ගෝලීය මට්ටමින් පැවැත්වුණු 2021 – 2022 Huawei ICT අවසන් තරඟයේ දී ජාත්‍යන්තර කණ්ඩායම් 130ක් ජය ගනී

0

ශෙන්සෙන් හි දී පැවති 2021– 2022 Huawei ICT තරඟාවලියේ ගෝලීය අවසන් මහා තරඟය 2022 ජුනි මස 25 වන දිනයේ දී අවසන් විය. 6 වන වරට පැවති මෙවර  Huawei ICT තරඟය පුහුණුව, නව නිපැයුම් හා කර්මාන්ත යන අංශ තුන යටතේ පැවැත්වුණු අතර, ඒ සඳහා ලොව පුරා රටවල් 85ක, 2,000 කට අධික විශ්ව විද්‍යාල සංඛ්‍යාවක සිසු සිසුවියන් 150,000 කට අධික පිරිසක් සහභාගි වූහ. ජාතික මට්ටමින් හා කලාපීය මට්ටමින් පැවැත්වුණු තරඟවලට අනතුරුව පැවැත්වුණු  ගෝලීය අවසන් මහා තරඟයට රටවල් හා කලාප 43 ක  කණ්ඩායම් 130 ක්  මුහුණ දුන් අතර, මෙවර අවසන් මහා තරඟය  විශාලතම කණඩායමක් මුහුණ දුන් අවසන් මහා තරඟය බවට පත් විය. එමෙන් ම මෙවර තරඟාවලියට ප්‍රථමවරට හඳුන්වා දුන් කාන්තා තාක්ෂණික සම්මාන පෙළක් වෙනුවෙන් වෙන ම තරඟ පැවැත්වීම ද විශේර්ෂිතය. ඊට අමතරව Huawei නිෂ්පාදනයේ TECH4ALL ඩිජිටල් සේවාව මුල් කරගනිමින්,  TECH4ALL සඳහා ද සම්මාන පිරිනැමීම  විශේෂත්වයක් විය.

වඩාත් උණුසුම් වූ මෙවර තරඟාවලියේ දී Network Track අංශයට අදාළ පුහුණු තරඟ සඳහා ත්‍යාග දිනා ගත්තේ වුහාන් කාර්මික සන්නිවේදන කණ්ඩායම, චොංකිං විදුලි ඉංජිනේරු විද්‍යාලය, නයිජීරියා 2 වන කණ්ඩායම, යැංසි සාමාන්‍ය විශ්ව විද්‍යාල කණ්ඩායම, ජියැන්ග්සි විශ්ව විද්‍යාලයේ මෘදුකාංග වෘත්තීය තාක්ෂණික කණ්ඩායම, ඊජිප්තු කණ්ඩායම සහ නයිජීරියා 1 කණ්ඩායම යන කණ්ඩායම් 7 යි. එම පුහුණු තරඟයේ Cloud Track සඳහා ත්‍යාග හිමි කරගත් කණ්ඩායම් 4 වූයේ ඇල්ජීරියා කණ්ඩායම, මැලේසියා 1 කණ්ඩායම, බ්‍රසීල කණ්ඩායම හා ගුවැංග්ෂු වාණිජ විද්‍යාල කණ්ඩායමයි.  නව නිපැයුම් සඳහා වූ තරඟය ජයගත් කණ්ඩායම් 3 වූයේ බීජිං ජියාවෝටොන්ග් විශ්ව විද්‍යාල කණ්ඩායම, එක්සියාමෙන් විශ්වවිද්‍යාල කණ්ඩායම හා සලහද්දින්  විශ්වවිද්‍යාල කණ්ඩායමයි.  අවසාන වශයෙන් කර්මාන්ත අංශයේ ජයග්‍රාහකයා වූයේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමයි.

මෙවර Huawei ICT තරඟාවලිය පෙර වසරවලට වඩා තරඟකරුවන් වැඩි පිරිසක් ආකර්ෂණය කරගැනීමට සමත් විය. මේ නිසා ම ඉදිරියේ දී මෙම Huawei ICT තරඟාවලිය හරහා ක්ෂේත්‍රය තුළ දක්ෂතා සන්ධානගත කිරීම, කුසලතා ප්‍රමිතීන් ඒකාබද්ධ කිරීම, කුසලතා හැකියාවන් වැඩිදියුණු කිරීම හා කුසලතා අගය ප්‍රදර්ශනය කිරීම ආදී සංවර්ධන ක්‍රියාදාමයන් මගින් අධ්‍යාපනය, කර්මාන්ත හා පොදු කුසලතා යන අංශයන් ශක්තිමත් අයුරින් වැඩි දියුණු කිරීම  අරමුණු කරයි. සමස්තයක් වශයෙන් සමාජය තුළ ඩිජිටල් කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් 2024 වර්ෂය වන විට සහතිකලත් ICT වෘත්තිකයන් මිලියනයක් නිර්මාණය කිරීමට ද Huawei සමාගම සැලසුම් කර ඇත. මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය, කර්මාන්ත සංවර්ධනය සහ තිරසාර සමාජීය හා ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *