දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා Ebony Holdings ආයතනය විසින් සිය වැඩිදියුණු කළ vantage.lk එළි දක්වයි

0
Vantage-Website-e1731920626923

Ebony Holdings පුද්ගලික සමාගම යනු දශක හතරකටත් අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය ඇඟලුම් ක්ෂේත්‍රය තුළ කීර්ති නාමයක් හොබවන ආයතනයකි. පසුගිය දා සිය සේවාවන්වලට නව අංගයක් එකතු කරමින්, තම නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මිල දී ගැනීමට හැකි වන ලෙස, සිය වෙබ් අඩවිය දියත් කළේ ය. පිරිමි නිමි ඇඳුම්වල ප්‍රමුඛතම සන්නාමය ලෙස හඳුන්වන Vantage නිෂ්පාදන දැන් ඔබට www.vantage.lk වෙතට පිවිසිමෙන් ලබා ගන්න පුලුවන් වන අතර මෙම වෙබ් අඩවිය මගින් නව තාක්ෂණය වැළඳ ගැනීමට සහ ඒවා භාවිතා කරමින් පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් Ebony Holdings ආයතනය දක්වන විශේෂ අවධානය කැපී පෙනේ.

Vantage ආයතනය මෙම ගුණාත්මක භාවය තුළ ඉදිරි පියවරක් තබමින්, නව තාක්ෂණය ද මෙයට මුසු කර ගෙන ඇත. නොමිලේ බෙදා හැරීම සහ වාරික වශයෙන් ගෙවීමට ඇති හැකියාව නිසා විශාල පාරිභෝගිකයන් පිරිසකට vantage.lk ඔස්සේ නවීන විලාසිතාවල නිමි ඇඳුම් නිවසේ සිට ම ඇණවුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බව පවසයි.

Ebony Holdings හි සභාපති රස්මි රහීම් මහතා අදහස් දක්වමින් , “අපගේ අරමුණ හොඳ ම දේ පාරිභෝගිකයින් වෙත ලබා දීමයි. එය ඔවුන්ට හොඳ ම විලාසිතා ලබා දීමෙන් ඔබ්බට ගොස්, හොඳ ම පාරිභෝගික අත්දැකීමක් ඔවුන් වෙත ලබා දීම දක්වා දිවෙයි. මෙම නව වැඩිදියුණු කළ වෙබ් අඩවිය අපගේ ඒ මුල් අරමුණ යළි යළිත් සාක්ෂාත් කිරීමකි. මෙම නව වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින් වෙත දිගින් දිගටම හොඳ ම තත්ත්වයේ නවීනතම විලාසිතා පහසුවෙන් ලබා දීමට අපට හැකියාව ලැබෙනු ඇත. අප අනාගතයේ දී ද මේ ආකාරයෙන්ම අඛණ්ඩව නව විසඳුම් සහ ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් පාරිභෝගික තෘප්තිය උපරිම කිරීමට බලාපොරොත්තු වන්නෙමු” යන්නයි.

ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක ඉතිහාසයක් සහ උරුමයක් ඇති Ebony Holdings සමාගම සැමදා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් ම කැප වූ ආයතනයක් වේ. මෙම ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ දේශීය සහ විදේශීය වශයෙන් විශාල පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට Vantage සන්නාමය බලාපොරොත්තු වේ. අතීතයේ පටන් ම ගෝලීය ප්‍රමිතීන්වලට අනුරූප ව කටයුතු කළ මෙම ආයතනය, අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ තම ලකුණ තැබීම සඳහා මෙය අවස්ථාවක් කර ගනු ඇති බව නොඅනුමානය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *