Fems, කාන්තා සමානාත්මතා දිනය සැමරීමට සමගාමීව ශ්‍රී ලාංකේය කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා අඛණ්ඩ උත්සාහය නිරත වේ

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems,‘‘තිරසාර හෙටක් සඳහා  ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව” යන තේමාව මූලික කර ගනිමින් සමරන ලබන 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනයට සහය දැක්වීම සඳහා ප්‍රමුඛතාවය ගෙන ඇත.Fems සිය  ගුණාත්මක  නිෂ්පාදන පිරිනැමීම ඉක්මවා යමින් ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගැන්වීමට මෙන්ම ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ සමාජ දුර්මත  අවසන් කිරීමටද  ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.තවද  ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ ජිවන තත්වය මැනවින් තේරුම් ගනිමින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔසප් සනීපාරක්ෂක  අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන සන්නාමයක් ලෙසද Fems කටයුතු කරයි.

වසර 18 කට වැඩි ඉතිහාසයක් ඇති Fems, සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට ගැලපෙන සනීපාරක්ෂක නැප්කින් පරාසයන්  හඳුන්වා දී ඇති අතර , විවිධ ප්‍රජා ආධාරක මුලපිරීම් හරහා කාන්තාවන්ගේ අභිවෘද්ධියට දායක වෙමින් ඔවුන්ට සහයෝගය දැක්වීමටද නිරන්තරයෙන්  උත්සාහයන් කරයි.

ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ ඔසප් වීම පිළිබඳ සමාජයේ ඇති දුර්මත පිටුදැකීමට පියවර ගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම  සන්නාමයන් අතරින් එකක් වූ Fems, සියලුම ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ අවශ්‍යතාවයට සරිලන ලෙස දැරිය හැකි මිලකට, තත්වයෙන් උසස්  සනීපාරක්ෂක නැප්කිනයක්  වන ‘Fems ඇය’ හඳුන්වා දී තිබීම  කාලීන වශයෙන් ඉතා වැදගත්  අවශ්‍යතාවයක් ලෙස හඳුනා ගත හැකිය. නැප්කිනයෙහි ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි කාලාන්තරයක් තිස්සේ පවතින ඔසප් දරිද්‍රතාවය අවසන් කිරීම සඳහා යෝග්‍ය විකල්පයක් ලෙස මෙම Fems ඇය මුලපිරීම දියත් කර ඇත.

Fems හි ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී රොෂෙල් පෙරේරා මහත්මිය මෙසේ සඳහන් කළේය. “ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems සෑම විටම කාන්තා සවිබල ගැන්වීම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා සහය දක්වන සන්නාමයක්. 2022 ජාත්‍යන්තර කාන්තා සමානාත්මතා දිනය සැමරීම මූලික කර ගනිමින්, අපි කාන්තා සමානාත්මතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර මෙම පණිවිඩය අපට ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම ද ඉතා වැදගත්. Fems සන්නාමය මේ සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට මැදිහත් වන අතරම ශ්‍රී ලාංකේය  කාන්තාවන් සවිබල ගන්විමෙහිලා අවශ්‍ය සියලුම පියවර Fems විසින් ගනු ගනු ලැබීමද විශේෂත්වයකි.”

තවත් දැවැන්ත   පියවරක් ඉදිරියට  තබමින්, 2021 මාර්තු 8,  ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දියත් කරන ලද “Fems ඇය” මුලපිරීම වෙනුවෙන් The Merrill J. Fernando foundation, Arka Initiative, Sarvodaya Women’s movement සහ Sarvodaya-Fusion යන ආයතන ද සිය දායකත්වය ලබා දුනි.  ෆෙම්ස් ප්‍රමුඛ මෙම සංවිධාන විසින් පසුගිය වසර තුළදී  වැඩමුළු සහ මාර්ගගත පුහුණු සැසි මගින් ග්‍රාමීය ගම්මානවල සහ වතුකරයේ කාන්තාවන් 2906+ කට අධික සංඛ්‍යාවක්  සඳහා දැනුම ලබා දීම අඛණ්ඩව සිදු කරන ලදී.

Hemas Consumer Brands හි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමස්ත කාර්ය මණ්ඩලය වෙත Fems ඇය සනීපාරක්ෂක නැප්කින් බෙදා දීම  Fems හි වැදගත් සංධිස්ථානයකි. තවද ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ Daraz සමඟින්, ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම සේවකයින් දැනුවත් කිරීම,  ඔසප්  සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිලිබඳ  සංවාදයන්  සාමාන්‍යකරණය කිරීම සඳහා  විවිධ  වැඩමුළු පැවැත්වීම  Fems හි තවත් කැපී පෙනෙන මුලපිරීමක් ලෙස දැක්විය හැකිය.

කාන්තාවන්ගේ සෞඛ්‍ය පිලිබඳ  නිරතුරු  අවධානය යොමු කරන Fems ,  ඔසප් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් මේ පිළිබඳ සංවාදය සමාජගත කිරීම සහ ඔසප් සෞඛ්‍ය  සම්බන්ධ ගැටළු විසඳීම සඳහා  ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *