දරු පැටියාට සුරක්ෂිත ලොවක් නිර්මාණය කිරීම පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ බේබි ෂෙරමි දෙමව්පිය සායන මාලාව ගාලු දිස්ත්‍රික්කය ආවරණය කරයි.

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වසනීයම  ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින්, ළදරුවාගේ ආරක්ෂාව සහ මුල් ළමා විය රැකවරණය සම්බන්ධයෙන් මුහුණ දීමට සිදු වන අභියෝග ජය ගැනීමට දෙමාපියන් දැනුවත් කිරීම සඳහා දෙමාපිය සායන වැඩසටහන් මාලාවක් පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ දී සාර්ථකව නිම කරන ලදි.  වෛද්‍ය සහ මාතෘ සෞඛ්‍ය  විශේෂඥයින් සමඟ එක්ව බේබි ෂෙරමි විසින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව මගින් ගර්භණී සමය, දරුවාගේ ආරක්ෂාව සහ පෝෂණය පිළිබඳව නිවැරදි උපදෙස් සහ මඟපෙන්වීම ලබාදෙන අතර දරුවාගේ යහපැවැත්මට මව සහ පියා දෙදෙනාටම සම සහභාගී වීමේ අවස්ථාව ලබා දෙයි.     

දෙමාපිය සම සහභාගිත්වය හෙවත් දෙමාපියන් දෙදෙනාම තම දරුවා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙම දෙමාපිය සායන තුළින් වටහා දෙයි. ගැබ් ගැනීමේ පටන් ළදරුවාගේ මුල් ළමාවිය රැකවරණය ඇතුළු සෑම පියවරකටම සම්බන්ධ වීමට පියවරුන් දිරිමත් කිරීම ද මෙම දෙමාපිය සායන ඔස්සේ සිදු කරයි. දෙමාපිය සමසහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමත් සමඟින්, දරුවාගේ කායික හා මානසික යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා දරුවා ඉපදෙන විට ඔවුන් සම්බන්ධ විය යුතුආකාරය සහ ඔවුන් මුල් ළමාවිය සංවර්ධනයේ යෙදිය හැකි ආකාරය පිළිබඳව ද මාපිය සායනයට සහභාගී වන පියවරුන්ට උපදෙස් දෙනු ලැබේ.

තවද, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH) සහ මුල් ළමා විය සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. ගාල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි  2022 නොවැම්බර් 24 සිට දෙසැම්බර් 3 දක්වා බද්දේගම, හබරාදූව, ඉමදූව, යක්කලමුල්ල, හික්කඩුව, ගෝනාපීනුවල, අම්බලන්ගොඩ, ඇල්පිටිය සහ අක්මීමන යන ප්‍රදේශවල මෙම මාපිය සායන පැවැත්වූ අතර මෙය බේබි ෂෙරමි මාපිය සායනවල තුන්වන වැඩසටහන් මාලාවයි

මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් ගාල්ල මාපිය සායනය අමතන ලදී. මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය, ළදරු පෝෂණය සහ ගැබිනි මවුවරුන් මුහුණ දෙන පොදු අභියෝග සහ ඒවා ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමව්පියන් දැනුවත් කරන ලදී. තවද, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී මධුෂානි අමරසූරිය මහත්මිය දරුවාගේ මුල් ළමාවිය සංවර්ධන‍ය සම්බන්ධයෙන් දෙමව්පියන් දැනුවත් කළ අතර  හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී සී.එම්.වලවගේ මහත්මිය මුල් ළමාවිය සංවර්ධනයේ එක් එක් අදියරයන් සාර්ථකව වර්ධනය  කිරීම් පිළිබඳව අදහස් දක්වන ලදි. මෙම සැසියට ප්‍රාදේශීය වෛද්‍ය කාර්‍යාලයේ  වෛද්‍යවරුන් ද සහභාගී වී දෙමාපියන් ඇමතූහ.

එමෙන් ම එහි දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්‍යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් මෙහෙය වූ සංගීත චිකිත්සක සැසියකින් සායනය අවසන් විය. මෙම මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි තෑගි මල්ලක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද මුල් ළමාවිය සංවර්ධන සහ සම සහභාගීත්ව මාපිය මාර්ගෝපදේශන පොත් පිංචක් තිළිණ කරන ලදී.

ළදරු ආරක්ෂාව සහ රැකවරණයේ ශ්‍රී ලාංකේය දෙමාපිය විශ්වාසය දිනූ සන්නාමය, බේබි ෂෙරමි  ‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ දියත් කරන දෙමාපිය සායන වැඩසටහන් මාලාව බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් මව සහ පියා යන දෙදෙනාගේම සම සහභාගී දෙමාපියත්වයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කරමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු සත්කාරක සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි.

බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම සුවිශේෂී වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට www.babycheramy.lk   වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/  මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *