2021-2022 වර්ෂය සඳහා වූ Huawei ICT Competition සාර්ථකව පැවැත්වෙයි

0

2021–2022 වර්ෂය සඳහා Huawei විසින් පවත්වන ලද ICT තරඟාවලිය පසුගියදා චීනයේදී ආරම්භ විය. “Connection · Glory · Future” යන තේමාවෙන් ආරම්භ වූ මෙවර තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් 85ක, විශ්ව විද්‍යාල 2000ක් ආවරණය කරමින් සිසුන් 150,000ක් පමණ සහභාගී විය.  මෙහිදී සෑම රටක්ම ආවරණය වන පරිදි පවත්වන ලද තරඟාවලියන්ගෙන් ජයග්‍රහණය කරන රටවල් 43ක දක්ෂ සිසුන් කණ්ඩායම් 132ක් ගෝලීය තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. Huawei විසින් වාර්ෂිකව සංවිධානය කරන  මෙම  ICT තරඟාවලියේ අරමුණ වනුයේ, සිසුන්ට තරඟ කිරීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට, ඔවුන්ගේ ICT දැනුම සහ ප්‍රායෝගික කුසලතා වැඩි දියුණු කිරීමට සහ නව තාක්ෂණයන් භාවිතා කරමින් නව්‍යකරණය සඳහා ඔවුන්ගේ හැකියාවන් පෝෂණය කිරීමට අවස්ථාවක් ලබා දීමය. මෙම වසර, Huawei ICT තරඟාවලිය සංවිධානය කළ හයවන වසර වීමද සුවිශේෂී වේ.  මෙවර තරඟාවලිය  පුහුණුව, නවෝත්පාදන සහ කර්මාන්ත යන සාධක ත්‍රිත්වයක් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වූ අතර, මෙහි නවෝත්පාදන අංශය යටතේ තරඟ කළ සිසුන් AI, IoT, big data, cloud සහ mobile Internet වැනි නවීන තාක්ෂනයන් ඔස්සේ විශ්මයජනය ව්‍යපාර විසඳුම් නිර්මාණය කරන ලදී.   මෙම වසරේ අලුතින් හඳුන්වා දුන් කර්මාන්ත තරඟාවලි අංශය හරහා, සැබෑ කර්මාන්ත අභියෝග විසඳීමට සහ ඔවුන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම භාවිතා කරමින් නව්‍ය විසඳුම් හරහා ව්‍යාපාරික වටිනාකමක් ලබා දීමට සිසුන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.පවතින වසංගත තත්ත්වය හමුවේ මෙවර තරඟාවලිය ඔන්ලයින් ක්‍රම වේදයකට පැවැත්වුණි.  මීට අමතරව, තරඟාවලියේ තරුණ කාන්තා නායිකාවන් විසින් දක්වන ලද විශිෂ්ට දක්ෂතා අගය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව Women In Tech සම්මාන මාලාවක් සඳහා මෙවර සහභාගීවන්නන් ප්‍රථමයෙන් තරඟ වදිනු ඇත.

Huawei එන්ටර්ප්‍රයිස් හි හවුල්කාර සංවර්ධන සභාපති සහ ගෝලීය හවුල්කාර සංවර්ධන සහ විකුණුම් උප සභාපති ස්ටීවන් ෂු විවෘත කිරීමේ උත්සවය ආරම්භ කළේ මෙසේ පවසමිනි. “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ දියුණුවට ඉහළ නිපුණතා ඇති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශේෂඥයින් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වනවා. Huawei හි අරමුණ වනුයේ, කර්මාන්තය දියුණු කිරීමට හැකි වන පරිදි සමාජය පුරා ඩිජිටල් කුසලතා වැඩිදියුණු කරන අතරම, අධ්‍යාපනය, කර්මාන්ත සහ පොදු කුසලතා පද්ධති ගොඩනැගීමට උත්සාහ කිරීමයි.”

අවසාන වශයෙන්, Huawei හි Talent Ecosystem Development හි අධ්‍යක්ෂ, Sun Gang තරඟකරුවන්ට සුබපැතුම් ප්‍රාර්ථනා කරමින් උත්සවය අවසන් කළේ සිසුන් ඔවුන්ගේ ICT දැනුම සහ කුසලතා ප්‍රදර්ශනය කරන්නේ කෙසේදැයි දැකීමට බලාපොරොත්තු වන බව පවසමින්ය.

නවෝත්පාදන තරගය මෙන්ම Global Final හි සමාප්ති උත්සවය සජීවීව විකාශය කෙරේ. මෙම සජීවී විකාශන අවස්ථාවට Huawei හි නවතම Talent Cultivation Solution, Huawei Academy Talent Training Platform දියත් කිරීම ද ඇතුළත් වේ. සමාප්ති සහ සම්මාන ප්‍රදානෝත්සවය ජුනි 25 වැනිදා පැවැත්වේ.වැඩිදුර විස්තර සඳහා https://e.huawei.com/topic/huawei-ict-competition2021-2022-global/en/index.html  වෙත පිවිසෙන්න. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *