දීවා පවර් යාපනයේ දී සිය පාරිභෝගිකයන් සමඟින් නල්ලූර් උත්සවය සමරයි

0

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය – නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන මඟින් ආකර්ෂණීය ත්‍යාග ලබා දුන් අතර  සහ සුපිරි ත්‍යාගය වශයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසිණි. මීට අමතරව, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මීළඟ දීවා පවර් මිලදී ගැනීමේ දී ලබා ගත හැකි වට්ටම් කූපන් පත් ද ලැබිණි. මීට සමගාමීව, තෝරා ගත් SMMT අලෙවි සැල්වල මේ හා සමාන වැඩසටහන් දීවා පවර් වෙතින් දියත් කරන ලදි.

දීවා පවර් Colour Guard සහ Germ Guard යන උසස් ප්‍රභේදයන්ගෙන් වෙළදපලට නිකුත් කර ඇත. Colour Guard  ඇඳුම්වල වර්ණ රැක ගැනීමට සහය වෙන අතර Germ Guardවල අඩංගු කොහොඹ සහ දෙහි ඇඳුම්වල ඇති විසබීජවලට එරෙහිව සටන් කරයි. මෙම ප්‍රභේද සුපිරි පිරිසිදු කිරීමක් සිදු කරන අතර එය රෙදි සෝදන යන්ත්‍රවල භාවිතයට ද වඩාත් සුදුසුය. මෙම නිෂ්පාදන ද්විත්වයම දියර සහ රෙදි සේදුම් කුඩු යන ප්‍රබේදයන්ගෙන්  ලබා ගත හැකිය.

දීවා පවර් නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ සන්නාමය සමඟ පාරිභෝගිකයන්ට එක් වී කටයුතු කිරීමට මුලපිරීමක් වශයෙන් මෙය දියත් කරන ලදී. දිවා පවර් පාරිභෝගිකයන් සමග සමීපව එක් වී මෙවැනි වැඩසටන් සදහා ඉදිරියටත් මුල පුරනු ඇත.

END

 Hemas Consumer පිළිබඳ

Hemas Consumer Brands ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත. ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන් Hemas Consumer Brands ශ්‍රී ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *