SOLEX, නව්‍යකරණය වූ ඉංජිනේරු විසඳුම් සමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කරයි

0

පසුගිය දශක 4 තුළ, Solex සමූහ ව්‍යාපාරය මෙරට ප්‍රමුඛතම ජල පොම්ප නිෂ්පාදකයා ලෙස ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇති අතර, පසුගිය දශකය තුළ ජල පොම්ප මිලියනයකට වැඩි ප්‍රමාණයක් අලෙවි කරමින්,  40% කට වැඩි වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට සමත් විය. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පවා, මෑතකාලීනව නිර්මාණය වූ ආර්ථික අභියෝග ජයගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන  Solex සමාගම  රාජ්‍ය ආයතන ප්‍රධාන, ඇඟලුම්, ඉදිකිරීම්, ආගන්තුක සත්කාර, අපනයන ආහාර නිෂ්පාදන, තොරතුරු තාක්ෂණ සේවා ආදී පුළුල් ක්ෂේත්‍රයක විහිදුණු දේශීය සහ බහුජාතික සමූහ ව්‍යාපාර රැසක් ආවරණය කරමින්,  උසස් තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන පෙළක් දේශීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙයි. මේ වන විට ආනයනය නතර කර ඇති ඉන්ධන ටැංකි, ඩීසල් පොම්ප, ගිනි පොම්ප, ඩියුමිඩිෆයර් වියළන යන්ත්‍ර සහ මෝටර් රථ අමතර කොටස් වැනි විවිධ උපාංග දේශීයව නිෂ්පාදනය කිරීමෙන් Solex සමාගම මෙරට ආර්ථිකයට මෙන් ම පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා ද මහත් ශක්තියක් වී ඇති බව පැවසිය යුතුය.

ඩීසල් ට්‍රාන්ස්ෆර් පොම්ප නිෂ්පාදනය කරමින් දිවයින පුරා බෙදාහැරීම සිදුකරන  Solex සමාගම සිය නිෂ්පාදන සියල්ලක් ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිපදවන බව ද පැවසිය යුතු ම කරුණකි. එම නිෂ්පාදනයේ ඇති විශේෂාංග නිසා ම බවුසර්වල සිට භූ ගත ටැංකිවලට මෙන් ම භූ ගත ටැංකිවල සිට උසින් පිහිටි ටැංකිවලට ද ඩීසල් වඩාත් ඵලදායී ලෙස මාරු කිරීමේ හැකියාව ලබා දෙන  අතර, එමගින් අදාල ක්ෂේත්‍රය ආශ්‍රිත එදිනෙදා මෙහෙයුම් කටයුතු පහසු කරයි.  එමෙන් ම සිය නිෂ්පාදන සඳහා  ISO තත්ත්ව සහතිකය ලබා ඇති Solex සමාගම දේශීයව නිපදවන තත්ත්වයෙන් උසස් මෙන් ම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්  ඉන්ධන ගබඩා කරන ටැංකි, මෑතකාලීනව මෙරටට භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් සහ ඉන්ධන හිඟය නිසා ඇතිවන අපහසුතාවන්ට විසඳුම් ලබා දෙයි. එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිට රටවලට ඇදී යාම වළක්වමින් මෙරට ආර්ථික සංවර්ධනයට ද සුවිශේෂී සහයෝගයක් ලබා දෙන අතර, මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට කිසිඳු බාධාවකින් තොරව ක්‍රියාත්මක වීමේ හැකියාව ද ලබා දෙයි. එමෙන් ම ඇඟලුම් හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් විසින් සිදු කරන ලද ව්‍යාපෘති  සඳහා මෙම අයිතම දෙක මෑතකාලීනව යොදා ගැනුණු බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ‘Solex De-Humidifier Dryers’ මගින් ආහාර සැකසුම් තාක්ෂණය ප්‍රමිතිගත කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අතර, එමඟින් සැකසූ ආහාර අපනයන කර්මාන්තය වැඩිදියුණු කිරීමට ද සහයෝගය ලබා දෙයි. එළවළු, පළතුරු, පලා වර්ග, මිරිස්, ගම්මිරිස්, දුම්කොළ, කුරුඳු සහ මාළු ආදිය වියලීමට යොදා ගන්නා වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන වෙනත් යන්ත්‍ර සමඟ සසඳන විට, සුවිශේෂී මෙම නිෂ්පාදනය මඟින් 40% කට වැඩි බලශක්ති ප්‍රමාණයක්  ඉතිරි කරයි. තව ද එහි ඇති ‘Optional Ozone Generator’, ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව සටන් කරන නිසා ආහාර සමඟ මිශ්‍ර වන විෂබීජ හා දූවිලි අංශු පාලනය කරන අතර, ආහාරවල ඇති පෝෂණය ද රැක දෙයි. එමෙන් ම මෙම නිෂ්පාදනය මගින් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ හැකියාව ලබා දීම ද විශේෂිතය.

Solex සන්නාමය යටතේ එන ‘Fire Pumps’ සහ ‘Controllers’ විදුලි හා ඩීසල් එන්ජින් මත ක්‍රියාත්මක වන අතර, එම නිෂ්පාදන සඳහා  ශ්‍රී ලංකා ගිනි නිවන දෙපාර්තමේන්තුවේ සහ TUV අනුමැතිය හිමි වී ඇත. එමෙන් ම එය NFPA 20 අනුකූලතාවෙන් ද සමන්විත නිසා හෝටල් ක්ෂේත්‍රයේ සහ මහා පරිමාණ දේශීය හා ජාත්‍යන්තර සමාගම්වල ද භාවිත වේ.

Solex විසින් කසල කොම්පැක්ටර්, ගලී බවුසර් සහ ජල බවුසර් ඇතුළු පුළුල් පරාසයක විහිදුණු නිෂ්පාදන පෙළක් දේශීය කාර්මික ක්ෂේත්‍රය වෙත ද  හඳුන්වා දෙයි.  එමෙන් ම

2023 වසර වන විට මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය, ජනතාවගේ ජීවන තත්ත්වය මෙන් ම පාරිසරික සුරක්ෂිතතාව ද ඉහළ නංවන නව නිපැයුම් විශාල සංඛ්‍යාවක් වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට Solex සමාගම අරමුණු කරන අතර, ඒ සඳහා නව නිපැයුම් ගණනාවක් පර්‍යේෂණ මට්ටමේ හා මූලික නිෂ්පාදන අදියරයන් හි පවතින බව ද පැවසිය යුතුය. Solex සමාගම ගුණාත්මක නිෂ්පාදන මෙන් ම  අසමසම අලෙවියෙන් පසු සේවාවක් ද ලබා දෙන නිසා විශ්වසනීය නිෂ්පාදන හා සේවා සපයන්නෙකු ලෙස පාරිභෝගික ආකර්ෂණය දිනාගත් සමාගමක් වන අතර, පාරිභෝගික කේන්ද්‍රීය, නවීන තාක්ෂණය මුල් කරගත් නිෂ්පාදන විසඳුම් රැසක් ප්‍රවර්ධනයට ද කටයුතු කරයි.

එමෙන් ම මෙරට වර්තමාන ආර්ථිකය ශක්තිමත් කරමින්,  ප්‍රමිතිගත නිෂ්පාදන හා සේවාවන් රැසක් සපයන මෙන් ම තාක්ෂණික හා කාර්මික විසඳුම් සපයන ප්‍රධානතම ආයතනයක් ලෙස Solex සමාගම කිර්තියට පත්ව ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *