හච් වෙතින් සිය පාරිභෝගිකයින්ට නොමිලේ කතා කාලයක්

0

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වත්මන් ආර්ථික අර්බුදය සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවන වියදමට සිදුකර ඇති බලපෑම පිළිබඳව හොදින් අවබෝධ කරගෙන ඇත.

මෙම ගැටළුවට  සහනයක් ලබාදීමේ අරමුණින්, හච් විසින් ‘HUTCH Relief Recharge Bonus’ වැඩසටහන හඳුන්වා දී ඇති අතර පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන සෑම රීචාජ් කිරීමකටම 100% ප්‍රසාද කතා කාලයක් මෙමගින් හිමිවේ.

ආර්ථික වශයෙන් දුෂ්කර කාලවලදී සිය පාරිභෝගිකයින්ට සහනයක් ලබාදීමට හච් විසින් දියත් කරන ලද වැඩසටහන් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙලෙස සඳහන් කළේය. “පවත්නා ආර්ථික තත්වය හමුවේ පුද්ගලයින් මූල්‍යමය දුෂ්කරතාවයන්ට මෙන්ම තම දුරකථනය රීචාජ් කරගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටිති. එබැවින් අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් ගෙවන මුදලට වැඩි කතා කාලයක් ලබාදීමේ අරමුණින් අපි මෙම වැඩසටහන දියත් කර ඇති අතර, රීචාජ් කටයුතු සඳහා නිතරම අලෙවිසැල් වෙත පැමිණීමේ අවශ්‍යතාවයද මෙමඟින් අවම කර ඇත.”

හච් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට රු.250 සිට රු.1050 දක්වා නිශ්චිත නම් කල රීචාජ් කිරීම් සඳහා දින 30ක් දක්වා වලංගු 100% කතා කාලයක් හෝ ඕනෑම ජාලයකට විනාඩි 500ක කතා කාලයක් නොමිලේ පිරිනැමෙනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *