සිංගර් ශ්‍රී ලංකා සමාගම දේශීය නිෂ්පාදනය වැඩි කරමින්, මෙරට සංවර්ධනයට ශක්තියක් ලබා දෙයි

0

සිංගර් ශ්‍රී ලංකා යනු  අත්‍යවශ්‍ය පාරිභෝගික ගෘහ භාණ්ඩ රැසක් නිපදවනු ලබන  සමාගමක් වන  අතර, ඇතැම් නිෂ්පාදන ලොව ඉහළ ම තාක්ෂණය භාවිත කරමින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි. සිංගර් සමාගම මෙරට වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය දේශීය නිෂ්පාදන ගෙන එයි. එමෙන් ම එම සමාගම සාධාරණ මිල ගණන් යටතේ, තත්ත්වයෙන් උසස්  නිෂ්පාදන පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා මනාව සැලසුම් කරන ලද නිෂ්පාදන ක්‍රියාවලියක් ක්‍රියාවට නංවයි. දශක 6කට පෙර, සිංගර් මහන මැෂින් නිෂ්පාදනයෙන් ආරම්භ කෙරුණු සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානය වන විට ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය දක්වා පුළුල් වී ඇත.

Regnis යනු තත්ත්වයෙන් උසස් සිංගර් හා සිසිල් ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදනය කරන ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය. 1988 දී අරඹන ලද Regnis කර්මාන්ත ශාලාව ආරම්භයේ සිට ම නවීන තාක්‍ෂණය මුසු වූ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නව මාදිලිවලින්  මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයා ලෙස සඳහන් කිරීම නිවැරදිය. මෙම නිෂ්පාදන අංශය, දිනෙන් දින වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා හඳුනාගනිමින්, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන හඳුන්වා දීම මෙන්ම, ඒ වෙනුවෙන් විවිධ පාරිභෝගික සමීක්ෂණ හා පර්‍යේෂණ කටයුතුවල ද නිරත වෙයි.

සිංගර් ශීතකරණ නිෂ්පාදනයේ දී නිරන්තරයෙන් ලොව ඉහළ ම  ප්‍රමිතීන් අනුගමනය කරයි. නවීන තාක්ෂණය, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතය සහ 100% පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය යන කරුණු  කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නිපදවන සිංගර් ශීතකරණ, දකුණු ආසියාව තුළ නිෂ්පාදනය කෙරුණු ප්‍රථම  CFC රහිත ශීතකරණ නිෂ්පාදනය ලෙස සඳහන් කළ යුතු ම ය. තම දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරමින්, සිංගර් සමාගම සිය ශීතකරණ නිෂ්පාදන පෙළ Frost-Free, Direct Cool සහ Inverter යන තාක්ෂණ වලින්  වෙළෙඳපොළ වෙත නිකුත් කරන අතර වර්තමානය වන විට සිංගර් සහ සිසිල් සන්නාම යටතේ ශීතකරණ මිලියන එකහමාරකට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.  ශීතකරණ නිෂ්පාදනය හා සමානව , දේශීය අවශ්‍යතාවන්ට සරිලන සිංගර් රෙදි සෝදන යන්ත්‍ර ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය යන මාදිලි දෙක යටතේ ම මෙරට වෙළෙඳපොළ වෙත නිකුත් කරන සිංගර් සමාගම, පසුගිය දශකය තුළ රෙදි සෝදන යන්ත්‍ර මිලියන 0.6කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ සමස්ත ශීතකරණ ඉල්ලුමෙන් 45%ක් සහ රෙදි සෝදන යන්ත්‍ර ඉල්ලුමෙන් 33%ක් පමණ සපුරාලීමට සමත් වී ඇත.

Regnis ලංකා කර්මාන්තශාලා අධ්‍යක්ෂ, කැලුම් කොස්ලපැවත්ත මහතා මෙසේ අදහස් දක්වන ලදි. “දේශීය නිෂ්පාදනයන් තුළින් රටේ දේශීය ආර්ථිකය නැංවීමට හැකි බව අපි තදින් ම විශ්වාස කරනවා.  දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් කුඩා ව්‍යාපාර හා දේශීය නිෂ්පාදකයින් නඟාසිටුවීමට අපි නිරන්තරයෙන්  සහයෝගය ලබා දෙනවා. සිංගර් සමාගමේ දේශීය නිෂ්පාදන අංශය මගින් මේ රටේ කුඩා ව්‍යාපාර හිමියන්ගේ හා ස්වයං රැකියාවල නියුතු පුද්ගලයින්ගේ  ව්‍යාපාරික්  දියුණුවට අවශ්‍ය පුහුණු පහසුකම් සහ ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම ලබා දෙන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.” යනුවෙනි.

සිංගර් දේශීය නිෂ්පාදන අංශය වර්තමානයේ දී අත්කරගෙන ඇති සාර්ථකත්වය එම සමාගමේ මෙන් ම සැපයුම් දාම, අමුද්‍රව්‍ය සැපයීම, කර්මාන්තශාලා මෙහෙයුම් කටයුතු, බෙදාහැරීම් සහ ඇසුරුම් යන විවිධ ක්‍රියාවලීන් හි නිරත වන සියලු ම දෙනාගේ කැපවීමෙහි ප්‍රතිඵලයක් බව පැවසිය යුතු ම ය. දේශීය නිපැයුම් නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම, නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම මෙන් ම නව ව්‍යවසායකයන්ට නව ව්‍යාපාරික අවස්ථා උදා කර දීම වෙනුවෙන් සිංගර් සමාගම අද්විතීය කාර්‍යභාරයක් ඉටු කරයි. ඒ අනුව අද වන විට ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පමණක් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 400කට අධික සංඛ්‍යාවක්  උත්පාදනය කරමින්, සමස්තයක් ලෙස පවුල් 1000 කට වැඩි ප්‍රමාණයකට සවියක් වීමට සිංගර් සමාගමට හැකි වී තිබේ.  

සිංගර් සමාගම දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය ආශ්‍රිතව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට මෙන් ම, මෙරට  කුඩා ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට සහය වීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් දියත් කිරීමට ද කටයුතු කරයි. එය එම ව්‍යාපාරිකයින්ගේ  ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට මෙන් ම, ආදායම් උත්පාදන අවස්ථා සුරක්ෂිත කරගැනීම සඳහා  ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට ද මහත් ශක්තියක් බව පැවසිය යුතු ම ය. සිංගර් කණ්ඩායම දේශීය ව්‍යාපාරිකයින් දිරිගන්වන අතරතුර නව ව්‍යවසායකයින් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම සහ සහාය ලබා දෙන අතර, නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් ව්‍යවසායකයින් දිරිමත් කිරීමට ද කටයුතු කරයි. රැකියා අවස්ථාවන් ලබා දීමට අමතරව අති දක්ෂ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සිංගර් සමාගම සමත් වී ඇති අතර, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇති මොහොතක මෙය අත්‍යවශ්‍ය ම සමාජ සත්කාරයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය.

උසස් තත්ත්වයෙන් යුත්, ගුණාත්මක නිපැයුම් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම මෙන් ම,  වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් බිහි කරමින්  නවෝත්පාදනවල නිරත වන සිංගර් සමාගම සාධාරණ මිල ගණන් යටතේ සිය නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කිරීම කැපී පෙනේ. මේ නිසා ම ඉහළ පාරිභෝගික විශ්වාසයක් හා ආකර්ෂණයක් දිනාසිටින සිංගර්, අඛණ්ඩව නව තාක්‍ෂණය වැළඳ ගනිමින් දේශීය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා තත්ත්වයෙන් උසස් නිෂ්පාදන ලබාදීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන බව අවධාරණය කරයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *