DIMO පාරිසරික තිරසාරභාවය හා සාගර පරිසර ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි

0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ  විවිධාංගීකරණය  වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, ගොඩබිම ජීවත් වන ජීවීන්ගේ මෙන්ම ජලජ ජීවීන්ගේ ද පැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් නිර්මාණය කර ඇති එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන්ට (SDGs)  සමගාමීව සාගර  පරිසර ආරක්ෂණ වැඩසටහන් රැසක් ක්‍රියත්මක කරයි. තිරසාර අනාගතයක් ගොඩනැංවීම උදෙසා සාගර පරිසරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් DIMO, ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘති මාලාව සමඟ තවත් සංවිධාන රැසක් අත් වැල් බැඳ ගෙන ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි. “පරිසරය හා ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට DIMO නිරතුරුවම ප්‍රමුඛත්වය ලබා දෙනවා.මෙම ව්‍යාපෘති හරහා ඒ අවට ජනතාවගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට සහයෝගය ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්ව   නඟාසිටුවීම මෙන්ම අපගේ අනාගත පරපුර වෙනුවෙන් සමුද්‍රීය පරිසරය සුරැකීමටත් අප කැප වී සිටිනවා. ”

2012 වසරේ දී කැස්බෑ සංරක්ෂණය වෙනුවෙන් ‘පානම ව්‍යාපෘතිය’ දියත් කරමින්  DIMO සමාගම ප්‍රථම වරට සාගර සංරක්ෂණ වැඩසටහන් සඳහා අවතීර්ණ විය. ගෝලීය මට්ටමින් සාගර පරිසර පද්ධතීන් තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන මුහුදු කැස්බෑවන් නීති විරෝධී ලෙස වෙළෙඳාම හා දේශගුණික විපර්යාස වැනි  තර්ජන නිසා විනාශ වීම අද වන විට ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබේ. මෙසේ වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු කැස්බෑ විශේෂයන් හා ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් ඔවුන් වඳ වී යාම වැළැක්විය නොහැකිය.

ඔලිව් රිඩ්ලි (90%), කොළ කැස්බෑවන් (5%) හා ලොගර්හෙඩ් කැස්බෑවන් (5%) ගේ සුප්‍රසිද්ධ වාසභූමියක් වන පානම  සිට ඔකඳ දක්වා වූ ප්‍රදේශය ආශ්‍රිතව ඉහත සඳහන් ගැටලුකාරී තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර, එය වැලැක්වීම සඳහා  DIMO සමාගම,  වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනය (WORC) සමඟ එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් කැස්බෑ පැටවුන් 150,000කට වැඩි ප්‍රමාණයක් ජලය වෙත මුදා හැරීමට මේ වන විට කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ දී මුලින් ම අනතුරුදායක සතුන්ගෙන් කැස්බෑ බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා DIMO මූලිකත්වයෙන් සුවිශේෂී කැස්බෑ කොටු නිර්මාණය කෙරුණු අතර, එහි ආරක්ෂාව වැඩිකිරීම සඳහා කැස්බෑ පැටවුන්ට පිටතට පැමිණිය නොහැකි ලෙස එය සම්පූර්ණයෙන් ම ආවරණය කෙරිණි. එමෙන් ම කැස්බෑ බිත්තර රැක බලා ගැනීම සඳහා DIMO සමාගම, පත් කර ඇති අදාළ ප්‍රදේශයේ ම ජීවත් වන සාමාජිකයින්ට ස්ථාවර වැටුපක් ලබා දීම ද විශේෂිතය. ඊට අමතරව තවත් පියවරක් ඉදිරියට තබමින් කැස්බෑ කොටු ආරක්ෂා කර ගැනීම හා ඒ සඳහා ජනතාවට දායක විය හැකි ආකාරය පිළිබඳ  දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද DIMO සමාගම  කටයුතු කරයි. විශේෂයෙන් කැස්බෑ බිත්තර එකතු කිරීමෙන් වැළකී  කැස්බෑ කොටු ආරක්ෂා කරගැනීම කෙරෙහි එම ප්‍රදේශයේ දරුවන්ගේ හා ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කිරීමට හැකි වීම මෙම වැඩසටහන්හි විශේෂත්වයකි.

DIMO විසින් දියත් කරන ලද තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස 2017 වසරේ දී ආරම්භ කළ ‘Life to Reef’ ව්‍යාපෘතිය හඳුන්වා දිය හැක. එම ව්‍යාපෘතිය මගින් ගාල්ලට නුදුරු රූමස්සල බොනවිස්ටා කොරල්පරය ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කෙරිණි. එහි දී මේ වන විට කිමිදුම්කරුවන් යොදාගනිමින් මුහුදු පතුලේ තැන්පත් කර ඇති සිමෙන්ති ව්‍යුහයන්, ලෝහ රාමු සහ තවාන් රාක්ක මත කොරල් සිටුවීම ඇතුළු කොරල්පර ප්‍රතිසංස්කරණ ක්‍රමවේද කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.  මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා වසර 5ක කාලය තුළ අඛණ්ඩව කොරල්පර සංරක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වෙමින්, තවාන් පැනල සහ මුහුදු පතුලේ වානේ රාක්ක මගින් කොරල් පර 10ක් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කර ඇති  අතර, කොරල් පර කැබලි 3,500ක්  සිටුවා ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය මඟින් වර්තමානය වන විට අක්කර 4කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදුණු කොරල්පර ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වී ඇත.  ඉහළ ම ජෛව විවිධත්වයකින් යුත් කොරල්පරවලින් එකක් ලෙස හඳුනාගෙන ඇති බොනවිස්ටා කොරල්පරයෙහි සජීවී ආවරණයෙන් 95% ක් 2016 වසරේ දී ඇති වූ එල්-නිනෝ හේතුවෙන් විනාශ විය. ඒ පිළිබඳව අවධානය යොමු කළ DIMO, වනජීවී හා සාගර සම්පත් සංරක්ෂණායතනයේ තාක්ෂණික සහාය ඇතිව, හැකිතාක් ස්වාභාවිකව එම කොරල්  පර ප්‍රතිස්ථාපනය කිරීමේ අරමුණින් ‘Life to Reef’ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතියත් සමඟ රූමස්සල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන සංචාරක ප්‍රදේශයක් ලෙස යළිත් සංවර්ධනය වී ඇති අතර, එමඟින් ඒ අවට ජනතාවට ආදායම් මාර්ග රැසක් උත්පාදනය වී ඇත.

 DIMO සමාගමේ තිරසාර සාගර පරිසර ආරක්ෂණ වැඩසටහන් මාලාව මගින් අවධානය යොමු කළ තවත් වැදගත් අංගයක් වන්නේ මෙරට සුන්දර වෙරළ තීරය ආරක්ෂා කිරීමයි. එමගින් මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එමෙන් ම එම ව්‍යාපෘතිය යටතේ,  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL) යන ආයතනවල සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන දික්ඕවිට ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා මූල්‍ය සහයෝගය ලබා දීමට ද DIMO සමාගම කටයුතු කළේය. DIMO සමාගම දික්ඕවිට වෙරළේ මීටර් 800 ක් සහ දික්ඕවිට සිට නව පාලම දක්වා මීටර් 800 ක් වශයෙන් මෙරට සුන්දර වෙරළ තීරයන් 2ක් සංවර්ධනය කිරීම සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දෙන අතර, මෙරට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සහයෝගීතාවෙන් මෙන් ම ජනතාවගේ ද සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති අවසන් කිරීමෙන් පසු, එහි අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්, තෝරාගත් පවුල් කිහිපයකට එම එක් එක් වෙරළ තීරය පිරිසිදු කිරීමේ කාර්යය පවරා දී, ඒ වෙනුවෙන් ඔවුන්ට දීමනාවක් ලබා දීම ද විශේෂිතය.

සිය ප්‍රායෝගික අත්දැකීම් තුළින්, කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කරමින් වෙරළ අවට එකතුවන අපද්‍රව්‍යවලින් ප්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීම වෙනුවෙන් කැප වන  DIMO, මෙහිදී එකතු වන කසල ප්‍රතිශක්තිකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් අවට ප්‍රජාවට අවස්ථාවන් නිර්මාණය කර දී ඇති අතර, එකතු වූ කැලි කසල වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA)  හා ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය (BSL)  විසින්  මගපෙන්වනු ලබයි.

 DIMO, සිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික හවුල්කරුවන් සමඟ එක්ව, අනාගත පරම්පරාවට තිරසාර පරිසරයක් නිර්මාණය කර දීම වෙනුවෙන් විවිධ පාරිසරික සහ ජෛව විවිධත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටියි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *