රාජා ජුවලර්ස් විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දක්ෂකම් පෑ නෙත්මි අහිංසා අගයයි

0

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා රාජා ජුවලර්ස් විසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිංසා දැරිය අගයමින් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණි.  පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් පළමු කාන්තා මල්ලවපොර පදක්කම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව වාර්තාවක් තැබූ නෙත්මි අහිංසා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පදක්කමක් දිනාගත් ලාබාලතම ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත විය.


‘You are a Diamond’ තේමාව යටතේ රාජා ජුවලර්ස් විසින් මෑතකදී දියත් කරන ලද සුවිශේෂී වැඩසටහන යටතේ රුපියල් 750,000 වටිනා ඩයමන්ඩ් පෙන්ඩන්ට් සහ කරාබු කට්ටලයක් නෙත්මි අහිංසා දැරිය වෙත තිලිණ කිරීම මෙම අවස්ථාවේදී සිදුවිය. නෙත්මිගේ ජයග්‍රහණ වලට මූලික වූ ඇයගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට මූල්‍ය තිළිණයක් සිදු කිරීමටද රාජා ජුවලර්ස් ක්‍රියා කරන ලදී.

  
ස්වර්ණාභරණ ලොව කිරුළු පැලඳි රාජා ජුවලර්ස් විසින් 2022 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ” You are a Diamond’ යන තේමාව රැගත් දියමන්ති ආභරණ එළිදැක්වීම සිදු කෙරිණි. මෙම තේමාව තව දුරටත් දීර්ඝ කරමින්, නෙත්මි අහිංසා වැනි සැබෑ ශ්‍රී ලාංකේය දියමන්ති හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට අවශ්‍ය සහය ලබා දීමට රාජා ජුවලර්ස් කැපවී ක්‍රියා කරයි.

  

මෙම ඉතිහාසගත අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙලෙස පවසා සිටියි.  ” ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස  දේශීය කුසලතා සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදෙමින් ප්‍රජාවගේ අනාගතය සවිමත් කිරීම වෙනුවෙන් කැපවී සිටින සන්නාමයක් ලෙස මම රාජා ජුවලර්ස් හඳුන්වා දෙන්න කැමතියි.  විශේෂයෙන්ම නෙත්මි දැරියත්, ඇයගේ පුහුණුකරු වන සුරංග මහතාත් පසුගියදා අවසන් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ලබාගත් සාර්ථකත්වය මුලු රටම ලැබූ ජයග්‍රහණයක්. මේ ආකාරයෙන්ම තම හැකියාවන් සංවර්ධනය කර ගනිමින් ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට වෙර දරණ හැකියාවන්ගෙන් සන්නද්ධ දක්ෂ ශ්‍රී ලාංකිකයින් ඕනෑ තරම් ඉන්නවා. මොවුන් හඳුනා ගනිමින් ඔවුන්ට දියමන්තියක් සේ වැජඹීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට අප ඉදිරියේදී කටයුතු කරනවා.”


රාජා ජුවලර්ස් හි ස්වර්ණාභරණ නිර්මාණකරුවන්ට මනා පළපුරුද්දක් ඇති අතර ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා කලාත්මක හා ආකර්ශනීය ආභරණ නිර්මාණය කිරීමට ඉහළ හැකියාවක් ඇත.  දියමන්ති, වටිනා ලෝහ, මැණික් ගල් සහ ස්ඵටික භාවිතා කර නව තාක්ෂණය යොදා ගනිමින්  ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ද රාජා ජුවලර්ස් කටයුතු කරයි. දශක ගණනාවක් පුරා රාජා ජුවලර්ස් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කර්මාන්තයේ වඩාත්ම සාර්ථක ආයතනයක් බවට පත් වී තිබේ. විශිෂ්ට අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද  ස්වර්ණාභරණ  දේශීයව මෙන්ම  විදේශීයවද අලෙවි වේ. තවද ගුණාත්මක  පාරිභෝගික සේවාවත් අකර්ශනිය මෝස්‌තර නිර්මාණත් සමගින් ඉතා විශිෂ්ට, දිගු කාලීන පාරිභෝගික සබඳතාවක් ගොඩ නගා ගැනීමට සමත් වී ඇත.


රාජා ජුවලර්ස්හි අති විශාල අනර්ඝ රන් අභරණ එකතුව පිළිබඳ වැඩි විස්තර සඳහා www.rajajewellers.com වෙත පිවිසෙන්න.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *