Moistureboost සහ විටමින් ගුණයෙන් අනූන Velvet සබන් දැන් වෙළෙඳපොලේ

0

විශේෂයෙන්ම ශ්‍රී  ලංකාව වැනි  උණුසුම්  දේශගුණයක් සහිත රටක  වෙසෙන කාන්තාවන්, හිරු එළියට නිරාවරණය වන විට සම වියළී යාමත් සමේ තෙතමනය නැති වීමත් සුලභ කරුණකි. එම නිසා ඔබේ  සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම  සමේ  තරුණ පෙනුම  පවත්වා ගැනීමටත්  මොයිස්චරයිසින් ගුණය  අත්‍යවශ්‍ය  සාධකයකි. දේශගුණික සාධක හැරුණු විට, සමේ ජල අන්තර්ගතය නැතිවීම, කාන්තාවන්ගේ අධි සංවේදී සම ද තෙතමනය නැතිවීමට බලපායි. එබැවින් නිරෝගී සහ සජලනය වූ සමක්   පවත්වා ගැනීමට මොයිස්චරයිසින් ගුණ ඇති සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කිරීම ඉතා වැදගත් වේ.

ශ්‍රී  ලංකාවේ අංක 1 රූපලාවන්‍ය  සබන් නිෂ්පාදනයක් වන Velvet  සබන් “Moistureboost’ සහ විටමින් සංකීර්ණ බලයෙන් යුත් සබන් නිෂ්පාදන  පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.Velvet සබන් නිෂ්පාදන, තෙතමනය සහිත සමක් පවත්වා  ගැනීමට උපකාරී වන විවිධ සබන් ප්‍රභේද  හයක් සමඟ වෙළෙඳපලට පැමිණේ. තවද වෙල්වෙට් සබන් නිෂ්පාදන  පැය හයක තෙතමනය රඳවා තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වන  අතර එහි තෙතමනය වැඩි කාලයක් නොවෙනස්ව තබා ගැනීමටද හැකියාව ලැබේ. විටමින් A සහ E වලින් සමන්විත විටමින් සංකීර්ණය සම පෝෂණය කරන අතර සමේ වියළි බව අඩු කිරීමට උපකාරී කරයි. Velvet සබන් විශේෂ “Humactant” සමඟ සකස් කර ඇති අතර, එමඟින් පරිසරයෙන් ජලය උරා ගනිමින් ගැඹුරු තෙතමනයක් ඔබේ සමට ලබා දෙයි. එය ස්වභාවිකව ව්‍යුත්පන්න  වූ සෝඩියම් ලැක්ටේට් වලින් සමන්විත වන අතර එමගින්  සමේ වැඩි  ජල ප්‍රමාණයක්  රඳවා ගැනීමේ හැකියාවක් පවතින  අතර අතිරේක මොයිස්චරයිසින් ගුණය  ලබා දෙන සෝබිටෝල් ද අන්තර්ඝත වේ.

Velvet සබන් ප්‍රභේද සඳහා භාවිතා කරන dual ingredients මගින් සමට අවශ්‍ය  තෙතමනය  ලබා දෙන  අතර Velvet සබන් පෙළ රෝස සහ ඩ්‍රැගන් ෆෘට්, කිරි සහ ආමන්ඩ්, සඳුන් සහ ඔලිව් තෙල්, මී පැණි සහ යෝගට් සාරය, ජැස්මින් සහ කොමඩු සහ අලුතින් හඳුන්වා දුන් මුරුංගා සහ සහල් කිරි ඇතුළු ආකර්ෂණීය ප්‍රභේද  හයකින් සමන්විත වේ. මෙම වෙල්වෙට්  සබන් ප්‍රභේද  හය, ඒවායේ අදාළ අමුද්‍රව්‍ය වලට අනන්‍ය  වූ  ආකර්ෂණීය   ඇසුරුම් වලින්ද සමන්විතයි.

ශ්‍රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet සබන් ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම  බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක්   වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියාවලියන්ට අනුකූලව ඉහළම ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කෙරේ.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *