මානයෙන්ද චරිත් හපුතන්ත්‍රිගේ – පාරිභෝගික සංවර්ධන ආරක්ෂාව, තොරතුරු තාක්ෂණ සහ සක්‍රීයතා කළමනාකරු, අනෙකුත් විකුණුම් ආධාරක කාර්යමණ්ඩල (කළමනාකරු) කාණ්ඩයේ ලෝකඩ සම්මානයෙන්ද ඕෂද විද්‍යානන්ද – ගිණුම් කළමණාකරු – නවීන වෙළෙඳාම, නවීන වෙළෙඳ කාණ්ඩයේ  Territory Manager BRONZE සම්මානයෙන්ද පිදුම් ලබන ලදී.  

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ භාතිය දයාරත්න මහතා මේ ජයග්‍රහණ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. “පවතින අභියෝගකාරී වෙළෙඳපොළ තත්ත්වයන් තුළ දී වුවද අලෙවි කිරීම ඉහළ නැංවීමට සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමට ගෞරවයක් ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳව හසිතිකා, අගස්ති, ලසන්, කුෂිනි, චරිත් සහ ඕෂද යන සියලු දෙනාට මම මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. ඔවුන් සතු නොසැලෙන කැපවීම හේතුවෙන් අපට මෙම සුවිශේෂී සම්මාන දිනා ගැනීමට හැකියාව ලැබුණා. මෙම ඇගයීම් තුලින් ඔවුන්ගේ වෘත්තීය ජීවිතය වර්ධනයට සහ දිරි ගැන්වීමට ලක් කිරීම පිළිබඳව SLIM ආයතනය වෙත මම මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.”

මෙවර ඉදිරිපත්වූ සියලු අපේක්ෂකයින් විවිධ කර්මාන්ත නියෝජනය කරමින් සැදුම්ලත්  විශ්ලේෂක මණ්ඩලයක් විසින් විනිශ්චය කරනු ලැබූ අතර විකුණුම් ධූරාවලිය වර්ධනය කිරීමට ඇති හැකියාව, ඔවුන්ගේ කාර්ය සාධනය සහ ඔවුන්ගේ වර්තමාන රැකියා භූමිකාවන්හි දායකත්වය, උපායමාර්ගික දායකත්වයන් සැපයීමට ඇති හැකියාව ද ඇතුළුව පවරා ඇති විකුණුම් ඉලක්ක ඉටු කරන අතරතුර ව්‍යාපාරයට වටිනාකම එක් කිරීම යන කරුණු ඔස්සේ ඔවුන්ව ඇගයීමට ලක් කරන ලදී.

-අවසන්-

ඡායාරූප සිරස්තලය:

යුනිලීවර් ශ්‍රී ලංකාහි SLIM ජාතික විකුණුම් සම්මාන 2022 සම්මානලාභීන් වමේ සිට දකුණට –  තරිඳු අගස්ති කොකුහැන්නදි – ගිණුම් කළමනාකරු – පියුරිට්; චරිත් හපුතන්ත්‍රිගේ – පාරිභෝගික සංවර්ධන ආරක්ෂාව, තොරතුරු තාක්ෂණ සහ සක්‍රීය කිරීමේ කළමනාකරු; ලසන් කරුණාරත්න – ගිණුම් කළමනාකරු සහ Omni Lead – නවීන වෙළඳාම; ඕෂද විද්‍යානන්ද – ගිණුම් කළමනාකරු – නවීන වෙළඳාම; හසිතිකා හේරත් – ගිණුම් කළමනාකාරිනි – TSL හෝල්ඩින්ග්ස්; සහ කුෂිනි ජයසූරිය – සහකාර කළමනාකාරිනි, පාරිභෝගික සංවර්ධන පරිපාලනය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *