Hatch Fund, Mountain Lion Ventures සමඟ එක් වෙමින් ආයෝජන සුරක්ෂිත කරයි

0

නවෝත්පාදන හා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමේ ප්‍රමුඛයෙකු වන Hatch Fund , ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් ගොඩනැගීම් හා පරිමාණගත කිරීම් ආයෝජන ප්‍රවාහයක් වන, Mountain Lion Ventures සමඟ ආයෝජකයෙකු ලෙස එක් විණි.  දේශීය වශයෙන්  වැදගත් හා සාර්ථක ආරම්භක ව්‍යාපෘති පිළිබඳ ඉතා හොඳ  අවබෝධයක් සහිත  Hatch Fund ඒවා ගෝලීය මට්ටමට ගෙන යාම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.

ස්ථාපිත පරිසර පද්ධති සක්‍රීය කරන්නෙකු ලෙස, Hatch Fund විසින් දේශීය ව්‍යවසායකයින්ට, විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයින්ට ව්‍යාපාර ආරම්භ කිරීමට, මූලික ආකෘති සැකසීමට සහ ව්‍යාපාර පුළුල් කිරීමට එල්ල වන ප්‍රබලතම පොදු බාධක ලෙස ආරම්භක ප්‍රාග්ධනය හිඟ බව සහ වෙළෙඳපොළ නිර්මාණය කර ගැනීමේ අපහසුතා හඳුනා ගෙන ඇත. Mountain Lion ventures, ගෝලීය වශයෙන් ස්ථාපිත ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමක් වන Hatch Fund හි ආයෝජනය කිරීම තුළින්  මෙරට ව්‍යාපාර ආරම්භ කරන්නන් මුහුණ දෙන බාධක දෙක ම ජය ගැනීමේ හැකියාව ලබා දෙයි.

ESG අරමුදලකින් නිර්මාණය වී ඇති Hatch Fund පාරිසරික, සමාජීය සහ පාලන අරමුදලක් වන අතර, එය  ශ්‍රී ලංකාවේ පළමු Gender Smart Venture  අරමුදල වන HERCapital සහ MoonShot යන අරමුදල් සමඟ ඒකාබද්ධ වී ඇති ඇත. HERCapital ශ්‍රී ලංකාවේ  Gender Smart ව්‍යාපාර ඇරඹීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් ආරම්භ කර ඇති අරමුදලක් වන අතර, MoonShot යනු නිෂ්පාදන, තාක්‍ෂණ සහ ව්‍යාපාර ආශ්‍රිත නවෝත්පාදන දිරිගැන්වීම වෙනුවෙන් පවත්වාගෙන යන තාක්ෂණික අරමුදලකි.

උපදේශක මණ්ඩලයේ සභාපති, ආචාර්ය කොර්නේලියස් බොඒශ් මහතාගේ නායකත්වය යටතේ අසාද් සුල්තාන් හා ලව් යාදව් යන සාමාන්‍ය හවුල්කරුවන් සහ ජෝර්ජ් පෙරෙස් ගාර්සියා යන ව්‍යාපාරික හවුල් කරු සමඟ Mountain Lion Ventures විසින් ඩිජිටල් පරිවර්තන හරහා නවීන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වෙනුවෙන් දේශීය ව සංවර්ධනය කරන ලද තාක්ෂණික ව්‍යාපාර සාර්ථකව දියත් කරයි.

Sling Mobility (සිල්ලර සැපයුම් සේවා සපයන 360° විද්‍යුත් සංචලතා වේදිකාවක්), LIWE Communities (ශ්‍රී ලංකාවේ පළමු විස්තීර්ණ cloud-based smart සේවාව), Infragist (Metaverse, Cyber ​​Security, Blockchain, Machine Learning සහ AI Solutions හරහා හැකියාවන් ඇති අති නවීන පූර්ණ තාක්ෂණික සේවා සමාගමකි.) සහ Mercato (B2B තනි වේදිකා ප්‍රසම්පාදන පද්ධතියකි) වැනි ව්‍යාපාරවල ආරම්භ කිරීම සඳහා Mountain Lion Group විසින් සහයෝගය හා ශක්තිය ලබා දී ඇත.  .

Mountain Lion Group  හි සාමාන්‍ය හවුල්කරුවකු වන ලව් යාදව් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ: “ශ්‍රී ලංකාව මීළඟ පරම්පරාව ඩිජිටල් විප්ලවයේ ඉදිරියෙන් ම සිටින බවත්,  එහි දී නවෝත්පාදන හා නව අදහස් මගින් පාර්ශ්වකරුවන් වෙත උපරිම වටිනාකමක් එක් කිරීමට අපේක්ෂා කරන බවත් ය.  Hatch Fund ආයතනය, Mountain Lion Group සමඟ සමාන දැක්මක් සහිතව ක්‍රියාත්මක වන අතර, එය මෙම ආයෝජනවල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත.

ආරම්භයේ සිට ම, කාන්තා ව්‍යවසායකයින් සවි බල ගැන්වීම වෙනුවෙන් තාක්ෂණික නවෝත්පාදනයන් දිරිමත් කිරීම සඳහා  Incubator සහ Accelerator වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි Hatch දැඩි අවධානයක් යොමු කර ඇත. Hatch Fund නිර්මාණය කර ඇත්තේ මෙම ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා  ලබා දෙන සහයෝගය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ය.  මේ පිළිබඳ ව අදහස් දක්වමින් Hatch Fund හි සම නිර්මාතෘ බ්‍රින්දා සෙල්වදුරෙයි ඥානම්  මහත්මිය මෙසේ පැවසුවා ය.  “අපගේ කණ්ඩායමට විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍ර ආශ්‍රිත ව්‍යාපාරික අදහස් සහ වර්ධන අවස්ථා  සඳහා සහාය දැක්වීම පිළිබඳ ව වසර කිහිපයක පළපුරුද්දක් තිබෙනවා. අප ආයතනයේ වර්තමාන සාර්ථකත්වයට හේතුව මේ අත්දැකීම් සහ විශේෂඥභාවය විදියට මම දකිනවා.  Hatch Fund හි සිදු කළ  මෙම ආයෝජනය, ව්‍යාපාර ආරම්භ කිරීමට වගේ ම ඒවා ජාත්‍යන්තර තලයට ගෙන යාමට සහයෝගය දැක්වීම සඳහා උපකාරී වනු ඇති බව මම විශ්වාස කරනවා.”

Hatch මගින් දියත් කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස AccelerateHer හැඳින්විය හැකි අතර, එහි දී  Hatch කණ්ඩායම සහ ක්ෂේත්‍රයේ විශේෂඥයින් පඩුගිය වසරේ දී දිවයින පුරා සංචාරය කරමින්, කාන්තා ව්‍යවසායකයින් 140 කට අධික සංඛ්‍යාවකට සහය දැක්වීම සඳහා  ව්‍යාපාරික හා ව්‍යවසායකත්ව  ක්ෂේත්‍ර ආවරණය කරමින් දින තුනක දැනුවත් කිරීමේ කඳවුරු පැවැත්විණි.  AccelerateHer වැඩසටහන මගින් Hatch වෙත කාන්තා ව්‍යවසායකයින් පවත්වාගෙන යන  ව්‍යාපාර ගෝලීය තලයට ගෙන යාම සඳහා අරමුදල් ලබා දීම සිදු කෙරිණි.

Hatch ශ්‍රී ලංකාව තුළ විවෘත නවෝත්පාදන සඳහා පහසුකම් සැලසීමේ පුරෝගාමියා ද වේ.  ශ්‍රී ලංකාවේ ප්‍රථම AI-Machine learning Incubator දියත් කිරීම සඳහා ගෝලීය තාක්‍ෂණික සමාගමක් වන IFS සමඟ ගොඩනඟා ගත් සහයෝගීතාව මගින්  ව්‍යාපාර සඳහා වන ගැටලු හඳුනා ගැනීමට, පරීක්‍ෂා කිරීමට සහ විසඳුම් ලබා දීම වෙනුවෙන් දේශීය තාක්‍ෂණික කුසලතා වර්ධනය කිරීමට කටයුතු කරයි.

Hatch විසින් දියත් කරනු ලබන වැඩසටහන් වලට අමතරව,  Web 3 හමුවීම් සඳහා ද පහසුකම් සපයන අතර, MoonShot මගින්  ගෝලීය ආර්ථිකයට අදාළ වන  තාක්‍ෂණික සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කරයි.

Hatch විසින් ව්‍යවසායකයින්ට ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හා ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි. සාමාජිකයින් 800කට අධික සංඛ්‍යාවකින් යුත්  Hatch ආරම්භක ආයතන 100කට වැඩි සංඛ්‍යාවකින්, වර්ග අඩි 60,000ක ඉඩ ප්‍රමාණයකින්, ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණ උපදේශකයින් 60කට අධික සංඛ්‍යාවකින්, 100කට අධික  උපාධිධාරීන් සංඛ්‍යාවකින් හා 40කට අධික දේශීය හා ගෝලීය හවුල්කාරිත්වයන්ගෙන් සමන්විත ශක්තිමත් ආයතනයකි.

අවිනිශ්චිත කාලවල දී පවා, Hatch ශ්‍රී ලාංකේය ව්‍යවසායකයින්ට දේශීය වශයෙන් මෙන් ම ජාත්‍යන්තර ව ද විශිෂ්ටත්වයට පත් වීම සඳහා  ශක්තිය ලබා දෙයි.

ශ්‍රී ලංකාව යනු ගෝලීය මට්ටමේ මානව සම්පත් සහිත බහු වාර්ගික රටකි.  දුෂ්කරතා මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සුවිශේෂී ප්‍රගතියක් ලබා ඇති අතර, එය ශ්‍රී ලාංකේය ජාතිය නැංවීම සඳහා එය මහත් ශක්තියකි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *