DIMO සහ BOSCH හි දශක හයක සහයෝගිතාව නැවතත් අලුත් වෙයි

0

ශ්‍රී ලංකාවේ ‘සහතික කළ BOSCH ඩීසල් සේවා මද්‍යස්ථානයක් ‘ ලෙස DIMO Diesel Lab, BOSCH සමඟ සිය දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් විය.

මෙම සහයෝගිතාව නිල වශයෙන් අත්සන් කිරීම DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් DIMO ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. දශක 6කට අධික BOSCH හා DIMO අතර සහයෝගිතාව ශක්තිමත් කරන මෙම හවුල්කාරිත්වය මගින් ඩීසල් ඉන්ධන ක්ෂේත්‍රය  ආශ්‍රිත උපකරණ හා සේවාවන් නංවාලීම සහ එමගින් විවිධ කර්මාන්ත රැසකට වර්ධනය වීම සඳහා පහසුකම් සැලසීම අරමුණු කරයි.

BOSCH සන්නාමය යටතේ එන සියලු ම ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා DIMO Diesel Lab හි සිදු කරන අතර, එය ඉහළ නිපුණතා සහ පළපුරුද්ද සහිත පුහුණු ඩීසල් විශේෂඥයින්ගෙන් හා අධි තාක්‍ෂණික පරීක්ෂණ උපකරණවලින් සමන්විත ය. සිය පාරිභෝගික ජනතාව වෙත ජාත්‍යන්තර මට්ටමේ ඩීසල් පොම්ප අලුත්වැඩියා තාක්ෂණය හා ඒ ආශ්‍රිත සේවා ලබා දීමට කැප වන  DIMO Diesel Lab කොළඹට අමතරව අනුරාධපුරය සහ සියඹලාපේ යන ප්‍රදේශවල ද ශාඛා ස්ථාපිත කර ඇති අතර, එමගින් වාහන, සමුද්‍ර යාත්‍රා, ධීවර යාත්‍රා, විදුලි ජනක යන්ත්‍ර සහ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සඳහා භාවිත වන ඩීසල් පොම්ප ආශ්‍රිත අලුත්වැඩියා කටයුතු සහ සේවා සිදු කරයි.

DIMO සේවා අංශය අධීක්‍ෂණය කරන, DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ අදහස් දැක්වීය. “ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ කර්මාන්තකරුවන් තම යන්ත්‍ර සූත්‍රවල සහ වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කර, පිරිවැය අඩු කර ගැනීම සහ කල් පැවැත්ම වැඩි කරන ක්‍රමවේදවලට යොමු වන බව පෙනෙන්නට තිබෙනවා. DIMO Diesel Lab විසින් පිරිනමනු ලබන සේවාවන් රාශියක් තුළින් කර්මාන්තකරුවන්ට නියමිත වේලාවට තම ඩීසල් පොම්පවල අලුත්වැඩියා කටයුතු සහ සේවා කටයුතු කර ගැනීමේ පහසුකම් සලසමින්, එමඟින් ඔවුන්ගේ ව්‍යාපාරික සිහින හා අභිලාෂයන් බලගැන්වීමට සහයෝගය ලබා දෙන අතරතුර, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමටත් සහයෝගය ලබා දෙනවා.”

දශක හයක විශ්වාසයේ පදනම මත ගොඩනැගුණු DIMO සහ BOSCH හවුල්කාරිත්වය හරහා, ශ්‍රී ලංකාවේ BOSCH සේවා ජාලයේ ප්‍රමුඛ හවුල්කරුවෙකු ලෙස DIMO සිය පාරිභෝගික ජනතාව සඳහා වඩාත් සුවිශේෂී  සේවාවන් රැසක් අඛණ්ඩව සැපයීමට හැකි වී ඇත.

BOSCH යනු ලොව පුරා මෝටර් රථ තාක්‍ෂණය සහ විසඳුම් සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවකු වන අතර Robert Bosch Lanka (Pvt) Ltd සමාගම Robert Bosch GmbH හි පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස 2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන ලදී.

ඡායාරූප :

නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයේ දී DIMO සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සහ Robert Bosch Lanka (Pvt) Ltd  කළමනාකාර අධ්‍යක්ෂ නවනීත ක්‍රිෂ්ණන් මහතා
නව සහයෝගීතාව නිල වශයෙන් සනිටුහන් කිරීමේ උත්සවයට සහභාගි වූ DIMO සහ BOSCH නියෝජිතයින්
Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *