රාජා ජුවලර්ස් හි Diamond Emporium එළිදකී

0

රන් ලොව ප්‍රමුඛතම ආයතනයක්  වන රාජා ජුවලර්ස් විසින්, Diamond  Emporium නමින් සිය නව දියමන්ති ප්‍රදර්ශනාගාරය මෑතක දී ප්‍රතිස්ථාපනය කෙරිණි. පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන, ජාත්‍යන්තර මට්ටමේ   ස්වර්ණාභරණ නිර්මාණයෙහි නිරත වන මෙම සුව්ශේෂී මධ්‍යස්ථානය අපූර්ව දියමන්ති සහ ශ්‍රී ලංකාවට පමණක් ම ආවේණික වූ මැණික් ගල් එකතුවකින් ද සමන්විත වේ. Diamond  Emporium විවෘත කිරීම  මෙරට ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ පාරිභෝගික භවතුන් රැසකගේ සහභාගීත්වයෙන් ආලෝකමත් විය.

ආරම්භයේ සිට ම, රාජා ජුවලර්ස් සිය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය මූර්තිමත් කිරීමට සමත් වූ අතර, එම ආයතනය ගුණාත්මක භාවයෙන් හා වටිනාකමින් ඉහළ ලෝක ප්‍රකට ස්වර්ණාභරණ නිෂ්පාදනයෙහි නිරත විය. මෙම සාර්ථක  ගමන් මගේ දී දියමන්ති සහ ස්වර්ණාභරණ   කර්මාන්තය තුළ වසර 95ක් පුරා ලද අත්දැකීම් ඇසිරින් ආරම්භ කළ මෙම Diamond  Emporium ප්‍රදර්ශනාගාරය අසමසම ප්‍රවීණතාවෙන් සහ ශිල්පීයත්වයෙන් ශක්තිමත් වේ.  බම්බලපිටිය  පිහිටා ඇති රාජා ජුවෙලර්ස් ප්‍රධාන ප්‍රදර්ශනාගාරය තුල පිහිටි මෙම Diamond Emporium ප්‍රදර්ශනාගාරය  මගින්  Diamond  Emporium හි අති විශිෂ්ට නිර්මාණ ලබාගත හැකි වීම පාරිභෝගික ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයකි. නව නිර්මාණ රැසකින් මෙන් ම අභ්‍යන්තර නිපුණ නිෂ්පාදන කාර්ය මණ්ඩලයකින් සමන්විත Diamond  Emporium පාරිභෝගික අවශ්‍යතාවලට සරිලන පරිදි සිය නිෂ්පාදන කටයුතු සිදු කරයි. එම නිසා ම මෙම නව නිෂ්පාදනායතනය මගින් පාරිභෝගිකයාට අවශ්‍ය මෝස්තර ඒ අයුරින් ම නිපදවාගැනීමේ හැකියාව සුවිශේෂී වේ.

රාජා ජුවලර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙම සුවිශේෂී අවස්ථාවේ දී අදහස් දක්වමින්, ” අප සතු දශක ගණනාවක විශේෂඥ දැනුම තුළින්  අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ට වැඩි වටිනාකමකින් යුතු නිෂ්පාදන ලබා දීමට හැකි වීම පිළිබඳව අපි ආඩම්බර වෙනවා.  Diamond  Emporium හරහා අපි අපගේ අද්විතීය ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ දශක නවයක විශිෂ්ටත්වය පිළිබිඹුවන, ජාත්‍යන්තරයට සරිලන වගේ ම ලෝ ප්‍රකට නිර්මාණ ගෙන එනවා.  මෙම නව මධ්‍යස්ථානය මගින් අපගේ ගනුදෙනුකරුවන් මෙතෙක් අත් නොවිඳි නිර්මාණ රැසක් අත් ව්ඳීමේ හැකියාව ලබා දීමට අපි අරමුණු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

දශක ගණනාවක් පුරා නිර්මාණය කළ අසම සම නිර්මාණ නිෂ්පාදන පෙළක් සමඟින්, රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ වඩාත් ම කීර්තිමත් නාමයක් ලෙස ස්ථාපිත වී ඇත.  එහි අසමසම ගුණාත්මක භාවය සහ වසර ගණනාවක් පුරා ගොඩනැගුණු විශ්වාසයේ පදනම තුළින්, රාජා ජුවලර්ස් සිය  ගනුදෙනුකරුවනට නිරන්තරයෙන් අද්විතීය අත්දැකීමක් ලබා දීමට උත්සාහ කරයි.

රාජා ජුවලර්ස් අනුගමනය කරන උසස් තත්ත්වයේ ප්‍රමිතීන් වෙනුවෙන්  සම්මාන රැසක් හිමිකරගැනීමට සමත් වී ඇත. එම සම්මාන ගොන්න අතරට එක් වූ නවතම සම්මානය වන්නේ 2021 වසරේ දී හිමි කර ගත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයයි. එමෙන් ම ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින්  පිරිනමන ලද ජනාධිපති රන් සම්මාන හතර සමඟින්, මෙරට හොඳ ම ස්වර්ණාභරණ නිෂ්පාදකයා ලෙස රාජා ජුවෙලර්ස් පිළිගැනීමට ලක් වූ අතර, එමගින් රන් ලොව රජු ලෙස රාජා ජුවෙලර්ස් ලබා තිබූ විරුදාවලිය යළිත් තහවුරු විය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *