සිංහයින්ගේ ‘ළමා පෝෂණය සුරකිමු’වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගනී

0

වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ‘ළමා පෝෂණය සුරකිමු’ව්‍යාපෘතිය දියත් කර ඇති අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර වේලක් ලබාදීමේ මූලික අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර ඇත.

අප දේශයේ අපගේම දරුවන් කුසගින්නෙන් හා මන්දපෝෂණයට එරෙහිව සාර්ථකව සටන් කර නිරෝගීව ජීවත් වීම සහතික කිරීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතියෙහි කොටස්කරුවෙකු වීමට ශ්‍රී ලාංකීය ජනතාව ඔවුන්ගේ පරිත්‍යාග හරහා අත්වැල් බැඳ ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

‘ළමා පෝෂණය සුරකිමු’ව්‍යාපෘතිය පිළිබඳ වැඩි විස්තර https://www.lionsmd306.org/ වෙතින් ලබා ගත හැක.

මෙහි සංවිධාන මණ්ඩලය සියලුම පරිත්‍යාගශීලීන්ට සිය බලවත් කෘතඥතාව පළ කරන අතර පහත නම් කර ඇති ගිණුමට තම පරිත්‍යාගයන් බැර කිරීමට ආරාධනා කරනු ලබයි.

ගිණුමේ නම : Lions Clubs Int MD 306

බැංකුව: කොමර්ෂල් බැංකුව

ශාඛාව: රාජගිරිය

ගිණුම : 1000574089

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *